බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

රටෙන් උදුරාගෙන ගොස් අපට  අහිමි  කළ  ඓතිහාසික  ඇත්දත්  මංජුසා….

ජර්මනියේ මියුනිච්හි ඇති මංජුසාවේ ඇත් දත් කැටයම් රූපණය කරන්නෙ රට පෘතුගීන්ට පාවා දුන් අවස්ථාව..

by editor
ජූලි 1, 2020
in සංස්කෘතිය
Schatzkammer-der-residenz

ජර්මනියේ  " Schatzkammer  Der  Residenz ",  හි  ඇති  දොන් ජුවන් ධර්මපාලව කැටයම් කළ ඇත් දළ මංජුසාව

Share on FacebookShare on Twitter

ආචාර්ය  කුසුම්සිරි  කොඩිතුවක්කු –

යටත්විජිත  අවධියේ  දී  අපට  අහිමිව  ගිය  සංස්කෘතික  දායාද  බොහෝ  ය .  ශ්‍රී  ලාංකීයයන්ගේ  කලා  කෞෂල්‍යය ,  තාක්‍ෂණික  මහිමය  මොනවට  පිළිබිඹු  කෙරෙන  යථෝක්ත  සංස්කෘතික  දායාද  අතර  විශිෂ්ට  කලා  නිර්මාණ ,  සාම්ප්‍රදායික  ගෘහ  මෙවලම් ,  අවි  ආයුධ ,  දේශීය  වාද්‍ය  භාණ්ඩ ,  වත්  සිරිත්  හා  බැඳුණු  භාණ්ඩ  පුස්කොළ  පොත්  හා  නොයෙකුත්  ලේඛන  යනාදිය  ද  වෙයි .

එලෙස  ශ්‍රී  ලංකාවෙන්  රැගෙන  ගිය  භාණ්ඩ ,  වර්තමානයේ  දකුණු  අප්‍රිකාව , ඔස්ට්‍රියාව,  බෙල්ජියම,  කැනඩාව,  ඩෙන්මාර්කය,  ජර්මනිය,  ප්‍රංශය,  මහාබ්‍රිතාන්‍ය,  අයර්ලන්තය,  ඉන්දියාව,  ස්විට්සර්ලන්තය, ස්වීඩනය ,  නෙදර්ලන්තය ,  පෘතුගාලය ,  යන  රටවල  කෞතුකාගාර  හා  කලාගාර  කීපයක  තැන්පත්  කර  ඇති  අතර  ඇතැම්  ඒවා  පුද්ගලික  එකතූන්  ලෙස  ද  පවතී .  ඓතිහාසික  හා  මානව  විද්‍යාත්මක  අගයකින්  යුතු  මෙම  කෞතුක  භාණ්ඩ  අතර  අතීත  නිර්මාණ  ලෙස  සැලකිය  හැකි  ඇත්  දළයෙන්  කළ  මංජුසා  කිහිපයක්  ද  වෙයි .

මධ්‍යකාලීන  ශ්‍රී  ලංකාවේ  විශිෂ්ට  නිර්මාණ  කෞශල්‍යයකට  දෙස්  දෙන  මෙම  මංජුසා  අතර  අග්‍රගණ්‍ය  කෘතීන්  දෙක  ඇත්තේ  ජර්මනියේ  මියුනිච්  නුවර  “Schatzkammer   der  residenz    ”  හීය .  16  වැනි  සියවසට  අයත්  මෙම  මංජුසා  දෙකෙන්  එකක  කෝට්ටේ  රජ  පැමිණි  ධර්මපාල  කුමරු  හා  බැඳුණු  සුවිශේෂී  සිද්ධීන්  ද  අනෙකෙහි  සමකාලීන  දේශපාලන  හා  සංස්කෘතික  අංග  කිහිපයක් ද  රූපරාමු  ලෙස  කැටයමට  නගා  තිබේ .

වියානාහි Kunsthistorisches-කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත්දළ මංජුසාව

මෙම  මංජුසා  දෙක  තරම්  ඓතිහාසික  වශයෙන්  වැදගත්කමක්  නොඉසුලුව  ද  තවත්  ඇත්දත්  මංජුසා  කීපයක්  ම  වියනාහි  “ කුන්ස්ටි  හිස්ටොරිෂන්  ”  කෞතුකාගාරය ,  ලන්ඩන්හි බ්‍රිතාන්‍යය  කෞතුකාගාරය  හා  වික්ටෝරියා  හා  ඇල්බට්  කෞතුකාගාරයෙහි  ද  දැකිය  හැකිය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ  අනුව  වියනාහි  මංජුසා දෙකක්  ඇති  අතර  ඉන්  එකක්  16  වැනි  සියවසට  ද  අනෙක  17/18  සියවස්වලටද  අයත්  වේ .  මින්  පළමු  මංජුසාවෙහි  දේව  කතා  හා  සම්බන්ධ  සිද්ධීන් ,  නර්තන  රූප ,  සත්ත්ව  රූප හා  මල්  ලියකම්  ද  දෙවැන්නෙහි  විසිතුරු  ලෙස  සැරසිලි  රටාවන්  හා  සංකලනය වූ  ගව ,  සිංහ ,  මුව  ආදී  සත්ත්ව  රූප  ද  කැටයමට  නගා  තිබේ .

Kunsthistorisches-Museum-Vienna.
වියානාහි Kunsthistorisches-කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත්දළ මංජුසාව

බ්‍රිතාන්‍යය  කෞතුකාගාරයෙහි  ඇති  මංජුසා  දෙකෙන්  එකක්  16  වැනි  සියවසට  අයත්  වන  අතර  අනෙක  18  සියවසට  අයත්  වන්නකි .  ඉන්  පළමු  වැන්නෙහි  නර්තන  රූප,  හංස  රූප,  සිංහ  රූප   හා  පළාපෙති  රටාව  තිරස්  තීරු  ලෙස  කැටයම්  කර  තිබේ.  අනෙක්  මංජුසාව  ද  විසිතුරු  ලෙස  සැරසිලි  රටාවන්ගෙන්  අලංකෘතය .

වික්ටෝරියා  හා  ඇල්බට්  කෞතුකාගාරයෙහි  ඇති  ඇත්දළ  මංජුසා  දෙකම  18  වැනි  සියවසට  අයත්වන  අතර  ඉන්  එකක  ඉදිරිපස  ගස්වැල්  හා  සතුන්  සහිත  පසුබිමක  ආදම්  හා  ඒවගේ  රූප  ද  අනෙකෙහි  නාරීලතා  මල්  හා  ලියවැල්  රටා  ද  විසිතුරු  ලෙස  කැටයමට  නගා  තිබේ.  මෙහිලා  දෙවනුව  සඳහන්  කළ  මංජුසාව  දැනට  විදේශීය  කෞතුකාගාරවල  ඇති  අපගේ  ඇත්දත්  මංජුසා  අතරින්  වටකුරු  හැඩැති  එකම  මංජුසාව  ද  වෙයි .

Victoria-and-Albert-Museum- London
ලන්ඩනයේ වික්ටා්රියාහි ඇල්බට් කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ඇත්දළ මංජුසාවක්

මෙම  ඇත්දළ  මංජුසා  අතරින්  මුලින්  ම  සඳහන්  කළ  ජර්මනියේ  ” Schatzkammer  Der  Residenz “,  හි  ඇති  මංජුසා  දෙක  ඓතිහාසික  වශයෙන්  අපට  වඩාත්  වැදගත්  වනුයේ  එහි  කැටයමට  නගා  ඇති  සිද්ධීන්  නිසාවෙනි .  ඒ  අනුව  එම  මංජුසා  දෙක  කෝට්ටේ  යුගය  හා  සම්බන්ධ  වැදගත්  ‘  ඓතිහාසික  මූලාශ්‍ර  ’  දෙකක්  ලෙස  ද  හැඳින්වුවහොත්  නිවැරදි  ය .

ධර්මපාල  කුමරු  හා  බැඳුනු  සිද්ධීන්   කැටයමට  නගා  ඇති  මංජුසාව  දිගින්  සෙ.මී.  30 ක්ද , පළලින්  සෙ.මී.  18ක්  හා  උසින්  සෙ.මී.  16  ක්ද  වන්නකි .  මෙහි  ඇත්දළ  කැටයම්  අතරෙහි  අලංකාරණ  කටයුතු  සඳහා  රත්රන් ,  රතුමැණික්  හා  නිල්  මැණික්  ද  යොදාගෙන  තිබේ .  මෙහි  පියන  දෙපස  බෑවුම්  සහිතව  ද  මුදුන  පැතිලිවද  වනසේ  නිර්මාණය  කර  තිබේ .

මෙහි  ආයත  චතුරස්‍රාකාර  පෙට්ටියෙහි  දිගු  පැති  දෙක  පියනෙහි  බෑවුම්  පැති  දෙක  හා  මුදුන  රූප  රාමු  තුනකට  බැගින්  ද  පළල්  පැති  දෙක  තනි  රූප  රාමු  වශයෙන්  ද  කැටයම්කරණය  සඳහා  උපයෝගී  කරගෙන  තිබේ .  ඒ  අනුව  මෙහි  මුළු  කැටයම්  රාමු  සංඛ්‍යාව  17  කි .

ඓතිහාසික සිද්ධියක් කැටයම් කළ මියුනිච් නුවර කෞතුකාගාරයේ ඇති ඇත්දළ මංජුසාව

මෙම  මංජුසාවෙහි  කැටයම්  සඳහා  ප්‍රස්තුතය  වී  ඇති  ධර්මපාල  කුමරු  කෝට්ටේ  යුගයෙහි  කැපී  පෙනුණු  චරිතයකි .  ‘ දොන්  ජුවන් ’  නමින්  පසුව  රජ  පැමිණි  ඔහු  පෘතුගීසීන්ට  වඩාත්  ගැතිව  කටයුතු  කළ  “ රූකඩ  පාලකයකු ”  ලෙස ද  වඩාත්  ප්‍රචලිතය .  ඔහු  1521  දී  කෝට්ටේ  රජ  පැමිණි  VII  වැනි  බුවනෙකබාහු  රජුගේ  පුත්‍රයන්  දෙදෙනාගෙන්  වැඩිමහලු  තැනැත්තාය .  මව  සමූද්‍රදේවී  කුමරියයි

බුවනෙකබාහු  රජුට  රයිගම්  බණ්ඩාර  හා  මායාදුන්නේ  නමින්  සොහොයුරන්  දෙදෙනකු  සිටියත්  ඔහුට  වඩාත්  අවශ්‍ය  වූයේ  තමන්ගේ  ඇවෑමෙන්  කෝට්ටේ  රජකම  ඒ  වන  විටත්  ළමා  වියේ  පසුවූ  ධර්මපාල  කුමරුට  ලබාදීමයි .  මෙහිදී  සිය  සොහොයුරන්ගෙන්  ( විශේෂයෙන්  ම  මායාදුන්නේ  කුමරුගෙන්  )  ධර්මපාල  කුමරු  ආරක්‍ෂා  කර  ගැනීමට  පෘතුගීසීන්ගේ  සහාය  ලබා  ගැනීම  සඳහා  පෘතුගාලයේ  III  වන  ජෝන්  රජු  වෙත  තනාපතීන්  යැවීමට  ද  බුවනෙකබාහු  රජු  අදහස්  කළේය .

ඒ  අනුව  බුවනෙකබාහු  රජු  ධර්මපාල  කුමරුගේ  රූපයක්  රන් ,  රිදී ,  ඇත්දළ  ආදියෙන්  කරවා  තානාපතීන්  දෙදෙනකු  අතේ  ලිස්බන්  නුවර  සිටි  පෘතුගීසී  රජු  වෙත  යවා  ඊට  ඔටුනු  පළඳවන  ලෙසත්  තමන්ගෙන්  පසුව  රජකමේ  උරුමක්කරු  ලෙස  ධර්මපාල  කුමරු  පිළිගන්නා  ලෙසත්  දන්වා  යැවීය .

තම  අපේක්‍ෂාවන්  මුදුන්පත්  කර  ගැනීම  සඳහා  මෙය  කදිම  අවස්ථාවක්  ලෙස  සැලකූ  පෘතුගාලයේ  රජු  මෙම  ඉල්ලීම  කෙරෙහි  පැහැදී  1543  මාර්තු  12  වැනි  දින  විශාල  ප්‍රභූ  පිරිසකගේ  සහභාගීත්වයෙන්  ධර්මපාල  කුමරුගේ  රූපයට  ඔටුනු  පැලඳවීය .  ඉන්  පසුව  ධර්මපාල  කුමරු  කෝට්ටේ  රජු  බවත්  ඔහු  සියලු  සතුරන්ගෙන්  ආරක්‍ෂා  කළ  යුතු  බවත්  දන්වා  සියලුම  පෘතුගීසී  නිලධාරින්ට  ආඥාා  පත්‍රයක්  ද  නිකුත්  කරන  ලදී .

අපගේ  පුරාවෘත්තයන්හි  සඳහන්  වන  ආකාරයට  ධර්මපාල  කුමරු  රජකමට  පත්වීමේ  පුවත  හා  එහි  පසුබිම  එලෙසය .  කෙසේ  වෙතත්  සමකාලීනව  ම  නිර්මාණය  වූ  ඉහත  විස්තර  කෙරුනු  මංජුසාවෙහි  මෙම  සිද්ධිය  නිරූපනය  කෙරෙන  අයුරු  තරමක  වෙනස්  මුහුණුවරක්  ගනියි .  ඒ  අනුව  පෘතුගීසී  රජු  ධර්මපාල  කුමරුගේ  රූපයට  ඔටුනු  පැලඳවීම  වෙනුවට  එහි  දක්වා  ඇත්තේ  කුමරුට ම  ඔටුනු  පැලඳවන  අයුරිනි .

යථෝක්ත  මංජුසාවෙහි  කැටයම්  සවිස්තරාත්මකව  මෙසේ  ය .  ඉදිරිපස  වම්  රූප  රාමුවෙහි  ධර්මපාල  කුමරු  දිව්රුම්  දීම  නිරූපිතය .  සිංහල  තනාපතිවරයා  විසින්  කුමරුගේ  දකුණත  පෘතුගීසී  රජුගේ  දකුණත  මත  තබා  මෙම  කාර්යය  සිදුකරනු  ලබයි .  රජු  පිටුපස  පෘතුගීසී  නිලධාරියකු  ද  ප්‍රධාන  තානාපතිවරයා  ද  මෙම  රූප  රාමුවෙහි  දක්වා  තිබේ .

මධ්‍යම  රූප  රාමුව  අගුල  සහිත  කොටසයි .  පලිහක  හැඩයට  නිමවා  ඇති  එම  අගුලෙහි  නිල්  හා  රතු  මැණික්  බැගින්  ඔබ්බවා  තිබේ .  අගුල  දෙපස  පෘතුගීසී  නාවික  සෙබළුන්  දෙදෙනෙකි.  ඉහළ  දෙකෙළවර  ශෛලිගත  සිංහරූප  දෙකකි .  පහළින්  ‘ හංස  පූට්ටුව ’  රටාවකි .

දකුණු  කෙළවරේ  රූප  රාමුවෙහි  නිරූපනය  කෙරෙනුයේ  පෘතුගීසී  රජු  විසින්  ධර්මපාල  කුමරුට  ඔටුනු  පැලඳවීමයි .  එම  ඔටුන්න    අපගේ  සාම්ප්‍රදායයික  මුර්ති  කර්ම  අතරෙහි  හමුවන  ‘ කරණ්ඩ  මකුටය ’  ට  සමාන  වූවකි .  මෙම  රූප  රාමුවෙහි  පෘතුගීසී  රජු  පිටුපස  හේවායකු  ද  කුමරු  පිටුපස  සිංහල  තනාපතිවරයා  ද  වෙයි .

මෙහි  පියනෙහි  ඉදිරිපස  ඇල  කොටසේ  වම්  රූප  රාමුවෙන්  දක්වා  ඇත්තේ  ධර්මපාල  කුමරුගේ  ළදරු  අවධියයි .  ඔහු  සිය  මව  වූ  සමූද්‍රදේවී  කුමරියගේ  දෝතෙහි  පසුවන  අතර  තවත්  කාන්තාවක්  ( කොාහාඹ )  අතු  දෙකක්  ගෙන  කුමරුට  ආවඩන  අයුරු  දක්වා  තිබේ .  මැදි  හා  දකුණු  පස රාමුවල  රජවාසල  නර්තන  අංග  විසිතුරු  ලෙස  කැටයමට  නගා  තිබේ .

මංජුසාවෙහි  පිටුපස  රූප  රාමු  තුනෙන්  දක්වා  ඇත්තේ  බුවනෙකබාහු  රජුගේ  දෙවෙනි  බිසොවක්  ( යකඩ  දෝලියක් )  වූ  පද්මා  බිසොවයි .  වම්  හා  දකුණු  රූප  රාමුවල  ඇය  බෙර  හා  නලා  වයන්නෙකු  අතරෙහි  දක්වා  තිබේ .  ඇයගේ  උරහිසෙහි  ඇති  කෙටේරිය  ඇය  යකඩ  දෝලියක්  බව  සංකේතවත්  කරන  බවත්  පසුබිමෙහි  දක්වා  ඇති  මල්  තුන ,  පද්මා  බිසොව  බව  සංකේතවත්  කරන  බවත්  ආර් . එච් . ඩී . එච් ද සිල්වා  සඳහන්  කරයි .  පියනෙහි පිටුපස  ඇල  කොටසෙහි  රූප  රාමු  තුනෙන්  වම්  රූප  රාමුව  බුවනෙකබාහු  රජු  නන්දි  ( ගව )  වාහනාරූඪ  ශිව  දෙවියන්ට  නමස්කාර  කරන  අයුරු  දක්වා  ඇති  අතර  අනෙක්  රූප  රාමු  දෙකෙන්  කඩු  ශිල්ප  දක්වන්නන්  නිරූපිතය .

මංජුසාවෙහි  දෙපස  රූප  රාමුවලින්  වම්  රූප  රාමුවෙන්  බුවනෙකබාහු  රජුගේ  මෞලී  මංගල්‍යය  නිරූපිතය .  රජු  මකර  තොරණක්  යට  සිංහාසනාරූඪව  සිටියි.  මකර  තොරණ  දෙපස  දේව  රූප  ද  දක්වා  තිබේ .  සිංහාසනය  දෙපස  රයිගම්  බණ්ඩාර  හා  මායාදුන්නේ  යන  රජුගේ  සොහොයුරන්  දෙදෙනා  සිටගෙන  සිටින  අතර  ඔවුන්  පිටුපස  ඡත්‍ර  දරන්නන්  දෙදෙනෙකි .  සිංහාසනයට  දකුණු  පසින්  රජුගේ  පුරෝහිත  බමුණා  ය .  වම්පස  ක්ෂත්‍රීය  කන්‍යාවකි .  ( මෞලී  මංගල්‍යයන්හිදී  ක්ෂත්‍රීය  කන්‍යාවන්  යොදාගැනීම  සාම්ප්‍රදායයිකව  භාවිතයේ  පැවති  චාරිත්‍රයකි .)

අනෙක්  පස  රූප  රාමුවෙන්  දක්වා  ඇත්තේ  ප්‍රධාන  සිංහල  තනාපතිවරයා  බුවනෙකබාහු  රජුගේ  පණිවුඩය  රැගෙන  ලිස්බන්  නුවර  පෘතුගීසි  රජු  හමුවීම  සඳහා  ඇතෙකු  පිට  නැග  පිටත්වන  අයුරු ය .  ඇතු  පිට  තවත්  දෙදෙනෙකි .  පිටුපස  හේවායින්  දෙදෙනෙකි .  ඉදිරිපස  තවත්  අයෙකි .

මංජුසාවෙහි  පියන  මතුපිට  රූප  රාමු ,  ලියවැල්  රටාවලින්  අලංකෘතය .  එම  රටා  අතරෙහි  ගිරා  හා  ලේන  රූප  ද  දක්වා  තිබේ .  මේ  අතර  මංජුසාවෙහි  රූප  රාමුවලට  පහළින්  සිංහ  රූප  පෙළකි .  රූප  රාමු  අතර  අරිම්බුව ,  පළාපෙති ,  කුන්දිරක්කන්  අද  සාම්ප්‍රදායයික  සැරසිලි  රටා  තීරයන්  දක්වා  තිබේ .

මේ  අතර  දිගින්  සෙ.මී.  25 ක්  ද  පළලින්  හා  උසින්  සෙ.මී.  14  ක්  හා  15 ක්  ද  වන  අනෙක්  මංජුසාව  රත්රන් ,  රන්  ආලේපන  රතු  මැණික් ,  දියමන්ති ,  මුතු  හා  වෙනත්  විසිතුරු  ගල්  වර්ගවලින්  ද  අලංකාරවත්  වූවකි.

ඉහත  විස්තර  කළ  මංජුසාවෙහි  මෙන්  මෙහි  සිද්ධීන්  අතර  සබඳතාවක්  හඳුනාගත  නොහැකි  නමුදු  සමකාලීන  සමාජ  –  ආර්ථ’ක  පසුබිම  පිළිබඳ  වැදගත්  තොරතුරු  රැසක් ම  මෙම  රූප  රාමු  අනුසාරයෙන්  හඳුනාගත  හැකිවිණි.  කැටයම්  වඩාත්  සංකීර්ණ  ලෙස  නිමවා  ඇති  මෙහි  රූප  රාමු  බෙදා  ඇති  ආකාරය  ඉහත  මංජුසාව  පරිදිම  වේ .

මෙහි  ඉදිරි  රූප  රාමු  තුනෙහි  වම්  රූප  රාමුවෙන්  දක්වා  ඇත්තේ  සටනක  නියැලෙන  පෘතුගීසි  අශ්වාරෝහක  සෙබළුන්  දෙදෙනෙකි .  මධ්‍ය  රූප  රාමුවෙහි  අගුලට  පහළින්  මේසයක්  දෙපස  වාඩිවී  සිටින  සිංහල  නිලධාරියෙකු  හා  පෘතුගීසි  නිලධාරියෙකි .  ඒ  දෙපස  සිටගත්  එක්  අසකු  බැගින්  වේ .  දකුණු  රූප  රාමුවෙන්  අසෙකු  පිට  නැගගත්  පෘතුගීසි  රජු  හෝ  ප්‍රතිරාජයා  නිරූපිතය .  ඔහු  පිටුපස  අවිගත්  සෙබළුන්  දෙදෙනකි .

පියනෙහි  ඉදිරි  ඇල  කොටසෙහි  රූප  රාමු  තුනෙන්  ම  නර්තනයේ  යෙදෙන  කාන්තාවන්  නිරූපිතය .  එහි  පිටුපස  ද  දක්නට  ලැබෙනුයේ  නර්තන  රූපය .

මංජුසාවෙහි  පළල්  පැති  දෙකෙහි  රූප  රාමු  අතරින්  වම්පස  දක්නට  ලැබෙනුයේ  හස්තියකුගේ  පිට  නැගගත්  සිංහලයන්  තිදෙනෙකි .  හස්තියා  හොඬවැලෙන්  මලක්  දරා  සිටියි .  මෙම  රූප  රාමුව  කලින්  විස්තර  කළ  මංජුසාවෙහි  දකුණු  පැත්තෙහි  ඇති  සිංහල  තානාපතීන්  ලිස්බන්  නුවර  බලා  පිටත්ව  යෑමේ  රූප  රාමුවට  බොහෝ  සෙයින්  සමාන  වූවකි .

මේ  අතර  දකුණු  පැත්තෙහි  මකර  තොරණක්  යට  සිංහාසනාරූඪව  සිටින  රජ  කෙනෙකි .  රජු  එක්  පයක්  ඉදිරියට  හෙළා  වාඩිවී  සිටියි.  රජුගේ  ඔටුන්න  කේතුකාකාරය . සිංහාසනය  දෙපස  කාන්තා  රුවක්  හා  පිරිමි  රුවකි.  ඔවුන්  පිටුපස  ඡත්‍ර  දරන්නන්  දෙදෙනෙකි .  මෙම  කැටයමින්  නිරූපිත  රජු  කවරෙක්දැයි  නිශ්චිතවම  හඳුනාගත  නොහැකි  වුවත්  කලින්  විස්තර  කළ  මංජුසාවෙහි  වම්පස  කැටයම්  කර  ඇති  බුවනෙකබාහු  රජුගේ  රූපයට  මෙය  සමාන  බැවින්  මෙයින්  ද  නිරූපනය  වනුයේ  VII  වැනි  බුවනෙකබාහු  රජු  යැයි  සිතිය  හැකිය .

මෙම  මංජුසාවෙහි  ඉහත  කැටයම්  හැරුණු  විට  ලියවැල් ,  ගල්  බිංදුව  වැනි  සැරසිලි  රටා  තීරයන්ගෙන්  ද  හංස  රූප ,  සිංහ  රූප  හා  දඩයමෙහි  යෙදෙන  සතුන්  දැක්වෙන  කැටයම්  තීරයන්ගෙන්  ද  අලංකෘතය .

මේ  කෙසේ  වෙතත්  අපගේ  ම  ඉතිහාසයෙහි  සුවිශේෂ  අංග  බඳු  වූ  මෙම  නිර්මාණ  අපගේ  නෙත්  දෙකෙන්  දැක  බලා  ගැනීමේ  භාග්‍යය  අද  අපට  අහිමි  වී  තිබේ .  යුරෝපීය  ජාතීන්  අද  මෙම  වටිනා  කෞතුක  භාණ්ඩ  ඔවුන්ගේ  කෞතුකාගාරවල  ප්‍රදර්ශනයට  තබා  තිබුණ  ද  ඒවායේ  නියම  උරුමක්කරුවන්  වනුයේ  ශ්‍රී  ලාංකිකයන්ය .  එසේ  ම  මෙම  කෞතුක  භාණ්ඩ  විද්‍යමාන  කරනුයේ  අතීත  ශ්‍රී  ලාංකිකයන්ගේ  නිර්මාණ  කෞශල්‍යයයි .  එහෙයින්  මෙවැනි  වැදගත්  කෞතුක  භාණ්ඩවල  ආකෘති  හෝ  අපගේ  ජාතික  කෞතුකාගාරවල  ප්‍රදර්ශනයට  තැබීමට  කටයුතු  කරන්නේ  නම්  එය  ජාතියට  ම  කරන  විශාල  සේවාවක්  වන්නේ  ය .

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share212Tweet43
Previous Post

පොලිසිය අද හෙටම ටියුෂන් පන්තියට එන හැඩ

Next Post

2011 ලෝක කුසලානයේදී කාසිය දෙවරක්ම උඩ දමන බව කපිල්දේව් කලින් කියලා

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.