සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2011 ලෝක කුසලානයේදී කාසිය දෙවරක්ම උඩ දමන බව කපිල්දේව් කලින් කියලා

හිටපු ශ්‍රී ලංකා නායකයෙකුට කපිල්දේව් කී බව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් තැන තැන කියපු කතාව ඇත්තද?

by editor
ජූලි 1, 2020
in ක්‍රීඩා
2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාව

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අවස්ථාව

Share on FacebookShare on Twitter

 

  • මෙවැනි අභ්‍යව්‍ය සිදුවීමක් දැන දැනත් අයි.සී.සී.යට පැමිණිලි නොකිරීම ප්‍රශ්නයක්
  • නැතිනම් හිටපු ක්‍රිකට් නායකයා කියන ගල් පැලෙන බොරුවක්

ආන්දෝලනයට තුඩු දී ඇති 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දෙවරක් උඩ දමන බවට හිටපු ඉන්දීය ක්‍රිකට් නායක කපිල් දේව් තරගයට කලින් දිනයේ දැන සිටි බවට හිටපු ශ්‍රී  ලංකා ක්‍රිකට් නායකයකු සඳහන් කරයි.

කපිල් දේව් යනු ඉන්දියාවට 1983  දී පළමු වරට ක්‍රිකට් ලෝක කුසලාන දිනා දුන් නායකයාය. කපිල්දේව් ආරම්භක වේග පන්දු යවන්නෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයකි. අයි.පී.එල්. ආරම්භ කිරීමට පෙර සී.පී.එල්. නමින් පළමු වරට ඉන්දියානු විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලියක් ආරම්භ කිරීමේ මුලසුන ගත් පුද්ගලයෙකි. පසුව එය නීති විරෝධී බවට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් සමග අයි.පී.එල්. ආරම්භ විය.

කෙසේ වෙතත් ලෝක කුසලානයේ   කාසියේ වාසිය දෙවරක්ම   උඩ දමන බවට කපිල්දේව් දැනගෙන සිටියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2011 ලෝක කුසලානයේ කාසියේ වාසිය දෙවරක් උඩ දැමීමට සිදු වුයේ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි සහ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර දෙදෙනාම වාසිය තමන් සතු කරගත් බවට විශ්වාස කිරීම හේතුවෙනි. නමුත් කාසියේ වාසිය උඩ දැමීමට පෙර අදාළ කාසියේ දෙපැත්ත හෙඩ් සහ ටේල් යනුවෙන් දෙදෙනාම අවබෝධ කර ගනියි.

මුම්බායි හී වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති එම අවසන් මහා තරගයේදී ඉන්දියානු නායකය දෝනි විසින් උඩ දැමු කාසියේ වාසිය හෙඩ් යනුවෙන් සංගක්කාර වාසිය ඉල්ලුවේය.  ඒ අනුව සංගක්කාර කාසියේ වාසිය දිනා ගත්තද දෝනි පවසන්නේ ඔහු එය දිනා ගත් බවයි. විස්තර විචාරක රවී ශාස්ත්‍රිද ‘කෝල් හෙඩ්’ යනුවෙන් හඬ නගා කියද්දී දෝනි කියන කතාව වෙන එකකි.

අවසානයේදී රවී ශාස්ත්‍රි ඇසුවේ මොන පැත්තද හෙඩ්, මොන පැත්තද ටේල් යනුවෙනි.

තරග තීරකවරයා යළිත් හෙඩ් ටේල් දෙදෙනාට පෙන්නා කාසියේ වාසිය දෙවැනි වරටත් උඩ දැමීමට නියම කළේය. දෙවැනි වරද කාසියේ වාසිය කුමාර් සංගක්කාර දිනා ගනිමින් පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට තෝරා ගත්තේය.

අදාළ ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසියේ වාසිය විශේෂිත කාසියක් ලෙසින් සකස් කර තිබු අතර එහිදී නායකයන් දෙදෙනා කාසියේ වාසිය උඩ දමන විට තරග තිරක ජෙෆ් ක්‍රෝ ද එම ස්ථානයේ සිටියේය. සාමාන්‍යයෙන් පාසල් තරගයක වුවත් කාසියේ වාසිය උඩ දමන විට ප්‍රතිවාදියා ඉල්ලන වාසිය විනිසුරුවරයා විසින් අනෙක් නායකයාට ඇසෙන සේ හඬ නගා කියයි.

ලෝක කුසලාන ඉතිහාසයේ කාසියේ වාසිය දෙවරක් උඩ දැමීම අතිශය අභව්‍ය සිදුවීමක් වන්නේය.  ඇතැම් විට තරග පාවාදීම් හෙවත් මැච් ෆික්සින් කිරීමක් විය හැකි බවට සිතෙන්නේ ඒ නිසාය. ඒ බව කපිල්දේව් කලින් දැනගැනීම ඒ සැකය යම්තාක් දුරට සහතික කරන්නේය.

කාසියේ වාසිය උඩ දැමීමෙන් තරගයක් පාවා නොදුන්නද යම් කිසි බුකි කරුවෙකු විසින් අවසන් තරගයේ කාසියේ වාසිය දෙවරක් උඩ දමන බවට ඩොලර් මිලියන ගණනක් ඔට්ටු දමා අදාළ පුද්ගලයන්ටද ඉන් සෑහීමකට පත්විය හැකි ගණනක් ලබා දීමද ‘තරග පාවාදීම යටතට වැටෙන්නේය.

කපිල් දේව් 2011 අප්‍රේල් මස 2 වැනිදා පැවැති අවසන් මහා තරගයේ විස්තර විචාරකයකු වශයෙන්ද කටයුතු කරනු දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් නායකයකුට ඔහු අප්‍රේල් 01 වැනිදා තමන්ගේ දුරකතනයට ලැබුණු එස්.එම්.එස්. පණිවුඩය පෙන්වා පවසා ඇත්තේ හෙට තරගයේ කාසියේ වාසිය දෙවරක් උඩ දමන බවය. ඇතැම් විට එය අප්‍රේල් 01 වැනිදා මෝඩයාගේ දවසේ කියු බොරුවක් විය හැකිය. නමුත් කාසියේ වාසිය දෙවරක් උඩ දැමුවේය. ඒ දෙවතාවම ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර එය දිනා ගත්තේය.

කපිල් දේව් පෙන්නු එස්.එම්.එස්. පණිවුඩය සම්බන්ධයෙන් මෙරට හිටපු ක්‍රිකට් නායකයා අයි.සී.සී.යට පැමිණිලි නොකර හිතවතුන්ට එය කීම උගතෝකොටික ප්‍රශ්නයකි. නැතිනම් එය මෙරට හිටපු ක්‍රිකට් නායකයාගේ බොරුවකි.

Share75Tweet43
Previous Post

රටෙන් උදුරාගෙන ගොස් අපට  අහිමි  කළ  ඓතිහාසික  ඇත්දත්  මංජුසා….

Next Post

ක්‍රිකට් දුෂණය ආරම්භ උනේ 2008 දි… අර්ජුන කියයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.