බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

නුවර පෙරහැරේ යන අලි ඇතුන් ගැන එම අලි ඇතුන්ගේ වෛද්‍යවරයා ලංකා සර සමඟ  කතා කරයි

by Lanka Sara Editor
අගෝස්තු 19, 2023
in සමාජ, සංස්කෘතිය
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ – ශ්‍රියානි විජේසිංහ

නුවර දළදා  පෙරහැරට තව ඇත්තේ නොබෝ දිනකි.  රන්දෝලී පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් මේ වන විටත් මාළිගා පරිශ්‍රයේ රඳවා තබා සිටිති. පෙරහැරේ ගමන් කිරීමට මත්තෙන් මාස දෙකක පමණ කාලය සිට පෙරහැරේ යන අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයව පරීක්ෂා කිරීම ආරම්භ කරනුයේ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ අංශ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසිනි. වසර 1988 සිටම දළඳා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නේද මහාචාර්ය අශෝක දංගල්ල ය.

මේ දිගහැරෙන්නේ පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන් සම්බන්ධව   අත්දැකීම් හා කාර්යයයන් පිළිබඳ මහාචාර්ය අශෝක දංගොල්ල සමඟ ලංකා සර කළ සංවාදයකි.

මහාචාර්ය අශෝක දංගල්ල

ප්‍රශ්නය – අලි ඇතුන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන්නේ කෙසේද?

උත්තරය – හැමදාම සවස 4 පමණ වන විට මගේ  වෛද්‍ය  කණ්ඩායම නුවර මාළිගා පරිශ්‍රයේ  ගාල්කර සිටින  අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම පැමිණෙනවා. මෙහිදී අලි ඇතුන්ගේ ළඟට කිට්ටු වී උන්ගේ හැසිරීම් රටාව හොඳින් නිරීක්ෂණය කරනවා. මෙහිදී සතාගේ හැසිරීමේ වෙනසක්, එක්කො මළානික බවක් නැතිනම් අධික්‍රියාරී බවක්,  පෙන්නුම් කරයි නම් අපි ඇත්ගොව්වාගෙන්  මේ පිළිබඳ විශේෂයෙන්ම විමසීමක් කරනවා. සමහර සතුන් රංචු වශයෙන් ඉන්න කැමති නැහැ. සමහර උන් පෙරහැරේ යන්න කැමති නැහැ. සමහර උන් නිතර අනික් සතාට අභියෝග කරන්නමයි හදන්නේ. එහෙම අලි ඇතුන් අපි වෙන්කර තියෙනවා. මදකිපුණු  අලියෙක් නම් අනික් අයගෙන් වෙන් කරනවා. අපි සති දෙකක යන් කල ඌව අතපත ගාන්න යන්නේ  නැහැ.

ප්‍රශ්නය – සතුන්ගේ යම් වෙනසක් සිදුවී තිබුණොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

උත්තරය – මෙහිදී අපි විශේෂයෙන්ම අලි ඇතුන්ගේ හෝමෝන පරීක්ෂාවට ලක්කරනවා. හෝමෝනවල යම් වෙනස්වීමක් සිදුවෙලා තියෙනවා නම් ඒවා ඖෂධ ප්‍රතිකාරයන් ලබා දී යථා තත්ත්වයට පත්කරන්නේ නැහැ. ස්වාභාවයෙන්ම යථා තත්ත්වයට පත්වෙන්න ඉඩ හරිනවා. ස්වාභාවයෙන්ම යථා තත්ත්වයට පත් නොවුවහොත් එවැනි අලි ඇතුන් පෙරහැරේ අරගෙන යන්න අවසර දෙන්නේ  නැහැ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මොකද අලි ඇතුන් කියන්නේ  කැලෑ සතුන්  මේ කෑලෑ සතුන්ට  කැලේ ඉන්න නොදී උන්ව  අපි අපේ සංස්කෘතිය පවත්වාගෙන යාම සඳහා හීලෑ කරලා තබා ගන්නවා. හෝමෝන වෙනස් වීමත් එක්ක උන් කෑලෑ ගති ‌පෙන්වන්න පටන් ගන්නවා. පෙරහැරේ යන විට කැලෑ ගති පෙන්නුවොත් ඇතිවෙන්නේ මහ කළබලයක්.

ප්‍රශ්නය – අසනීප වූ සතුන් සඳහා ගන්නා පියවර මොනවාද?

උත්තරය – ඒ වගේම තමයි සුපුරුදු ලෙස ආහාර නොගන්නා , බඩ බුරුල්කර යාම්, මලබද්ධය පවතින අලි ඇතුන්  කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර උන්ට  ඖෂධ ප්‍රතිකාර ලබා දී රෝග තත්ත්වයන් සුවපත් නොවුණහොත්  පෙරහරේ ගමන්  කිරිමට ඉඩදෙන්නේ නැහැ.

තව ලේ පරීක්ෂා කරලා හිමොග්ලොබින් අඩුවක් තියෙනවා නම් හිමොග්ලොබින් වැඩිවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. පණු බෙහෙත් දෙනවා.

තවත් දෙයක් තමයි හැසිරීමේ යම් වෙනසක් දුටුවොත්, වයස්ගත අයට පෙරහැරේ ගමන් කරන්න ඉඩ දෙන්නේ නැහැ.

පෙරහැර  කාලේට අලි ඇතුන් රංචුවක් එකට ඉන්න විට කීප දෙනෙකුට විවිධ රෝග හැදෙනවා. හුඟාක්ම හැදෙන්නේ බඩේ අජීර්ණ තත්ත්වයන්. ඒ වගේ සතුන්ටත් පෙරහැරේ ගමන් කරන්න ඉඩදෙන්නේ නැහැ.

ප්‍රශ්නය – විශේෂයෙන්ම සතුන්ගේ පරීක්ෂා කරන තත්ත්වයන් තිබෙනවාද?

උත්තරය – ගැහැනු සතුන්ව ගැබ් ගැනීම් පරීක්ෂාව මේ කාලෙට කරනවා. ඒ ගැන අපටත් වඩා උනන්දුවකින් කටයුතු කරන්නේ අලිඇතුන්ගේ භාරකරුවන්.

විදේශීය අලි ගැන අපි විශේෂ අවදානයක් යොමුකරලා කටයුතු කරනවා. මේ දවස්වල  අලි ඇතුන් අපට තෑගි කළ  විදේශ රටවල් හොඳ අවදානයෙන් සිටිනවා. කොහොමත් අපි එදා ඉඳලාම විදෙස් අලි ඇතුන් කෙරෙහි විශේෂ අවදානයක් යොමුකරලා කටයුතු කරනවා.

‍තවත් දෙයක් තමයි පෙරහැර කාලෙට මේ සතුන්ට විශේෂ  ඖෂධ වර්ගයන් දීමට අවශ්‍ය වුණොත් අපි ඒවා විදේශ රටවලින් විශේෂ අවසරයක්  මඟින් ලබා ගන්නවා.

ප්‍රශ්නය – හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට සූදානම් වන්නේ කෙසේද?

උත්තරය – පෙරහැරේ ගමන් මාර්ගය පිලිබඳ අපි හොඳ අවබෝධයක් ලබා ගන්නවා. හදිසි අවස්ථාවක් වුණොත් අලි ඇතුන් ගැටගහලා තියන්න තැනක් තියෙනවාද කියලා සොයා බලනවා.

ප්‍රශ්නය – පෙරහැර අතරතුර සතකුට රෝගී තත්ත්වයක ඇති වුණොත් ඊට සූදානම කොයි වගේද?

උත්තරය – පෙරහැරක පශු වෛද්‍යවරුයෙකු ගමන් කරන විට ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දෙනවා. මොකද සමහර වෛද්‍යවරු පෙරහැරක ගමන් කරන්න දැනුමක් නැහැ. අපි හැමවිට අලි ඇතුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කරමින් සිටින පිරිසක්. ඒ නිසා  උන්ගේ හැසීරීම් රටාව ගැන හොඳ   අවදානයෙන් දැනුමෙන් සන්නද්ධව  සිටිය යුතු වෙන්නේ.  පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ ගිනිනිවීමේ රථ, ගිලන් රථ සූදානමින් තිබෙනවාද යන්න පිලිබඳ දැනුම්වත්ව සිටිය යුතුයි.

දළදා වහන්සේ වැඩම කරවීම සඳහා මේ ඇත් රජවරුන් සිවු දෙනාගෙන් අයෙකුට අවස්ථාව ලැබෙනු ඇත.

ප්‍රශ්නය – දළඳා කරඬුව ගෙන යන ඇතා කවුද යන්න තීරණය කරන ක්‍රියා පිළිවෙත කුමක්ද?

උත්තරය- දළඳා කරඬුව ගෙන යන්නේ මොන ඇතාද  කියලා තීරණය කරන්නේ දියවඩන නිළමේ.  නිළමේ විශේෂයෙන්ම  ඔහු තෝරාගන්න ඇතා පිලිබඳ අපගෙන් හොඳ විස්තරයක්  ලබා ගන්නවා. විශේෂයෙන්ම ඇතාගේ චර්යාවන් ඌ කලබලකාරයෙක්ද නැතිනම් කම්මැලිකාරයෙක්ද, නිතර රෝගී වෙන කෙනෙක්ද, කෑම හොඳින් කන නොකන බව, ආදී සියලුම ශරීර සෞඛ්‍ය ගැන මනා අවබෝධයක් ලබා ගන්නවා. ඇතාට ඇඳුම් අන්දවලා පෙරහැර ගමන් කිරීමට සූදානම් වුණාම තමයි නිළමේ තීරණය කරන්නේ කරඬුව ගෙනියන්නේ මොන ඇතාද කියලා .”

ප්‍රශ්නය – 1988 සිටම දළඳා පෙරහැරේ ගමන් ගන්නා අලි ඇතුන්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඔබට අමතක නොවන සිදුවීම් බොහෝමයක් ඇති නේද?

උත්තරය –  එක පෙරහැරකදී  පෙරහැරේ ගමන් කළ අලි ඇතුන් ගමන් මග වෙනස්  කරලා දඟලන්න පටන් ගත්තා. උන් කොහොමත් දැඟලිලිකාරයන්. මේක බලාගෙන හිටපු අහිංසක කට්ටියකුත් උන් එක්ක දඟලන්න පටන් ගත්තා. මට පණිවිඩ ලැබිලා මම යනකොට දැඟලිලිකාරයින් ටික හොඳ බාබාල වගේ පෙරහැරේ යනවා. අහිසංකයින් ටික අහුවුණා. ඒ වෙලාවේම අහිංසකයින්ව පෙ‌රහැරෙන් අයින් කලා”

තවත් එක් සිදුවීමක් තමයි පෙරහැරේ යන්න සියල් සූදානම් කරලා ඉන්දිරාජාගේ පිටේ කරඬුව බැඳලා දැන  ඉන්දිරාජාගේ එක් පැත්තකින් කෑගල්ලේ ඇතැව දැම්මා. දැන් පෙරහැරේ ගමන් කරනවා. කෑගල්ලේ ඇතා එක පාරමට ඉන්දිරාජාට පයින් ගැහුවා. අපි ඔක්කෝම බය වුණා. ඉන්දිරාජ කිසිම ගානක් නැතිව පෙරහැරේ අයිනෙන් පාඩුවේ ගමන් කළා  ”

තව දවසකත  අමතක නොවන සිදුවීමක් වුණා. ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දුවගෙන ඇවිත් මාගේ වාහනයට නැග්ගා. මම ඇහුවා මොකද කියලා. එතකොට කිව්වා ඇතෙක් කුලප්පු වෙලා පෙරහැරෙන් පැනලා එනවා කියලා.  එතකොටම ඇතා ඒනවා. ඌ පෙරහැර මගහැරලා ආපහු  මාළිගාවට යනවා. ඌ කාටවත් කරදරයක් නැතිව මාළිගාවට ගියා.”

ප්‍රශ්නය – මේ සතුන් සහ මිනිසුන් අතර ඇති බැඳීම් ගැනත් ඔබට අත්දැකීම් ඇති?

උත්තරය – තවත් දවසක් ඇත්ගොව්වෙකුගේ පුදුම හැසිරීමක් මම දැක්කා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. ඇතාගේ දම්වැලේ එල්ලිලා මේ මනුස්සයා පෙරහැරේ ගමන් කරනවා. ඇතාගේ පුරුදු කාරයා නිසා මම ඒ තරම් බැලුවේ නැහැ. මුළු පෙරහැරේම ගමන් කරලා අවසානයේදී මේ මනුස්සයාට හොඳටම අමාරුවෙලා රෝහල් ගත කලා. ඒත් එක්කම ඔහු මිය ගියා. මොකද මේ ඇත් ගොව්වාට හෘදයාබාධයක් හැදිලා. තිබෙන වේදනාවටම අලියාගේ දම්වැලේ එල්ලිල‍ා. අන්තිම හුස්ම පොද  පෙරහැර අවසන් වෙනකල් රැකගෙන  හිටියා”

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආන්දෝලනයට ලක් වූ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවයි!

Next Post

පැහැරගත් බවට  රඟ පෑ  කොලොන්නේ ව්‍යාපාරිකයා 24 තෙක් රිමාන්ඩ්!

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.