අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැහැරගත් බවට  රඟ පෑ  කොලොන්නේ ව්‍යාපාරිකයා 24 තෙක් රිමාන්ඩ්!

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පැහැරගැනීමට ලක් වූ බව කියා සැඟවී සිටියදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කොලොන්නේ ව්‍යාපාරිකයා සහ ඔහුට රැකවරණය සැපයූ පුද්ගලයින් දෙදෙනෙක්  අද ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම පුද්ගලයා අභිරහස් ලෙස අතුරුදන් වී ඇති බවට ඔහුගේ බිරිය පෙරේදා (17) කොලොන්න පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. ඒ ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කළේය.

ඒ අතර අදාළ ව්‍යාපාරිකයා ගමන් කළ වෑන් රථය අනිල්කන්ද පොදු සුසාන භූමිය ආසන්නයේ තිබී පොලිසිය විසින් සොයාගන්නා ලදී

රථයේ රියදුරු අසුනේ මිරිස් කුඩු විසිරී තිබූණි. එහෙත් ඒ මිරිස් කුඩු විසිරී ඇති ආකාරයේ අතාත්වික බව නිරීක්ෂණය කළ පොලිස් විමර්ශකයන් මුල සිටම සැක කළේ මේ පුද්ගලයා අපරාධ ජවනිකාවක් මවා පලා ගොස් සැඟව සිටින්නට ඇති බවය.

මේ අතර ඔහු පෙරේදා රාත්‍රියේ රුපියල් ලක්ෂ 10ක මුදලක් දෙණියායේ පෞද්ගලික බැංකුවකින් ලබාගෙන, ඉන් රුපියල් 240,000ක් තවත් ගිණුම් හිමියන් දෙදෙනෙකුගේ ගිණුම්වලට බැර කර, තවත් රුපියල් 29,000ක් උකස් තැබූ රන් භාණ්ඩවල පොලිය ලෙස ගෙවා ඇති බව හෙළි විය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මේ පුද්ගලයා සැඟවී පලා ගොස් ඇතැයි යන මූලික සැකය මතම පිහිටා පොලිස් විමර්ශන අරඹා ඇති මොහාතක මිරිහාන පොලිසියට දුරකථන ඇමතුමක් ලැබුනේය. ඉන් කියැවී තිබුනේ අතුරුදහන් වූ කියන ව්‍යාපාරිකයා මිරිහාන ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ සැඟවී සිටින බවය.

වහාම ක්‍රියාත්මක  වූ මිරිහාන පොලිසිය අදාල නිවසට පැමිණෙන විට අතුරුදහන් වූ බව කියන පුද්ගලයා එම නිවසේ සිටිය දී හමු වී තිබේ.

ඔහුව අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුට නවාතැන් දුන් පුද්ගලයෙක් ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය හමුවේ ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමන් ලක්ෂ හැත්තෑවකට ආසන්න මුදලක් විවිධ පුද්ගලයින්ට ණය වී ඇති බවත් එම ණයෙන් ගැලවීම සඳහා මෙසේ අතුරුදහන් වීමක් සැලසුම් කළ බවත්ය.

අදාල සැක කරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කළ පසු ඔවුන් ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

Next Post

පාසල් දරුවන්ගේ දිවා ආහාරය වෙනුවෙන් ලෝක ආහාර සංවිධානයෙන් දුන් වියලි ආහාර ද්‍රව්‍යවලින් විශාල ප්‍රමාණයක් විනාශයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.