බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

දොඩන්දූවේ ජාඩි පුරාණය

by editor
මාර්තු 5, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාඩි කර්මාන්තයත් දොඩන්දුවේ ධීවරයිනුත්  අතර ඇත්තේ වෙන්කළ නොහැකි තරමේ සැබදියාවකි.    දොඩන්දුවේ ධීවරයින්  හා ජාඩි අතර  ඇත්තේ ඉතිහාසගත කථාන්දරයකි.  ජි.ඒ ලෙස්ලි ගාමිණි   විසින් රචිත පුරාණ ලංකාවේ වරායන් පිළිබඳ කෘතියේ ජාඩිගෙන ආ දොඩන්දුව වෙළෙන්දන්  ගැන හරි අපුරුවට විස්තරකොට ඇත්තේය.

දොඩන්දූවේ ජාඩි වරාය

එම කෘතියේ  දැක්වෙන පරිදි  එකළ දොඩන්දුව උතුරු සිමාවේ රේගු ගොඩනැගිල්ල පිහිටා තිබුණේය. දොඩන්දුව වරායෙන් ගොඩබැස ජාඩි පිප්ප ඇතුළු භාණ්ඩ  තැන්පත් කරනු ලැබුවේ මෙම  රේගු ගොඩනැගිල්ලෙහිය. රේගු ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය යුගයේ මුල්කාලයට අයත් වුවකි. 1970 වර්ෂයේ දි මෙම ගොඩනැගිල්ල කොහු කර්මාන්තය සඳහා කුඩා කර්මාන්ත දේපාර්තමේන්තුවට පවරා ගැනුණි. එකවර දොළොස් දෙනෙකුට පමණ ගමන් කළ හැකි   රුවල් නැවක විශාල ජාඩි පිප්ප 320ක් පමණ ප්‍රවාහනය කළ හැකිය. කෙසේවුවද 1930 වර්ෂයේ දී ලොඩ් ක්ලයිවිදි  නැමති නෞකාව විනාශවිමත් සමග  දොඩන්දුව වරායේ ක්‍රියාකාරිත්වය නතර විය.

ජාඩි දැමූ මාළු

එහෙත් රුවල් නෞකා 1967 වර්ෂය වනතෙක් දොඩන්දුව වරායට සෙන්දුවි තිබේ.  ඉන්දියාවෙන් ගෙනඑනු ලැබු ජාඩිවලට අමතරව  පුත්තලමේ සිට දොඩන්දුවට කරවල රැගෙන එනු ලැබුවේ ද මෙම  රුවල් නෞකා මගිනි. දොඩන්දුවේ ධීවරයින්  ත්‍රිකුණාමලය, මඩකළපුව කිරින්ද, මන්නාරම යන වරායන් සමග ද ගනුදෙණ කළහ.

ඉන්දියාවේ ජාඩි

ඒ කොයිහැටිවුවද. එකළ වැල්ලකරයේ ජනතාව අතර ජාඩි මාළුවත් රතු කැකුළුහාලේ බතුත්  පොල් සම්බෝලයත් ඉතා ජනප්‍රිය ආහාර වෙලකි. එකල මුහුදුකරයේ  සැම නිවසකම පාහේ මුළුතැන්ගෙයි ජාඩි මුට්ටයක් දක්නට තිබුණි. සැබවින්ම ජාඩි මාළුව රස නහර පිනා යන කෑම විශේෂයෙකි.   එකළ ඉන්දියාවේ කොචින් නගරයේ සිට  රුවල් නෞකා මගින් රැගෙන එනු ලැබු ජාඩි  හා කරවල, කැලිකට් උළු වළං   ගොඩබානු ලැබුවේ දොඩන්දුව වරායෙනි. එකළ ඉන්දියාවේ සිට ජාඩි දොඩන්දුව  වරාය වෙත රැගෙනවිත් ඇත්තේ පිප්පවල බහා රුවල් නෞකා මගිනි. දොඩන්දුව වරාය වෙත රැගෙන එනු ලැබු ජාඩි පීප්ප නගරවලට  හා  ගම්මානවල බෙදාහැර ඇත්තේ බරකරත්ත මගිනි. මේ සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාඩි කඩද ඇතිවිය. ඒ විතරක්  නොව දොඩන්දුවේ සිට ඉන්දියාවට ගිය මාළු මුදලාලිලා ඉන්දීය ධිවරයන්ගෙන් මාළු මිලදිගෙන ජාඩි කාර්මානයේ නිරතව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජාඩි දැමිම සඳහා  මාළුගෙනවිත් දෙන අය හැදින්වුයේ  කොමිස්කාරයින්  යනුවෙනි.  ජාඩි දැමිම සඳහා යොදාගනු ලැබුවේ ඉන්දියන් වෙඩිලුණුය. නැතිනම් පොකුරු ලුණුය.   දොඩන්දුවේ සිට ඉන්දියාවට ගිය මුදලාලිලා  මෙරටින් ගිය ශ්‍රමිකයින් ලවා ජාඩි සකස්කොට පිප්පවලට බහා රුවල් නෞකා  මගින් දොඩන්දුව වරාය වෙත රැගෙන එනු ලැබිය.

ජාඩි දාන්න ඉන්දියාවට ගිය දොඩන්දූවේ මිනිස්සු

එමෙන්ම දොඩන්දුවේ සිටි දක්ෂ වඩුකාර්මිකයින්  ජාඩි පිප්ප සැදිම සදහා ජාඩි මුදලාලිලා විසින් ඉන්දියාවට රැගෙන ගොස් ඇත. ඉන්දියාවේ මල්පේ සුවත් කැනරා ප්‍රදේශයේ  එකළ ජාඩිකර්මාන්තය ජයටම සිදුකරගෙන ගොස් ඇත. එක් කණ්ඩායමකට හතලිහක පනහක පමණ පිරිසක් ජාඩි මුදලාලිලා විසින් රැගෙන යනු ලැබිය. මෙකී වඩු කාර්මිකයින් හා ශ්‍රමිකයින් දුම්රියෙන්  තලෙයිමන්නාරමට ගොස් ඇත. ඉන්පසුව නෞකාවෙන් ඉන්දියාවේ ධනුෂ් කොඩිය වෙත ගොස් නැවත දුම්රියෙන් මල්ලේ ප්‍රදේශයට ගොස් තිබේ. මේ ගමනට දින දෙකහමාරක් පමණ ගතවි තිබේ..

එකළ ජාඩි පිප්ප සැදිම සදහා ඉන්දියාවට යන වඩු කාර්මිකයෙකුට රජය මගින් රුපියල් තුන්සියයක සහනාධාරයක්ද ලබාදි තිබේ. මෙකී  කටයුතු සඳහා යන කණ්ඩායම මාස හයක පමණ කාලයක් ඉන්දියාවේ ගතකොට යලි මෙරටට පැමිණෙති. රුවල්  නැවු මගින්  දොඩන්දුව වරායට රැගෙන එන ජාඩි පීප්ප   ජාඩි මුදලාලිලා විසින් රේගුවට බද්දක් ගෙවා නිදහස් කරගැනිමට කටයුතු කරණු ලැබීය.

ඒ කොයිහැටිවුවද 1970 වර්ෂයෙන් පසු  ඉන්දියන් ජාඩි දොඩන්දුවේ දි දක්නට නොලැබුණි.

ජාඩි හදන අත්ගුණය

කේ.එච් නිරෝෂා, අයේෂා සදමාලි, චන්ද්‍රිකා රෝහිණි

එහෙත් ජාඩි කර්මාන්තයේ නිරත කතුන් කිහිප දෙනෙකු  දොඩන්දුවේ දී අපට හමුවිය.  ස්වයං රැකියාවක් නැතහොත් ගෘහ කර්මාන්යක් ලෙස මෙම කතුන් ජාඩි කර්මාන්තයේ නිරතව සිටිති. දොඩන්දුව වැල්ලඅද්දර පදිංචි කේ.එච් නිරෝෂා (37)   ජාඩි කර්මාන්තයේ නිරත අයෙකි.

“හැමෝටම   ජාඩි දමන්න බැහැ. අත්ගුණයත්  තියෙන්න ඕන. නැතිනම් පණුවෝ දමනවා . මාළු කපලා බඩවැල් අයින් කරනවා. කරිජ්ජවලින්  හෝදලා ලුණු ගොරක දමලා  මුට්ටියක දමලා තියෙනවා. මාසයක් විතර ගියාට පස්සෙ ජාඩි  හැදෙනවා .

ජාඩි කිලෝවක් රුපියල් 600ක් විතර  වෙනවා. ජාඩි තියාගන්න පුළුවන් මාස දෙකක් පමණ කාලයක්.  ඊට පස්සේ කහ ගැහෙනවා. මාළු වැඩියෙන් හසුවෙනකොට  වැඩිපුර ජාඩි දමනවා. ඒත් දැන් ජාඩි විකුණාගන්න  ක්‍රමයක් නැහැ. ජාඩි දිනපතා මිලදිගන්න වැඩපිළිවෙළක් තියෙනවානම් අපිට හැමදාම ජාඩි දමන්න පුළුවන්. ඇත්තටම මේ කර්මාන්තය මේ ප්‍රදේශයේ කාන්තාවන් අතර ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා රජය මැදිහත් වෙලා වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි.“ නිරෝෂා කිවාය.

එම් ඩබ්ලිව් අයේෂා සදමාලි (31) ජාඩි කර්මාන්තයේ නිරත ගෘහණියකි. “ජාඩි දමන්න අම්මාගේන් තමයි ඉගෙන ගත්තේ.  අද ජාඩි වලට  වෙළද පොළක් නැහැ. කර්මාන්තයක් විදිහට ඒක අභාවයට යන විදිහක් තියෙන්නෙ.  ලින්නා  ජාඩි අලෙවිකරගැනිමේ තියෙන ගැටළු නිසා මේ ප්‍රදේශයේ කාන්තාවන් ජාඩි දැමිමේ කර්මාන්තයෙන් ඇත්වෙලා“ අයෝෂා සඳමාලි කිවාය.

ජාඩි මාළුව හදන හැටි –

ජාඩි කරිය

චන්ද්‍රිකා රෝහිණි (45) ජාඩි දැමිමේ නිරත පළපුරුදු කාරියකි. “ජාඩි හදන්න ගන්නෙ බලයි, අල‍ගොඩුවෙ වගෙ මාළු. ජාඩි හොඳ රහ කෑමක්. එත් අපේ කාන්තාවො ගොඩ දෙනෙක් ජාඩි උයන්න දන්නෙ නෑ.   ඒ නිසා ඉල්ලුම අඩුයි.  ඇතමුන් කියනවා ජාඩිවල පණුවෝ දානවා කියලා. එවා බොරු කතා. ජාඩි හදාගන්න දන්වා නම් හරිම රසවත් ආහාරයක් . ජාඩි උයන්නත් හරි පහසුයි.

ඇය ජාඩි හදාගන්නා අයුරුත් අපට කීවාය.

“ජාඩි අරගෙන ටික වෙලාවක්  පෙගෙන්න වතුරේ දමලා තියෙනවා. ඊට පස්සේ ලුණු තක්කාලි දමලා. මිරිස් කහ ගොරකා කිරි දමලා තැබෙන්න තියනවා.  පස්සේ ‍තෙල් ටිකක් රත්කරලා තෙම්පරාදුවක් දාලා ගන්නව.  ජාඩිත් එක්ක බත් කන්න පොල් මැල්ලුම තමයි හරියන්නේ. “  චන්ද්‍රිකා සිනාසෙමින් පැවසුවාය.

ජි මානවඩු (58)  හැවිරිදි මවකි. ඇය අප හා කතාබහට එක් වූවාය. “ අපි පොඩි කාලෙත්    මේ පැත්තේ ඇත්තො   ජාඩි කර්මාන්තය ඉතා සරුවට කරගෙන ගියා.  හොඳ ආදායමක් ලැබුවා.  නමුත් දැන් ජාඩි කර්මාන්තය   අභාවයට ගිහින්.  ඒ කාලයේ ජනප්‍රියම ජාඩි තමයි කුම්බලා ජාඩි.   ජාඩි දානවා කියලා කියන්නේ මාළු කල් තබා ගැනිමේ ක්‍රමයක්. මාළු කල්තබා ගැනීමට   වර්තමානයේ නවින තාක්ෂණික මෙවලම් තියෙන නිසා ගොඩක් අය මේ කර්මාන්තයෙන් අයින්වෙලා.“ ඇය කියන්නී ඇයගේ අතීත ජීවිත සම්ප්‍රදාය ගැනය.

දොඩන් දූවේ ජාඩි කඩ 

ඒ එල් නන්දසේන  දොඩන්දුවේ  පදිංචි ධිවර කාර්මිකයෙකි.  ඔහු අතීත මතකය අවදි කළේය.

ජී මානවඩු, ඒ. එල්. නන්දසේන

“ ඒ කාලයේ දොඩන්දුව ජාඩි කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයක්.  මගේ මතකේ හැටියට දොඩන්දුව පාළම    දෙපැත්තේ ජාඩි කඩ 22ක් තිබුණා. දොඩන්දුවේ අය ඉන්දියාවට ගියා ජාඩි දමන්න. ජාඩි මුදලාලිලා තමයි පාස්පෝට් හදලා  ඒ අය ඉන්දියාවට රැගෙන ගියේ.  ඉන්දියාවේ මලිපේ ප්‍රදේශයට ගහින් ජාඩි දමලා පිප්පවල පටවලා දොඩන්දුවට එව්වා. ඒ කාලයේ ජාඩි පිප්ප විශාල සංඛ්‍යාවක් ගොඩබලා    රේගුවේ තැන්පත් කරලා තිබුනා.  ජාඩි දැමිමට ගන්නා කුම්බලා මාළුවෝ දෙන්න ශත පහයි. ඒ විතරක්  නෙවෙයි කැලිකට් උඵත් රැගෙන ආවා. ඒ කාලයේ දොඩන්දුව  ජාඩිවලට විතරක් නොවෙයි කැලිකට්  උළුවටලත් ප්‍රසිද්ධයි.   තවමත් මාළු මුදලාලිලා ගමේ කාන්තාවන්  ජාඩි කර්මාන්තයේ නිරතවෙලා ඉන්නවා“  නන්දසේන කීවේය.

එකළ   පුත්තලමේ ද ජාඩි කර්මාන්ය පවත්වාගෙන යනු ලැබීය. ලුණු අත ළඟම තිබෙන නිසා මාළු ලුණු දමා වේලීමද  ජාඩි දැමිමද  පුත්තලමේ ප්‍රධාන කර්මාන්තයක් බවට පත්වූයේය.

“ ජාඩි කර්මාන්තය බොහෝ සේ දියුණු කළ හැකි කර්මාන්තයක්  මෙන්ම  මුදල් ගලාගෙන  එන මාර්ගයක් කරගත හැකිය.  නමුත් අප තවම පැරණි  නොදියුණු ක්‍රම මත යැපෙන බැවින් ඒ කර්මාන්තයේ දියුණුවක් දක්නට නැත. “ –  බ්‍රෝහියර් හඳුනාගත්  ලංකාව කෘතියේ පුත්තලමේ ජාඩි කර්මාන්තය ගැන ඔහු එසේ සඳහන් කොට ඇත. එදා බ්‍රෝහියර් කී කතාව අද දොඩන්දූවට වලංගුය පාරිභෝගිකයින්ට ප්‍රියමනාප අයුරින්  නවින උපක්‍රම භාවිතාකරමින් ජාඩි වෙළඳපොළ වෙත හඳුන්වා දුනහොත් දොඩන්දුවේ  ආර්ථිකය ගොඩනැගෙනු ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

Next Post

වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

Related Posts

සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026
සංස්කෘතිය

2333 වැනි පොසොන් උදාන අභිමුව:   ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික චින්තනයේ විචිත්‍රවත්  වූ සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය ගැන කතාවක්!

ජූනි 29, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.