පූජා භූමි ආශ්‍රිතව අලෙවි කෙරෙන පොලිතීන් මල් මාලා භාවිතයෙන් ඉවත් වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය
ඉල්ලීමක් කරයි.
ඒ අනුව මේ මස 22 වැනිදා සිට කතරගම පුදබිම ආශ්‍රිතව මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.
මල්මාලා නිෂ්පාදකයින් සමඟ මධ්‍යම පරිසර අධිකාරිය මේ පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබේ.
කතරගම ආශ්‍රිතව මල්මාලා නිෂ්පාදනය කර ජීවිකාව ගෙනගිය පුද්ගලයින්ට පොලිතීන් මල්මාලා වෙනුවට ආදේශකයක්
ලෙස කඩදාසිවලින් මල්‌මාලා නිෂ්පාදනය කිරීමට ජාතික ශිල්ප සභාව හරහා මේ වනවිට පුහුණුවක්ද ලබාදී ඇත.
දිවයිනේ සියලුම පූජා භූමි ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලීතින් භාවිතය පාලනය
කිරීම අත්‍යවශ්‍ය බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.