බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

by editor
අප්‍රේල් 17, 2021
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු

ශ්‍රී ලංකාව තුළ මුල් වරට සිංහල බසින් පොත්පත් මුද්‍රණය වීම ආරම්භ වූයේ ක්‍රි.ව. 1737 දීය. ඒ අනුව බිහි වු මුල්ම සිංහල පොත වූයේ සිංහල යාඥා පොත Singaleesk Gebeede Boek    යි. එම වර්ෂයේදීම මුල්ම සිංහල රාජ්‍ය ලේඛනය ද මුද්‍රණය විය. පලක් කාත්තු (Plakkaat) නම් වූ ලන්දේසින්ගේ නිවේදනයක් වූ එහි අන්තර්ගත වූයේ මාතර දිසාවේ මිරිස් වගාව හා සම්බන්ධ නියෝගයන් ය. එලෙස සිංහල මුද්‍රණ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව ලන්දේසි පාලකයින් විසින් රාජ්‍ය නිවේදන හා අනෙකුත් රාජ්‍ය ලේඛන ද සිංහල බසින් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලදී. එහෙත් ඒ වනවිට ශ්‍රී ලංකාවේ භාවිතයේ පැවති පුස්කොලවල ලිවීමේ ක්‍රමය ඒ නිසා භාවිතයෙන් ඈත්වීමක් සිදු නොවුණි.

මුද්‍රණය ඇරඹුනත් පැවති තල්පත් භාවිතය  

ආරම්භයේදී සිංහල මුද්‍රණ කටයුතු ඕලන්ද එක්සත් පෙරදිග ඉන්දීය සමාගමේ (VOC – Vereenigde Oost indische Compagnic) පරිපාලනමය හා ආගමික අවශ්‍යතා සඳහා පමණක් භාවිතයට ගැණුනු අතර කන්ද උඩරට රජවරුන්ගේ හා මහවාසල සෙසු ප්‍රධානින්ගේ ලේඛන සඳහා භාවිතයට ගන්නා ලද්දේ තල්පත් ය. ඒ හැරුණු විට, පොත් ගෙඩි ලෙසින් පුස්කොලවලින් පොත් සැකසීමේ කටයුතු ද සුපුරුදු පරිදි සිදු කෙරුණි. මහ වාසලින් නිකුත් කළ නියෝග ඇතුළත් තල්පත් සාමාන්‍යයෙන් පත් ඉරු එකකින් හෝ දෙකකින් යුක්ත වූ අතර ඒවායේ දිග ප්‍රමාණය විවිධ විය. මෙම තල්පත් අතර ඒවායේ දිග ප්‍රමාණ විවිධ විය. මෙම තල්පත් අතර සෙ.මී. 30 ක පමණ සිට සෙ.මී. 100 පමණ ඉක්ම වූ තල්පත් ද දැකිය හැකිය. දැනට නෙදර්ලන්තයේ (කලින් ඕලන්දය) ලයිඩන්හි Bibliotheque Acadamie Universiteits Bibliotheek ආයතනයෙහි ඇති කන්ද උඩරට මහවාසලින් 1724 දී නිකුත් කර ඇති තල්පතක පත් ඉරුවක් දිගින් සෙ.මී. 151 ක් තරම් වේ. මෙවැනි තල්පත් පළලින් සෙ.මී. 2-4 දක්වා ප්‍රමාණවලින් යුක්ත වේ.

පිටරට ගිය තල්පත්

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

18-19 සියවස්වලට අයත් ශ්‍රී ලංකාවේ තල්පත් ලේඛනවලින් බොහොමයක්ම දැනට මෙරට නොමැති අතර ඒවා ඒ ඒ කාල පරිච්ඡේදයන්හි මෙරට පාලනය කළ විදේශීය පාලකයින් විසින් රැගෙන යන ලදුව වෙනත් රටවල කෞතුකාගාරවල හා විද්‍යාතනවල තැන්පත් කර තිබේ. ඕලන්ද යුගයට අයත් තල්පත්වලින් බොහොමයක්ම දැනට නෙදර්ලන්තයෙහි ඇමස්ටර්ඩෑම්හි ත්‍රෝපන් කෞතුකාගාරයෙහි (Tropenmuseum) රයික්ස් කෞතුකාගාරයේ (Rijksmuseum) හා ලයිඩන්හි (Bibliotheque Acadamic Universiteits Bibliotheek)  ආයතනයෙහි තැන්පත් කර තිබේ. මෙම තල්පත් ඓතිහාසික වශයෙන් වැදගත් මූලාශ්‍ර වන්නා සේම සමකාලින භාෂාව, සමාජ ආර්ථික පසුබිම යනාදිය පිළිබඳව ද වැදගත් සාධක සපයයි. මහවාසලින් නිකුත් කරන ලද තල්පත් විසිතුරු කවරයකින් සමන්විත වූ අතර බොහෝ විට මෙම කවරයෙහි රතු පැහැති ලාකඩවලින් (red sealing wax)  මහවාසල නිල මුද්‍රාව (Seal) දක්වා තිබේ. වටකුරු හැඩැති මෙම මුද්‍රාව වටා ගල් බින්දුව රටාව (එක පෙළට  එකිනෙක යා කොට ඇති වෘත්ත රටාවකි) සහිත බෝඩරයකි. ඊට ඇතුළතින් විසිතුරු ලියවැල් රටාවක් දක්වා ඇති අතර මුද්‍රාව මධ්‍යයේ සිංහ රූපයකි. ශෛලිගත ස්වභාවයක් ගන්නා මෙම සිංහ රූපයෙහි මුඛයෙන් විහිදෙන ලියවැලකි. සිංහ රූපයට ඉහලින් මහවා යන අක්ෂර ද පහලින් සල යන අක්ෂර ද දක්වා තිබේ. එනම් මහවාසල යන්නයි.

රජවාසල මුද්‍රාව

කොළඹට ආඥා දුන් තල් පත්

මෙම තල්පත් අතරින් සමකාලීනව කොළඹ නගරයේ සමාජ ආර්ථික පසුබිම අනාවරණය කරගත හැකි ලේඛන කීපයක්ද හමුවන අතර ඒවායේ අන්තර්ගත නියෝග නිකුත් කර ඇත්තේ කොළඹ මහ දිසාව විසිනි. තල්පත්වලට අනුව ඒ වනවිට කොළඹ මහදිසාවට සබරගමුව සතර හා සත් කෝරළයද අයත් වී තිබේ. ඒ අනුව තල්පත් වල ඔහුව හඳුන්වා ඇත්තේ සබරගමුව, සතර සත් කෝරලේ ඇතුළු කොළඹ මහ දිසාවේ හාමුදුරුවොයි යනුවෙනි. කොළඹ මහ දිසාව වෙත කළුත්‍ර (කළුතර) තොටමුනේ වර්ණසූරිය විජයතුංග සමරසේක්‍ර (සමරසේකර) මහ විදානේ විසින් යොමු කොට ඇති 1785 වර්ෂය දරණ තල්පතක ලන්දේසි ආභාසය අනුව යමින් කොළඹ සිඤෝරු අපේ මහ දිසාවේ හාමුදුරුවන් වහන්සේ, කොළඹ සිංඤෝරුපුයේ මහ දිසාවේ හාමුදුරුවන් වශයෙන්ද ඔහුව හඳුන්වා තිබේ.

කොළඹ මහ දිසාව විසින් නිකුත් කර ඇති තල්පත් අතර කොළඹ නගරයේ නීති විරෝධි කටයුතු කීපයක් තහනම් කරලමින් නිකුත් කර ඇති නිවේදන පත්‍ර කීපයක්ද වෙයි. මීට සියවස් දෙකකට පමණ ඉහත දී නිකුත් කර ඇති මෙම තල්පල්වල සඳහන් යථොක්ත නීති විරෝධි කටයුතු විමසා බැලීමේදී ඒවා අතීතයට පමණක් සීමා වූයේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැකිය.

අනවසර වෙළඳාම නැවැත්වීඹට දුන් නියෝගවල පෙළ

මක් නිසාද යත් එම නියෝගවලට පාදක වී ඇත්තේ නීති විරෝධි වෙළඳ කටයුතු හා මත්පැන් අලෙවිය හා සම්බන්ධ කරුණු වීමයි. දැනට නෙදර්ලන්තයේ Bibliotheque Acadamie Universiteits Bibliotheek ආයතනයෙහි තැන්පත් කර ඇති නගරයට අප්‍රසිද්ධ මාර්ගවලින් හොර රහසේ ගෙනවිත් කෝපි, මිරිස් දෙහි හා බිත්තර අලෙවි කිරීම වළකාලමින් 1785 දෙසැම්බර් 29 වෙනි දින නිකුත් කොට ඇති තල්පත ඒ අතරින් ඉතා වැදගත් වේ. සෙ.මී. 42 ක් දිගැති සෙ.මී. 3.8 ක් පළලැති එක් පත් ඉරුවක දෙපැත්තෙහි ලියා ඇති මෙම තල්පතෙහි අප්‍රසිද්ධ මාර්ගවලින් (හොර මාවත් වලින්) ඉහත සඳහන් වෙළඳ ද්‍රව්‍ය නගරයට ප්‍රවාහනය කොට නීති විරෝධී ලෙස අලෙවි කරන බව තමන්ට දැනගන්නට ලැබුණු බවත් එලෙස නොකර ඒවා ප්‍රධාන මාර්ගය (මහ මාවත්) ඔස්සේ රැගෙන විත් රජයේ ගබඩාවට (කොම්පඤ්ඤ ගුදමට) ගෙනවිත් දී මුදල් ලබා ගන්නා ලෙසත් එසේ නොකරන්නන්ට එරෙහිව දඬුවම් (අච්චු) කරන බවත් කොළඹ මහ දිසාව විසින් එහි සඳහන් කර තිබේ. අලෙවි කළ ද්‍රව්‍ය තහනම් ඒවා නොවුවත් ඒවා නීත්‍යානුකූල නොවන ආකාරයකට අලෙවි කළ බැවින් මෙහිලා එම වෙළඳුන්ට මෙසේ නීතිරිතිවලට යටත් වීමට සිදු විය. තල්පතෙහි සඳහන් වන ආකාරයට මේ පිළිබඳව කලින් දැනුම් දීම් කර තිබුණත් එම කටයුතු නතර නොවීම නිසා යළිත් මෙසේ නියෝග කිරීමට සිදුවී ඇති බව පෙනේ. අලෙවි කරන වෙළඳ ද්‍රව්‍ය මෙම තල්පතෙහි පරිදි නොවුවත් මෙවැනි නීති විරෝධි වෙළඳ කටයුතු අද පවා කොළඹ නගරයට ආගන්තුක නොවේ.

එසේම කවර ආකාරයකට නීතිරිති ක්‍රියාත්මක වුවද එම කටයුතු ද සුපුරුදු පරිදි සිදු කෙරෙනුයේ උල තබා මැරීම, හිස ගසා දැමීම වැනි දරුණු දඬුවම් පැවති කාලයේදී පවා වළකාලිය නොහැකි වූ කටයුතු අද සිදුවීම අරුමයක් නොවේ යැයි පසක් කරලමිනි. ක්‍රි.ව. 1780 අගෝස්තු 21 වෙනි දින නිකුත් කර ඇති තවත් තල්පත් ලේඛනයකින් රාත්‍රී නවයෙන් පසුව, කොළඹ කඩවත් සතරෙහි සුරාසැල් විවෘත කර තැබීම හා බාල වයස්කරුවන්ට මත්පැන් අලෙවි කිරීම තහනම් කොට තිබේ. කොළඹ කඩවත් සතරෙහි සියළුම සුරාසැල් හිමියන්ට (තැබෑරුම් කාරයින්ට) පණවා ඇති මෙම නියෝගයට පාදක වී ඇත්තේ රාත්‍රී කාලයේ සුරාසැල් විවෘත කර තැබීම නිසා ඒ ආශ්‍රිතව සූදු කෙළීම ද සිදු වීමයි. බාලවයස්කරුවන්ට (කොල්ලන්ට) මත්පැන් රා අරක්කු අලෙවි නොකරන ලෙසද මීට පෙරාතුව කිහිප වතාවක් නියෝග කර තිබුණ ද එය ක්‍රියාත්මක නොවීම නිසා යළිත් මෙලෙස නියෝගයක් නිකුත් කරන්නට හේතු වී ඇති බව මෙම තල්පත කියවා බලන විට පැහැදිලි වේ.

මෙම නීතිරිති කඩ කරන්නන්ට දඬුවම් කරන බව තල්පතෙහි සඳහන් කර තිබුණ ද ඒ කවර ආකාරයන දඬුවමක් දැයි දක්වා නොමැතිය. මෙලෙස දැනට අප හමුවේ ඇති තල්පත් අනුසාරයෙන් ලේඛනගත ඉතිහාසයට එක් නොවූ වැදගත් සමාජ ආර්ථික තොරතුරු, රාශියක්ම අනාවරණය කරගත හැකිව ඇත. මෙම තල්පත්වල අන්තර්ගත වනුයේ යම් නියෝගයක් හෝ දැන්වීමක් වුවත් ඒ ඇසුරෙන් ඊට පසුබිම් සංසිද්ධිය චිත්‍රණය කර ගැනීම අපහසු නොවේ. මෙලෙස කොළඹ නගරයෙහි දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අදාළ තල්පත් ද දක්නට ලැබෙන අතර එහි ඒ ඒ ප්‍රදේශවල පාලකයින් විසින් හා විවිධ ප්‍රධානීන් විසින් පාලකයින්ට යොමු කරන ලද ඒවා වේ. කෙසේ වෙතත් මෙවන් ඓතිහාසික වැදගත්කමකින් යුතු තල්පත්වලින් බොහොමයක්ම අද විදේශීය කෞතුකාගාර හා ආයතන සතු වීම කණගාටුවට කරුණකි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

Next Post

ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.