හැටන් රංජිත් රාජපක්ෂ –
2024-2025 වසර සඳහා ගෞතම ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට රත්නපුර අවිස්සාවේල්ල හැටන් මාර්ගය ඔස්සේත්, බලංගොඩ බගවන්තලාව මාර්ගය ඔස්සෙත්, රත්නපුර පලාබද්දල සහ රජමාවත ඔස්සේ (14) දින අලුයම වැඩම කරවු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුව වෙත වඩම්මවා ශ්‍රි පාද පද්මය සුවඳ පැණින් දෝවනය කර ආගමික වතාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව (14) දින උදැසන යෙදුණු සුභ නැකතට වැඩම්මවු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කිරිමෙන් පසු ගෞතම ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කරනු ලැබීය.

මාර්ග හතරක් ඔස්සේ ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සඳහා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රණ්සිලිගේ රිය පෙරහැර ගමන් කළේය. රිය පරෙහර මාර්ග දෙපස එම රිය පෙරහැරට පුෂ්ප උපහාර දැක්විම සඳහා විශාල බැතිමත්හු පිරිසක් මාර්ගය දෙපස රැදි සිටිහ.

මෙවර හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත්, ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට පොලිස් සුනඛ අංශයේද සහය ඇතිව විශේෂ සොදිසි මෙහෙයුම් ශ්‍රි පාද හැටන් මාර්ගයෙත්, හැටන් දුම්රිය ස්ථානයෙත්, නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා දියත් කර ඇති බවත් හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර පැවසිය.
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරයේදි වන්දනාකරුවන්ට පිරිසිදු පානිය ජලය ලබාදිමට පියවර ගෙන ඇති නිසා ප්ලාස්ටික් වතුර බෝතල් ශ්‍රි පාද උඩ මළුව දක්වා රැගෙන යාම තහනම් කර ඇත.
මේ අතර දුම්රියෙන් ගෞතම ශ්‍රි පාදස්ථානය වැද පුදා ගැනිමට පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා හැටන් ලංගම ඩිපෝව මගින් වන්දනාකරුවන්ට යාමට සහ ආපසු පැමිණිමට බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබේ.
හැටන් දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණෙන සැම අවස්ථාවකදිම බස් රථ දුම්රිය ස්ථානයේ නතර කර තබන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසීය.

2024-2025 වසර සඳහා ගෞතම ශ්‍රි පාද වන්දනා වාරය ඊයේ (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූහ.






