සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලි ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක්ක ගේම් ගහන පොලොන්නරුවේ පොලිසියට සහ නිලධාරීන්ට නියෝජ්‍ය ඇමති ටී.බී සරත්ගෙන් දරුණු අවවාදයක්!

මාදුරු ඔය වැළි ජාවාරමට පොලිසියයි මහවැලියයි සම්බන්ධයි... නැවත මේ අපරාධ සිද්ධ වුනොත් කිසිම නිලධාරී දූෂිතයෙකුට කිසිම සමාවක් නෑ... නියෝජ්‍ය ඇමති ටී.බී සරත් දන්වයි...

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • “මත්ද්‍රව්‍ය අපරාධකරුවන්  අත් අඩංගුවට ගන්න කියලා ඔබට බල කරන්නේ  රජය. කිසිම දේශපාලන මැදිහත්වීමක් නෑ… එහෙනම් මොකක්ද තියන ප්‍රශ්නය… මේ වනවිට හමුදාවටත් පාලනය කරන්න බැරි වැලි ජාවාරම නවත්වන්න කියලා නියෝග කරන්නේ රජය. ඒක කරන්න බැරි ඇයි?… නීතිය ක්‍රියාත්මක කරන්න බැරි කිසිම කෙනෙකුට ගැලවීමක් නෑ… ඔවුන්ට එරෙහිව රජය නිතිය ක්‍රියාත්මක කරනවා….” නැවත මේ කතාව කියන්න ඉඩ නොතබන ලෙස නියෝජ්‍ය ඇමති ටී.බී සරත් පොලිසිය ඇතුළු නිලධාරීන්ට දන්වයි!

පොළොන්නරුව මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වැලි ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකායේ ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, එම ජාවාරමට මහවැලි ආරක්ෂක අංශය සහ ඇතැම් පොලිස් නිලධාරීන් සහයෝගය ලබාදෙන බවත්, ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් සඳහන් කළේය.

මේ වනවිට යුද හමුදාවට පවා ජාවාරම මැඩලීමට නොහැකි මට්ටමට පත්ව ඇති හෙයින්, මාදුරුඔය වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය මැලි වන්නේ නම් ඊට අනුබල දෙන සියලු නිලධාරීන් ජනවාරියේ සිට මාරුවීම් ලබාදීමට පසුබට නොවන බව ද නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ වසංගතයක් වී ඇති ගංජා, හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ජාවාරම් මර්දනය කිරීමට පොලිසිය වහාම පියවර ගත යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී කිසිම දේශපාලන බලපෑමක් ඇති නොවන බවට සහතිකයක් දෙන බවය. ජාවාරම් අත් අඩංගුවට ගැනීමේ දී තම පක්ෂයේ සාමාජිකයෙක් ද නැද්ද යන්න සම්බන්ධව කිසිම ගැටලුවක් නොමැති බව පෙන්වා දුන් ඔහු අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන් සිටී නම් ඒ පිළිබඳ තමාව දැනුවත් කරන ලෙසත් එවැනි නිලධාරීන්ට උපරිම නීතික ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙස කටයුතු කරන බව දන්වා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පෙරේදා (13 ) පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි මේ බව ප්‍රකාශ කළේය. එහිදී නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.
” පොලිසිය ගැන විශ්වාසයක් නැති නිසයි, අපි මාදුරුඔය යුද හමුදාව වැලි වැටලීම් සඳහා යොමු කළේ. නමුත් ඒ අයටත් මේ ජාවාරම නවත්තන්න බැරි තරමට උග්‍ර වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ආසන තුනක් තිබුණු දේශපාලන ව්‍යාපාරය, 1978 ව්‍යවස්ථාවෙන් පසුව ආසන 159 ක් ලැබුණු එකම අවස්ථාව මේක. ඇයි ඒ, අපි හොඳ නිසාද… නෑ, මේ මිනිස්සුන්ට දේශපාලන එපා වෙලා තිබුණේ. ඒ දේශපාලන එපා වීම මත, තෝරාගන්න වෙන පක්ෂයක් තිබුණ නැති නිසා අපි තමයි අපිව තෝරාගත්තේ.
ඒ නිසා අපි ජනතා ප්‍රශ්න විසඳීමේ කාර්යයට වගකියන්න ඕනේ.

මේ රටේ ජනතාව ඡන්දෙ දීල තියෙන්නේ ඔබේ පරිපාලනයටත් එක්ක, අපිව විශ්වාස කරලා. මේ ජනවරමට වගකියන්න බැරිනම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගිය විදිහට නෙමෙයි අපිට යන්න වෙන්නේ. ඊළඟ පාර මේ රටේ ජනතාව විතරක් නෙවෙයි අපිව එළවන්න පාරට බහින්නේ… රාජ්‍ය නිලධාරිනුත් පාරට බහිනවා. මේ යථාර්ථය අපි හොඳට දන්නවා. ඒ නිසා රජයක් ලෙස අප ඔබට ඉතාම දැඩිව කියනවා. මේ ජාවාරම්කරුවන්ට ඉඩ තියන්න එපා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජාවාරම්කරුවන් අල්ලන්න බෑ කියන්නේ අපි අපොහොසත්. දේශපාලකයින් වන අපිට වැඩිය බලයක් පරිපාලන කටයුතුවල දී ආයතන ප්‍රධානීන්ට තියෙනවා. ඒ රාජකාරිය අකුරට කරන්න. අපෙන් කිසිම බාධාවක් නෑ. අපි අබමල් රේණුවක මේ රටේ ජනතාවගේ දේපල හොරකම් කරන්නෑ. දූෂණ,ජාවාරම් කරන්නේ නෑ. කුඩු අදින්නෙ නෑ. කිසි ජාවාරමක් අපි කරන්නෑ. ඇයි ඔබට බැරි මේ ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.

වැලිකන්ද බෝවත්තේ සජබේ කෙනෙක් කියනවලු, එදත් අපි ගනංකාරයෝ, මෙදත් අපි ගනම් කාරයෝ කියලා,උඹලා ඕන දෙයක් කරපල්ලා අපි වැලි ගොඩ දානව කියල, එහෙම ගණන්කාරයෝ ඉන්න පුළුවන්ද?.

ඔය ඕනම ගණනකාරයෙකුට විරුද්ධව අපිට ලැබුන ජලබලයට වැඩ කරන්න පුළුවන්. අපි එහෙම කරන්නෑ. මේ ගරු සභාවේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රධානීන් ඉන්න සභාවක්. එනිසා ආයේ මම කියපු දේවල් කතා කරන්න ඉඩ තියන්න එපා. අපි අපේ රාජකාරිය අකුරට කරමු. ජාවාරම්කරුවන්ට විරුද්ධව සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. යැයිද ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්කසන්තුරේ තිස්ස විහාරයට එරෙහි ආගම මුල් කොටගත් ජාතිවාදී උද්ඝෝෂණය අතර උද්ඝෝෂකයින් හා පොලිසිය හා ගැටී 03කට තුවාලයි!

Next Post

ඊයේ ඇරඹුන සිරිපා වාරය…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.