බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

අවුරුද්ද සරසන කැවුමේ  රස කතාව!

by editor
අප්‍රේල් 14, 2023
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කෑම විශේෂයකි. කැවුම් පිසීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය. මේ කාලයේ දි කෝඳුරුවෝද රැං පිටින් නිවෙස්වලට ඇදි එති. කෝඳුරුවන් කැවුම්වලට ඇදි එම වැලැක්විම සඳහා සිංහල ගැමි ලියන් කොඳුරුවන්  සඳහා වෙනම කොඳුරු කැවුමක් නිවසේ එල්ලා තබයි.

කැවුම් ඉවිම සඳහා තෙල් වලං ලිපේ තියා මුලින්ම සාදනු ලබන කැවුම කෝඳුරු කැවුම ලෙස නම්පට බැදිතිබේ. අන්තිමට සාදනු ලබන කැවුම හැඳින්වෙන්නේ  දිය කැවුම යනුවෙනි.

කැවුම් පිසීම

සැබවින්ම  සිංහල කැවිලි වර්ගවලට ඇත්තේද ඉතා දිගු ඉතිහාසයකි. කැවිලි වර්ග වැඩිවශයෙන්ම දක්‌නට ලැබී ඇත්තේ නුවර යුගයේදීය. ද්‍රවිඩ ආශ්‍රය මෙන්ම පෘතුගීසි, ලන්දේසි සම්බන්ධතා මෙයට හේතුවන්නට ඇත. මුල් යුගයේදී ඉන්දියාවෙන් මෙරටට පුරුදු වූ කැවිලි වර්ග පොළොන්නරු යුගයේද තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ.

නුවර යුගයේ කැවිලි වර්ග අන් සෑම වකවානුවකටත් වඩා වැඩි වුවද ඒවා එකවර රට පුරා පැතිර ගියේ නැත. ඉංග්‍රීසීන් ගේ පැමිණීමත් සමග අලුත් ආහාර වර්ග සිංහලයන් අතර ප්‍රචලිත වීම මෙයට හේතුවන්නට ඇත.

කෙසේ වුවද සිංහලයන්ගේ කැවිලිවලින් ඉතාම මිහිරි ආහාරය කැවුම් යැයි රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි. සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ රොබට්‌ නොක්‌ස්‌ විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ඔවුන්ගේ රස කැවිලි විවිධය ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති. ඕලන්ද කාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌ද? යි ඇසුවේලු.”

කොණ්ඩා කැවුම්…

අපේ සිංහල කැවිලි අතර තිබූ අග්ගලා ගැනද රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරයි.

“අග්ගලා නමින් තවත් අලූමුසුවක්‌ වෙයි. බැදි හාල්පිටි, පැණියෙන් අනා ගම්මිරිස්‌, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි ගුලි කිරීමෙන් පසු තද වෙති. අග්ගලා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ වෙනස්‌ නොවී ප්‍රයෝජනයට ගත හැකි ආහාරයකි.”

මෙම කැවිලි වර්ගය දඹදිව බෙහෙවින් පැතිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. එදා ජනී ජනයා ගමන් බිමන් ගියේ පා ගමනිනි. දින ගණනාවක්‌ පා ගමනින් යා යුතු නිසා අතර මගදී ආහාර සොයා ගැනීමද අපහසුය. මේ නිසා අග්ගලා සාදාගෙන යැමේ පුරුද්දක්‌ ඇතිවිය.

අග්ගලා දුප්පත් පොහොසත් කොයි කවුරුත් ආහාරයට ගත් කැවිලි වර්ගයකි.  අග්ගලාව සිංහල ගැමියාට බෙහෙවින් පිහිට වන්නේ වන්දනා ආදි ගමන් බිමන් යාමේ දිය. “ගනේ ගිල්ල අලියට පිලිමේ අග්ගලාවක්ලු” යනුවෙන් කියමනක්ද  ජනවහරේ අසන්නට ලැබේ. ඉන් කියවෙන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකු ගිලපු අලියෙකුට  පිළිමයක් ගිලිම එතරම් අපහසු කටයුත්තක් නොවන බවය.

එදා තිබූ කැවිලි වර්ග අතුරින් රොබට්‌ නොක්‌ස්‌ගේ සිත්ගත් තවත් කැවිලි වර්ගයකි. යක්‌පැට්‌ය. අද නම් මේ කෑම වර්ගය ඉතා දුර්ලභය. මෙය නුවර යුගයේ ඉතා ජනප්‍රියව පැවතියේය.

හාල්පිටි පොල් හා හකුරුවලින් සාදනු ලබන යක්පැටිය රස අහරකි. “හාල්පිටි පැණි මුසුකොට අනා ගුලිකොට කොළයක ලා වණ්‌ඩුවේ තම්බා ගනියි. ඉතා මොළොක්‌ වූ මෙය බුදිනවිට හකුරු සමග සුදු පාන් කන බවක්‌ හැඟෙන්නේය. “

යක්‌පැට්‌ ගැන රොබට්‌ නොක්‌ස්‌ එසේ සඳහන් කොට තිබිණි. ගණ දෙවියන්ගෙන් නුවණ ඉල්ලා යදින කුඩා දරුවා පවා දෙවියන්ගේ සිත් ගන්නට සැරසෙන්නේ අතිරස අග්ගලා යක්‌පැට්‌ පුදමී යනුවෙන් සඳහන් කිරීමෙනි. ගණදෙවි හෑල්ලේද යක්‌පැටි ගැන සඳහන් වේ. ගණ දෙවියන්ට පිදූ කැවිලි හා පලතුරු වට්‌ටෝරු කවියෙන් මෙසේ දක්‌වා ඇත.

අග්ගලා කොමලී නා

තල කැරලි විළ දී නා

මල් කැවුම් රොට්‌ යෙ නා

වෙල්ල වැසිමුත් ත නා

පුලුබී බෝජන තනා

ලාලු යක්‌ පැට්‌ යෙනා

කිරි උණ්‌ඩ පු තනා

අක්‌සුණු ද ඉසි මිනා

එදා දෙවියන්ට පිදූ කැවිලිවර්ග සියල්ලම මෙහි දක්‌නට ඇත. අග්ගල තල කැරලි, විළඳ මල්කැවුම්, රොටි, වෙල්ල වැහුම් පුලුබි, බෝජන ලාලු යක්‌පැටි, කිරි උණ්‌ඩ ඒ කැවිලි වර්ගයන්ය. කැවිලිවර්ග අතුරින් අතිරසද ඉතා මිරිහි කෑමක්‌ බව සිංහලයන් අතර ඉතා ප්‍රසිද්ධය. “අතිරස තිත්ත රසයි පැමිණි දුක්‌ පැණි රසයි” යනුවෙන් කියා ඇත්තේද ඒ නිසාය.

අවුරුදු කැවිලි මේසයක්…

නා නා මාදිලියේ කැවිලිවර්ග අපේ ගැමි කාන්තාවන් විසින් සාදයි. කැවුම් සෑදීමට යොදාගන්නා ද්‍රව්‍ය අනුව කැවුම්වලට විවිධ වූ නම් ලැබී තිබේ. නාරං කැවුම්, සීනි කැවුම්, පැණි කැවුම් මුං කැවුම් ආදී කැවුම් වර්ග රාශියකි.

වළස්‌මුල්ල ප්‍රදේශයටම ආවේණික කැවුම් වර්ගයක්‌ද ඇත්තේය. එවා හඳුන්වන්නේ මුකුදු යනුවෙනි. නාරං  ගෙඩියක් තරමට ගුලියක් තනා ඒ තුලට පැණි පොල් කැවීමෙන් සාදන නිසා  නාරං කැවුම් ලෙස නම්පට බැදි ඇත්තේය.

එමෙන්ම අතේ නොවඩා හැන්දෙන්ම තෙලට දමා සදාගනු ලබන කැවුම් හඳුන්වන්නේ  හැඳි කැවුම් කියාය. උඩරට පළාතේ අච්චු කැවුම්  නමින් කැවිලි වර්ගයක් හැඳින්වෙන අතර  එවා මුරුක්කු යනුවෙන්ද හැඳින්වේ.

කොණ්ඩයක් මෙන් උඩට නෙරාගිය කොටසින් යුතු කැවුම කොණ්ඩ කැවුම්ය. කොණ්ඩයක් නැති කැවුම් අතිරස කැවුම් ලෙස නම්පට බැදි ඇත්තේය. මුංපිටි යොදා සාදනු ලබන කැවුම් මුංකැවුම්ය. මුං, අතිරහ, මුං අලුවා, මුංගුලි, මුංකැරලි, ආදි නම් වලින්ද මෙම කැවිලි වර්ග හැදින්වේ.

මාතර පළාතේ සව්බොරවා  නමින් හැඳින්වෙන් කැවිලි වර්ගයක් ඇති අතර  එම කැවිලි වර්ගය රත්නපුර පළාතේ හදුන්වනු ලබන්නේ  සව්බර නමිනි.

කැවුම් නිසා අපේ සිංහල බස්‌ වහරද පෝෂණය වී තිබේ. “සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා” මේ එවැනි  වහරකි. සිංහලයා කොයිදේට අදක්‌ෂ වුවත් කැවුම් කෑමට ශූරයකු බව මේ ජනවහරින් පැහැදිලි වන්නේය. එකල ගම්වල කොල්ලො කුරුට්‌ටෝ පවා අප්පුඩි ගසමින් “අප්පුඩි පුඩි පුවත්තා කැවුම් දෙකක්‌ දියත්තා “ යනුවෙන් කැවුම් ඉල්ලූහ.

කෙසේ වුවද අලුත් අවුරුදු කාලයට සිංහලයාට නැතුවම බැරි කැවුම් ගෙඩිය අද වෙළඳ භාණ්‌ඩයක්‌ බවට පත්ව ඇත්තේය.  ඒ විතරක් නොව  සිනි, පොල්තෙල් ආදි  අමුද්‍රව්‍යවල මිල ඉහලයාම නිසා  මෙවර සිංහල අලුත් අවුරුද්දට කැවුම් ඉවිමද බරපතල ගැටලුවක් වූයේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලුත් අවුරුදු කෑම මේසයේ කැවිලි මිල දෙගුණයකින් වැඩි වෙලා…

Next Post

වන සතුන් ගැන විශේෂඥතාවයක් ඇති පශු වෛද්‍යවරයෙක් නෑ…  රිදියගම සෆාරි උද්‍යානය තවත් අනතුරක…

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.