සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය ලිය වරුණ

ජීවිතය ඉගෙන ගන්න දෙන්න.. දරුවන්ට සියල්ල ලබා දීම සෙනෙහස නොවේ…

by editor
දෙසැම්බර් 3, 2020
in ලිය වරුණ
Apsari Thilakarathna

අප්සාරි තිලකරත්න

Share on FacebookShare on Twitter

මා අතිශයින්ම මා ගැන ආඩම්බර වන කාරණාවක් ඇත. ඒ දෙමාපියන් විසින් මැනවින් සකසා දුන් අඩිතාලම ඔස්සේ  ස්වෝත්සාහයෙන් සහ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව මාගේ ජීවිතය වසර දහඅටක් වැනි කාලයේ සිට තනිවම ඔවුනට බරක් නොවී ගොඩනගා ගැනීමට සමත්වීමය.

මම ජපානයට ශිෂ්‍යත්වයක් ලැබ  උසස් අධ්‍යාපනය සඳහා පිටත්ව ගියෙමි.  මගේ පෞද්ගලික වියදම් මා විසින් දරා ගැනීමට සිදුවිය. ඒ සඳහා දෙමාපියන් විසින් මාසිකව මට මුදල් එවිය යුතුය. මගේ අම්මා මා හට නිතරම පැවසුවේ ගැහැණු දරුවෙකු  ඉවුම් පිහුම්, මැහුම්,ගෙතුම්, ගේදොර පිරිසිදු කිරීම්, අත්බෙහෙත් ක්‍රම, චාරිත්‍ර වාරිත්‍ර  වැනි   දේ පිලිබඳව දැනගෙන සිටීම ඉතාමත් වටිනා බවයි. පාසැල් යන අවධියේම මා අම්මාගේ මග පෙන්වීම අනුව බොහෝ දේ ඉගෙනගත්තෙමි.  කේක් සෑදීම , කේක් අලංකරණය , අයිසින් මල් කලාවද උගතෙමි.

ජපානයේ මාගේ භාරකරුවන් වූ ජපන් ජාතික  දෙමාපියෝ මාගේ දෙමාපියන් හා සමව මා රැක බලා ගත්හ. ඔවුහු මට බෙහෙවින්ම ආදරය කළහ. අවැසි සියලූම දේ ලබා දුන්හ. එහෙත් ඔවුනට සහ  මාගේ දෙමාපියනට බරක් නොවන්නට මම අදිටන් කර ගතිමි. ජපන් අම්මාගේ යහලුවන්ගේ කුඩා දරුවන්ට පාසැල් නිමවී ඉංග්‍රීරිසි පාඩම් කියා දීම ආරම්භ කළෙමි.  සති අන්තයේ අම්මාගේත් තාත්තාගේත් යහලුවන්ට” ශ්‍රී ලන්කන්  කරී ” පිළියෙළ කර දුන්නෙමි. තවද විසිතුරු කේක් සෑදීමටද මට ඇනවුම් ලැබින.

මෙසේ  මගේ වියදමට අවශ්‍ය මුදල් සොයාගත් අතර පුංචි කාලයේ තාත්තා ගෙනත් දුන් කැටයට සල්ලි එකතු කළ පුරුද්දට ඉන් කොටසක් මතු අවශ්‍යතාවයන් සඳහා කුඩා පෙට්ටියක් තුළ එකතු කළෙමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තේරෙන කාලේ සිට අම්මා සහ තාත්තා  නංගිටත් මටත් ගෙදර කරන වැඩවලට මුදල් ලබා දුන්නේ ඒ මුදල් කැටවලට එකතු කර අවුරුද්දේ අන්තිමට එකතු වෙන මුදලින් වැදගත් යමක් අපෙ වෙනුවෙන්   මිලදී ගැනීමටය. එසේ ඔවුන් අපට කියා දුන්නේ ඉතිරි කිරීමේ වැදගත් කමය. ගෙදර අතු ගානවට රැපියල් පහක්, බඩු පිසදානවාට රුපියල් දෙකක්, ලූනු සුද්ද කරනවාට සත පනහක් ආදී ලෙස   මුදල් ලබා දුන් අතර මා වැඩිවිය පත් වූ පසු එහි වටිනාකම හොඳින්ම තේරුම් ගත්තෙමි. අලස නොවී, මහන්සි වී කැපවීමෙන් යම් මුදලක් උපයා ගැනීම සහ එහි වටිනාකම තේරුම් ගැනීමට ඉගැන්වූ අපූරුව තවමත් අමතක නොවේ.

එලෙස මහන්සි වී උපයා ගත් සත දහයක් හෝ නැතිවුන විට මුලු නිවස පුරා හඬමින් ඒ සොයපු අවස්ථාද නැතිව නොවේ. ඒ මහන්සි වී ලබා ගත් දෙයක් අහිමි වීමේ වටිනාකම දැනුන නිසාවෙනි. අද බොහෝ දෙනෙක් දරුවන් වෙනුවෙන් වෙහෙසෙමින්  අසීමිතව මුදල් සහ දේපල එකතුකරති. එහෙත් ඔවුනට ලැබෙන  දෙයින් සුලු කොටසක් හෝ එකතු කිරීමට  කියා දෙනවාද?. බොහෝ දරුවන්ට දෙමාපියන් දුක් මහන්සි වී ලබා දෙන දේ ගැන වටිනාකමක් හැඟීමක් තියෙනවාද?.  දරුවන්ට ඉල්ලන සියලූම දේ ලබාදීම, මුදල් යහමින් ඔවුන්ට පරිහරණය කිරීමට ලබාදීම තුළ සැබෑ ආදරයක් තිබේ ද?.

සමහර විට ඔබ මේ දේවල් ලබාදීමට බොහෝ කැපකිරීම් වෙහෙස මහන්සි වෙනවා ඇත. සිතට කතා කර  අසන්න…  දරුවන්ට ඒ ගැන තැකීමක් , අනුකම්පාවක් හෝ වටිනාකමක් තිබේ ද?.. මමත් හෂානුත් මගේ  දරුවන්ට තේරෙන වකවානුවේ  පටන් ලබා දුන්නේ  අත්‍යාවශ්‍ය දේ පමණි. ලබා දෙන සෑම දෙයකම වටිනාකමත් ඒ මිලදී ගැනීමට කෙතරම් අප වෙහෙස වනවාද යන්නත් එය සුරක්ෂිතව පරිහරණය කිරීමේ වටිනාකමත් අපි ඔවුනට අවබෝධ කර දුන්නෙමු.  මේ ජීවිත අධ්‍යයනය  ක්‍රමයෙන් ඔවුහු තේරුම් ගත්හ.    උදාහරණයක් ලෙස පාසැල් දමන සපත්තු කුට්ටම , ක්‍රිකට් පුහුණු වීම් සඳහා පාවිච්චි කරන සපත්තු කුට්ටම පවා කැඩුනොත් මස්සවා දෙන අතර අලුත් සපත්තු කුට්ටමක් අරන් දුන්නේ තවදුරටත් දැමීමට බැරි තත්වයක්  පැමිණි අවස්ථාවක පමණි.   ඒ ලෝභ  කමවත් බැරි කමවත් නොවේ.බොහෝ දේ පිලිබඳව, ජීවිතයේ යථාර්ථය ගැන  මනා අවබෝධයක් ලබා දීමටය.

ජපානේන් නැවත පැමිණෙන මාගේ ජීවිතයේ තවත් වැදගත් සංධිස්ථානයක්  වන්නේ එයා ලංකා සමාගමේ ගුවන් සෙවිකාවකගේ භූමිකාවට එක් වීමට ලැබීමය. එය මගේ ජීවිතය තනිව ගොඩ නන්වා ගැනීමේ වැදගත්ම වකවානුවය. මටම කියා වාහනයක් මිල දී ගැනීම, තාත්තා වැඩ පටන් ගත් අලුත් නිවසේ බොහෝ කොටසක් නිමකිරීමට දායකත්වය ලබාදීම, එහි එක් කොටසක් විය.

මගේ තාත්තා අසනීප වන්නේ මෙවැනි වටපිටාවක දී ය. ඉන් පසුව මගෙ අම්මාගේත් තාත්තාගේත් නංගීගේත් එකම රැකවලා වන්නේ මා ය. ඉතාමත් තරුණ වයසේ දී මට පැවරෙන්නේ විශාල වගකීමකි. නමුත් උර මත  පවරුණු ඒ වගකීමට මා  මුහුණ දෙන්නේ කිසිම චකිතයකින් තොරවය.

දියණියක සතු වගකීම්, යුතුකම් පෙරටත් වඩා හොඳින්  ඉටු කිරීමට මා විදෙස් ගුවන් සමාගමකට සම්බන්ධ වන්නේ මෙවැනි පසුබිමකදීය. මා මගේ නිවසින් බොහෝ දුර දුරු රටවල ජීවිතය ගෙවීමට නියමිතය. ඒ වගකීම දරනු සඳහා  මා ගුවන් තොටුපල දක්වා ගමන් ගන්නා අතරතුර අහම්බයකින්  වාහනයේ රේඩියෝවේ වාදනය වු ගීතය අදටත් සිහි ගැන්වෙන්නේ දිගු සුසුමක් සමගය…

“රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ඔබයි දිවිය අර්තවත් කලේ……”

තාත්ති ගමන පුරාවටම වචනයක් වත් කතා නොකල අතර අම්මී සෙමින් ඉකි ගසනු ඇසින.

 

Share69Tweet43
Previous Post

රංගන ශිල්පිනී මියුරි සමරසිංහගේ සුවදුක් විමසන්න රාජ්‍ය ඇමති විදුර යයි

Next Post

කොවිඩ් මැද සංචාරකයන් ගෙන්වන්න ආයතන 80ක් සූදානමින්

Related Posts

ලිය වරුණ

අමාරු කාලෙට අපූරු කෑම… කෙහෙල්බඩ වලින් සියඹලා වලින් ඖෂධීය කෑම හදමු…

ජූනි 13, 2022
අරුණි විජේවර්ධන
පුවත්

නව විදේශ ලේකම් අරුණි විජේවර්ධන වැඩ භාර ගනී

මැයි 23, 2022
ලිය වරුණ

ගෙදර කෑම මේසය රස කරන්න වෙනස් විදිහෙ සලාද වර්ග 08ක්

නොවැම්බර් 13, 2020

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.