ජනප්‍රිය රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මියගේ සුවදුක් විමසීම සඳහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා තරණි අනෝජා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු පිරිසක් හැඳල පිහිටි ඇගේ දියණියගේ නිවසට ගොස් තිබේ.
‘අලුත් දවසක්’ නම් වූ වේදිකා නාට්‍යයෙන් රංගන ජීවිතය ආරම්භ කළ ඇය 300කට අධික වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක විය.
වේදිකා නාට්‍ය නිෂ්පාදිකාවක් මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ද චරිතාංග රංගන ශිල්පිනියක ලෙස රංගනයෙන් දායක වූ නිර්මාණ රාශියකි.
අපේ රටේ ප්‍රතිභාපූර්ණ සම්මානනීය රංගන ශිල්පිනියක වන ඇය අපේ රටේ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ සේවය අපමණ බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
දැනට රෝගාතුරව සිටින මියුරි සමරසිංහ නම් වූ ඒ අසහාය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියේය.