සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් අයි.පී.එල්. දෙවනත් කරන සරුවත් විකිණූ වීදි කොල්ලා

by editor
ඔක්තෝබර් 29, 2020
in ජීවිතය
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

“ඔබ මගෙන් විමසන්නේ ක්‍රීඩාවේ මුහුණ පෑමට සිදුවන මානසික පීඩනය ගැන නම්  මට කියන්නට ඇත්තේ මම අවුරුදු 3ක් ඒ මානසික පීඩනයට මුහුණ දී පුරුදු බවයි.  මට ලකුණු රැස් කිරීම හෝ කඩුලු ලැබීම පිළිබඳ කිසිම ගැටලුවක් නෑ, ඒ දෙකම මට කරන්න පුළුවන් කියා මා දැන සිටියා. ඒත් ඒ කාලයේ මට තිබුණු එකම ප්‍රශ්නය වුණේ ඊළඟ කෑම වේල ලැබේවිද නැද්ද කියන එක විතරමයි.“ – යෂාස්වි ජොස්වාල්ට

ඊළඟ කෑමවේල ලැබේවිද නැද්ද…? නිරාහාරව තවත් රැයක් පහන් කරන්න වේවිද නැද්ද?

කාලයක් යෂාස්වි ජොස්වාල්ට තිබුණු එකම ප්‍රශ්නය වූයේ එයයි.  මීට අවුරුදු 3කට පෙර මුම්බායේ වීදි පුරා පළතුරු හා සරුවත් අලෙවි කළ 19 හැවිරිදි වියේ පසුවන මේ විශිෂ්ට යොවුන් ක්‍රීඩකයා  වර්තමානයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන පිතිකරුවෙකි. මෙවර අයි.පී.එල්. තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් පිල ඔහු මිළට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි දෙකහමාරකටය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අවුරුදු  3ක් මුම්බායේ පදික වෙළෙඳාම් කරමින් කුසගින්න නිවා ගත් මේ තරුණ ක්‍රීඩකයා ඉතිරි කාලය වෙන් කළේ ක්‍රිකට් පුහුණුවීම්වල නිරතවීමටය. නිදි වර්ජිත, නිරාහාර රාත්‍රීන් ගණනාවක් ඔහු ගත කළේ නිවෙසක නොව මුම්බායේ එක්තරා පළාතක ක්‍රීඩාංගණයක් අසළ ඉදිකොට තිබූ කූඩාරමකය.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අන්ත දිළිඳු පවුලක උපන් යෂාස්විට ක්‍රිකට් උණ වැළදුණේ කුඩා වියේ සිටමය. නමුත් ඔහුගේ පියාට පුත්‍රයාගේ සිහිනය සැබෑ කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොතිබිණි. එසේ වුවත් ඉගෙනීමට වඩා ක්‍රීඩාවට ආදරය කළ යෂාස්වි උදේ රෑ දිවා හඬා වැටෙමින් කළ ඉල්ලීම නිසා අවසානයේදී මුම්බායේ පදිංචිව සිටි ඔහුගේ ඥාතියකු වෙත පුත්‍රයා යැවීමට පියා තීරණය කළේය.

මුම්බායේ පදිංචිව සිටි යෂාස්විගේ ‘මාමා‘ට ද එතරම් වත්කමක් නොතිබිණි. ඔවුන් ජිවත්වූ කුඩා නිවෙසේ තවත් කෙනකුට ඉඩක් තිබුණේද නැත. එබැවින් මාමා කළේ ඔහු දන්නා හඳුනන ව්‍යාපාරිකයකුගේ කිරි ගොවිපලක යෂාස්විට රැකියාවක් සමග නවාතැනක් සොයා දීමය.

ඇත්තටම යෂාස්විට තිබුණේ රැකියාවක් කිරීමේ සිහිනයක් නොව ක්‍රිකට් ක්‍රීඩකයකු වීමේ සිහිනය පමණි. ඔහු රැකියාව පසෙක ලා ඒ අවට කොලු කුරුට්ටන් සමග දිනය පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වුයේ එබැවිනි. රැකියාවට පැමිණි මුරණ්ඩු කොලු ගැටයා ක්‍රිකට් ගසනු දුටු ගොවිපලේ හිමිකරුවාට අසූහාරදාහට කේන්ති ගියේය. රැකියාව අතපසු කරමින් ක්‍රිකට් ගසන මේ කොලුගැටයාට බැණ වැදුණු හෙතෙම නවාතැනින්ද දොට්ට දැමුවේය.

ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා මාමාට ද යෂාස්වි දැඩි හිසරදයක් බවට පත්වූ බව අමුතුවෙන් කිව යුතු නැත. අවසානයේ මාමා ඔහු දන්නා කම්කරුවන් පිරිසක් ලැගුම්ගෙන සිටි කූඩාරමක ඔහුට නවාතැන් සොයා දුන්නේ ‘ඕන විදිහට ජීවත් වෙන්නැයි‘ කියමිනි. කූඩාරමේ සිටියේ අවට ක්‍රීඩාංගණයක කම්කරු සේවයේ යෙදී සිටි පුද්ගලයන් පිරිසකි. ඔවුහු කුඩා යෂාස්විට බෙහෙවින් කරුණාවන්ත වූ අතර, පිසිනු ලබන ආහාරවලින් ද සංග්‍රහ කළහ. ඒ අතරතුර අවට පිහිටි එක්තරා ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කිරීමටත් ඔහුට අවස්ථාව ලැබණි.

වීදි කරුවෙක්ව සිටි අවධියෙ ආවර්ජනයක්…

කුඩා යෂාස්වි වසර තුනක් එසේ කූඩාරමක ජීවත් වූ අතර, ඒ කාලය තුළ විදුලිය නොමැති කූඩාරමේ නිදි වර්ජිතව හා නිරාහාරව රැය පහන් කිරීමට සිදුවූ වාර ගණන අනන්ත විය. එහෙත් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේදී සියල්ල අමතක කොට උනන්දුවෙන් ක්‍රීඩා කළේය. සිය ඉරණම ගැන වද වූවත් ඒවා මාපියන්ට ලියා යැවීමට ඔහු බිය වුයේ ක්‍රිකට් සිහිනයට නැවතීමේ තිත තැබීමට සිදුවනු ඇතැයි කියාය.

වසර තුනක් කූඩාරමේ ගත කළ කාලයේ යෂාස්වි ක්‍රීකට් ක්‍රීඩාවෙන් සෑහෙන ප්‍රගතියක් පෙන්නුම් කරන්නට වූ අතර, දිවා කාලයේ මුදල් ඉපැයීමට මුම්බායේ පදික වේදිකාවේ පළතුරු වික්කේය. සරුවත් වික්කේය. නමුත් කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් මුදලක් නොලැබූ දිනවල හවස පුහුණුවීම්වලට ගිය විට තම මිතුරන්ගෙන් ආහාර ඉල්ලා ගැනීමට ඔහුට සිදුවිය.

සියළු බාධක මැද යෂාස්වි සිය ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් තරගවලට සහභාගි වූ අතර එක්තරා අවස්ථාවක ඔහු පන්දු යවන්නන්ට මුහුණ දෙන අයුරු නිරීක්ෂණය කළ වේලා සිං නමැති පුහුණුකරුවකු යෂාස්විගේ දස්කම් හඳුනා ගත්තේය. මේ සිටින්නේ ඉන්දීය පිලේ අනාගත තරුවක් බව ඔහුට අවබෝධ විය. යෂාස්විට අනතුරුව මුම්බායි ප්‍රාන්ත පිලේ දොරටු විවර වන්නේ එම පුහුණුකරුගේ මැදිහත්විම මතය.

අනතුරුව මුම්බායි අවුරුදු 16න් පහළ කණ්ඩායම නියෝජනය කළ යෂාස්වි එක් තරගයක නොදැවී ලකුණු 319ක් රැස් කිරිමට සමත්වූයේ එම දස්කම පෑ ළාබාලතම පිතිකරුවා ලෙසය. එවිට ඔහුගේ වයස අවුරුදු 14ක් විය. අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට ඉන්දීය පිල නියෝජනය කිරිමේ වාසනාව යෂාස්වි පසුපස හඹා ආවේ ඉන් පසුවය. ලෝක කුසලාන තරගාවලියේ  අවසන් පූර්ව තරගයේදී ඔහු පාකිස්තානයට එරෙහිව ශතකයක් රැස් කරමින් ජාත්‍යන්තර අවධානයත් දිනා ගත්තේය.

19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානය සහිතව..

ඔහුට දැන් මුම්බායේ වීදි පුරා පළතුරු විකුණන්නට අවශ්‍ය නැත. යෂාස්වි යනු අනාගත ඉන්දීය ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින යොවුන් ක්‍රීඩකයෙකි.

‘ඔබ මගෙන් විමසන්නේ ක්‍රීඩාවේ මුහුණ පෑමට සිදුවන මානසික පීඩනය ගැන නම්  මට කියන්නට ඇත්තේ මම අවුරුදු 3ක් ඒ මානසික පීඩනයට මුහුණ දී පුරුදු බවයි. මට ලකුණු රැස් කිරීම හෝ කඩුලු ලැබීම පිළිබඳ කිසිම ගැටලුවක් නෑ, ඒ දෙකම මට කරන්න පුළුවන් කියා මා දැන සිටියා. ඒත් ඒ කාලයේ මට තිබුණු එකම ප්‍රශ්නය වුණේ ඊළඟ කෑම වේල ලැබේවිද නැද්ද කියන එක විතරමයි.‘

යෂාස්වි දැන් එසේ කියන්නේ සිනහමුසු මුහුණින් යුතුවය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

හැකි ඉක්මනින් මෝදි යාපනයට ගෙන්වා දෙන්න…සම්බන්ධන් ඉන්දීය මහකොමසාරිස්ගෙන් ඉල්ලයි…

Next Post

ප්‍රධානම PCR යන්ත්‍රයක් අක්‍රියයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.