බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

පෝෂණ ගුලාවක් මත හිඳ මන්දපෝෂණයෙන් මිය යන රටක් නොදත් බතල කොලයේ අරුමය…

කටින් බතල කොළ හිටවන්නේ නැතිව ඇත්ත ප්‍රශ්නයට උත්තර සොයා යමු....

by editor
සැප්තැම්බර් 7, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා.

එළවළු හිඟ සහ මිල අධික අද වගේ කාලයකදී මිලෙන් අඩු, ඒ වගේම ගෙවත්තෙන් සපයාගත හැකි ඌණභාවිත එහෙත් පෝෂණීය සහ ඖෂධීය ගුණයෙන් ඉහළ එළවළු පිළිබඳ දැනුම්වත් වීම සහ ඒවා වැඩි වැඩියෙන් ආහායට එක්කර ගැනීම ඉතාමත් කාලෝචිතයි.

විශේෂයෙන් අග්නිදිග ආසියානු සහ අප්රිකානු රටවල්වල ජනප්‍රිය වුවද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඉතාම අඩු අවධානයට ලක්වුනු එළවළුවක් තමයි බතල කොළ. ඉහත රටවල්වල විවිධ සූපවේදී විධික්‍රමවලට අනුව සැකසූ බතල කොළ ආහාරයට ගනු ලබනවා.  අපේ රටේ කන්කුං ආහාරයට ගන්නා ආකාරයට බතල කොළ තෙම්පරාදුව තමයි ජනප්‍රියම ක්‍රමය. ඊට අමතරව බතල කොළ මැල්ලුම. සම්බෝලය, ෆ්රයිඩ් රයිස්වලට එක් කිරීම, පොල් කිරි හොදි සමග බතල කොළ වෑන්ජනය, බතල කොළ සුප්, මස් මාළු ඩෙවල්වලට බතල කොළ එක් කිරීම ආදි විවිධ සුපවේදී ක්‍රමවලට බතල කොළ රසවත් ලෙස ආහාරයට එක්කර ගන්න පුලුවන්.

බතල කොලයේ ගුණ

බතල කොළ විශේෂයෙන් විටමින් K සහ A කියන මේද ද්‍රව්‍ය විටමින්වලින් පොහොසත්. එකී කාරණය නිසාවෙන් මේදයේ දියවෙන විටමින් වර්ග සිරුරට උරා ගැනීම පහසු කිරීම සඳහා බතල කොළ පිසීමේදි තෙල් හෝ බටර් ස්වල්පයක් එක්කර ගැනීම යහපත් වෙනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඇස්වල පෙනීම යහපත් ලෙස පවත්වාගෙන යාමට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි පැවැත්ම, ප්‍රජනන පද්ධතියේ ක්රියාකාරිත්වය මනා ලෙස පවත්වාගෙන යාමට, වර්ධනය සහ සංවර්ධනය සඳහා විටමින් A වැදගත් වෙයි.

විටමින් A ඔබේ හදවත, පෙනහළු සහ අනෙකුත් අවයව නිසි ලෙස ක්‍රියා කිරීමට ද උපකාරී වෙයි. විටමින් K, ශරීරයේ අභ්‍යන්තර සහ බාහිර තුවාලවලදී රුධිර කැටි ගැසීම සඳහා අත්‍යවශ්‍යය වෙයි. එමෙන්ම, අස්ථි පද්ධතියේ නිසි පැවැත්මට මෙන්ම මොළයේ යහපත් ක්‍රියාකාරිත්වය සඳහාද විටමින් කේ වැදගත් වෙයි.

අනෙක් අතට  බතල කොල මැග්නීසියම් සුලභ ආහාරයක්. මැග්නීසියම් සහ විටමින් කේ හදවත් රෝගීන්ට සහ හදවත් රෝග අවදානමින් මිදීම සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අතර, මැග්නීසියම් සහ විටමින් කේ සුසංයෝගය අස්ථි පද්ධතියේ නීරෝගි පැවැත්ම තහවුරු කිරීමට ද හේතු වෙයිබතල කොළවල වඩාත් වැදගත්ම ගුණයක් වන්නේ, ඒවායේ ප්‍රතිඔක්සිකාරක සහ විකෘති සෛල ජනන ක්‍රියාකාරිත්ව වේගය අඩු කරන ද්‍රව්‍ය තිබීමයි. ඇත්ත වශයෙන්ම, පිළිකා සෛල හට ගැනීම දුර්වල කිරීම සඳහා එළවළු සහ ශාක සංයෝග වර්ග 82 ක බලපෑම් පිළිබඳ අධ්‍යයනයකින් පෙන්නුම් කර ඇත්තේ බතල කොළ ඉහළම සක්‍යතාවයක් පෙන්නුම් කරන බවය. (මෙම කාරණාව සනාථ කිරීම සඳහා වැඩිදුරටත් මානව සහභාගිත්ව පර්යේෂණ අවශ්‍ය වේ) https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3082074

තවද, බතල කොළවල රුධිරගත සීනි පාලනය කිරීමටත් , ව්‍යාධිජනක ක්ෂද්‍රජීවින් විනාශ කිරීමටත් හේතුවන පයිටෝ රසායනික සංයෝගවල පැවැත්ම පිලිබද සිදු කර තිබෙන ඇතැම් පර්යේෂණ අපව දිරිමත් කරවන සුලු වේ. මේ  අනුව, අපතේ යන බතල කොළ වැනි ඌණභාවිත ආහාර වර්ගවලින් විවිධ ආහාර වර්ග සම්පාදනය කර ගැනීමත්, ඒවා ජනප්රිය කරවීමත් නීරෝගී මානව යහපැවැත්ම තහවුරු කිරීම සඳහා වෙසෙින්ම ඉවහල්වන බව පැවසිය යුතුව ඇත.

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය සහ ජනප්‍රිය පෝෂණ විද්‍යාවෙන් වර්ථමාන ආහාර උද්දමනය හමුවේ දුක්ඛිත ලෙසින් අහිමිවෙමින් පවතින මානව පෝෂණය ගොඩ ගැනීම කළ නොහැකි බව පෙනී යයි. අහිමිවෙමින් යන මානව  පෝෂණය යලි තහවුරු කිරීම පුලුල් දේශපාලන ක්‍රියාකාරිත්වයකට අයත්  බව සැබවි. එමෙන්ම වෙළඳපොල බලවේගවලින් ඇතැම්විට අධිඋත්කර්ෂවත් කර තිබෙන ජනප්‍රිය පෝෂණ විද්‍යාව වෙනුවට වෛයිකල්ප පෝෂණ විද්‍යාවක් මහපොළව මත පැළකිරීමද අතිශයින්ම දේශපාලනික වෙයි.

එය අනෙක් අතට පෘතුවිය සතු අපතේ යන සම්පත් මානව යහපත උදෙසා මැනවින් කළමනාකරණය කිරීමක්ද වෙයි.

–

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංගවිකල කාලගුණ අනාවැකි ධීවර කර්මාන්තයේ තවත් වට්ටනවා… – ධීවර සංගම්

Next Post

සෑම පවුල් පහකින් හතරකටම හරි   කෑමක් නෑ ! ඉදිරි දෙසතිය බිහිසුණුයි… ලෝක ආහාර වැඩ සටහනෙන් ලොකු අනතුරු ඇඟවීමක්

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.