බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

නොදුටු අසරණ දරු  පිරිසකගේ ජීවිත පාට කරන්නට පුංචි උන්ගේ හිත්වල ඇති දිව්‍යලෝක අවදිකළ රත්තරන් මිනිස්සු!

by editor
දෙසැම්බර් 9, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

මේ ස්විට්සර්ලන්තයේ ශීත සමයයි. කඳු වළලු පුරෝගෙන ගිරි ශිඛර වසාගෙන හිම වැටෙන කාලයයි.ඒ සිසිලසේත් මනුෂ්‍යත්වයෙන් ඒ පුංචි හදවත් උණුහුම් වී තිබිණි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මුල් කරගෙන දශක ගනනාවක් පුරා ක්‍රියාත්මකවන ජිනීවා ශ්‍රී ලාංකීය සංවිධානය සෑම වසරකම අලුත් අවුරුද්ද , ගිම්හාන නිවාඩුව , සහ නත්තල වැනි විශේෂ අවස්ථා මුල්කරගෙන ලාංකීය ආහාර සමග ක්‍රීඩා , සංගීත සහිතව විවිධ  වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ලාංකිකයන්ට සූහදව හමුවීමේ අවස්ථා  මෙන්ම යහපත් කල්පවත්නා හිතවත්කම් ගොඩනගා ගැනීම මෙන්ම අලුත් කරගැනීමද  මෙම හමුවල අරමුණයි.

දැන් හිමයෙන් වැසුන ස්විස්ටර්ලන්තය….

නත්තල් උදාවත් සමඟම මෙවරද වාර්ෂිකව පවත්වන නත්තල් සාදය ස්විට්සර්ලන්තයේ  වෙසෙන ශ්‍රීලාංකිකයන් 200 කට ආසන්න පිරිසක සාභාගීත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

මෙවර නත්තල් සාදයේ වැදගත්ම අංගයක් වූයේ මූල්වරට දරුවන් වෙනුවෙන්ම වෙන්වූ කොටසක් නිර්මාණය වීමයි. දරුවන් වෙනුවෙන් ක්‍රියාකාරකම් නිර්මාණය කිරීම යෝජනා කරමින් ,  ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන්  මංජුල හේරත් එය සංවිධානය කළේය.

ලංකාවේ සිය දීර්ඝකාලීන ගුරුවෘත්තියේ අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් කාලීනව ඉතා වැදගත් වැඩසටහනක්  ඔහු විසින් නිර්මාණය කර තිබුණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ස්විට්සර්ලන්තයේ ශ්‍රීලාංකිකයන්ගේ සංගමයේ   සියලුම දෙනා ඒ අරමුණ වෙනුවෙන් සහයෝගය දෙන්නට එක් වූවෝය.

පුද්ගලිකව පහසු ජීවිතයක් මෙවැනි රටක ජීවිත්වන හැමෝටම තිබෙන බව අවිවාදිතය.

ලෝකයේ ඉතා දියුණු රටවලට ඇති තරම් දැනුම, ආහාර , බහුභාන්ඩික ජීවිතය මෙන්ම මුදල් ඇත. නැත්තේ අනිකා වෙනුවෙන් උණුවන හදවත් නොවේදැයි කල්පනා කළ වකවානුවක් තිබිණි.

ඒත් සමහර දියුණු රටවල්වල,  අධ්‍යාපනය තුළ  මෙන්ම සමාජ සංවිධානය තුළමත් සහකම්පනය වර්ධනය කරන ආකාරයේ කටයුතු ඇතුළත් කර ඇති බව ඉතා උවමනාවෙන් සොයා බලන විට අපිට හමුවේ.

මේ අපූරු  වැඩසටහනට සහයෝගය රැගෙන පැමිණි මිදොරි, සිතුලි රුශිනි ඇතුලු තරුණ දැරියන් කීප දෙනෙකුම මේ කටයුත්තේ සක්‍රියව දායක වූහ.

මුලින්ම දරුවන් වෙත  පාට කරන්නට සුදුසු වන ආකෘති තෝරා ගැනීමට  ඉඩ සලසා දුනි.  පසුව ඔවුන් වෙත වර්ණගැන්වීම පිලිබඳ උපදෙස් ලබා දුනි.

“හොදයි ඔයාල අද කරන්න යන්නෙ මැජික් එකක්” “. ඔයාලට පුළුවන් මේ මැජික් පාට පැන්සල් වලින් මෙතන ඉඳන් ලංකාවේ දරුවන්ව පාට කරන්න.

අනෙකෙකුගේ ජීවිත පාට කරන්න චිත්‍ර අඳින දරු පැටව්…

“කොහොමද ඒක කරන්නෙ .”

හොදයි එහෙනම් මෙන්න මෙහෙමයි….

දැන් ඔයාල මේ දුන්න රූප ඔයාලට කැමති විදියට ලස්සනට පාට කරන්න. ඒ චිත්‍ර අපිට පුළුවන් සාභාගීව ඉන්න හැම වැඩිහිටියෙකුටම ඇවිත් බලන්න පුළුවන් ආකාරයෙන් ශාලාවේ කෙලවරක ප්‍රදර්ශනය කරන්න. ඒ දෙමව්පියන්ට අපි පොදුවේ ආරාධනා කරනවා මේ චිත්‍ර බලන ගමන් ඒ චිත්‍ර ආසන්නයේ තිබෙන කුඩා කැට වලට ඔවුන්ගේ දරුවන්ව අගයමින් ඉතා සුලු මුදලක් ලබා දිය හැකි බව. අන්න ඒ මුදල් ලැබෙන්නෙ ඔයාලගේ චිත්‍ර වලින්. ඒ මුදල් අපිට පුළුවන් ලංකාවේ පාසල් උපකරන ගන්න බැරිව ඉතාමත් අපහසුවෙන් ඉන්න දරුවන්ට ඒ දේවල් අරගෙන දෙන්න භාවිතා කරන්න. ඒ හැම මූනකම හිනාවක් අදින්න පුළුවන් ඔයාලගේ ඔය පැන්සලෙන්.”

අනෙකෙකුගේ ජීවිත පාට කරන්න චිත්‍ර අඳින දරු පැටව්..

“ඒ ඔස්සේ  ඔයාලට කවදාවත් නොදුටු තවත් දරුවෙකුගේ ජීවිතය වර්ණවත් කරන්න පුළුවන් .  “

“ඒ නිසා තමයි අපි මේකට කියන්නෙ Color for others එහෙම නැති නම් Color others lives by simple act of love.” යැයි මංජුල හේරත්  දරුවන්ට පැහැදිලි කළේය.

සිංහල , දමිළ , අර්ධ සිංහල මෙන්ම අර්ධ දමිළ,     අර්ධ ස්විස් , අර්ධ ප්‍රංශ, අර්ධ ජර්මානු ලෙස විචිත්‍ර වූ මේ ශ්‍රී ලාංකික පවුල    විවිධ භාෂා කතා කරන ,විවිධ ආගම් අදහන දරුවන්ගෙන් සමන්විත විය.  ඒ හැමෝම ඉතාමත් ආශාවෙන් සිය කාර්‍යට අරමුණු සහගතව දායක වූහ.

එමෙන්ම ඒ ඇති කළ උනන්දුව මෙන්ම තෑගි වශයෙන් ලබාදුන් කැට හරහා ජිනීවාහි  වෙසෙන බොහෝ  දරුවන් නිවසේ කාසි එකතුකරන්නට පෙලඹී සිටිති. ඒ   තමා නොදුටු අනිකා වෙනුවෙන් උපන් සහකම්පනයෙනි.  දයාවෙනි. ආදරයෙනි.

අනෙකෙකුගේ ජීවිත පාට කරන්න චිත්‍ර අඳින දරු පැටව්..

ලෝකයට යුද්ධ ඕනෑම නැත. ලොවට ඕනෑ ආදරේය. කුරුල්ලන්ට පියාඹන්නට ඉඩ හල යුතුයි. උන්ගේ තටු කැපීමේ අපරාධයට තවත් ඉඩ දිය යුතු නැත.   දරුවන්ට ඉගැන්විය යුත්තේම ආදරයයි. රැකවරණය ලැබෙන දරුවන් රැකවරණය අහිමි දරුවන් වෙත සෙනෙහසම තෑගි කර යවන්නට පෙළඹවීමෙන් ලෝකය වඩාත් ලස්සන තැනක් වනු ඇත.

ඊශ්‍රායලයේ ද, ගාසාවේද, පලස්තීනයේද, යුක්‍රේනයේද, රුසියාවේද ,සිරියාවේද, ලිබියාවේද වේවා දරුවන් යනු දරුවන්‍ ය. ලෝකය වැඩිහිටියන්ට නොව දරුවන්ට අයිති එකකි. නොදුටු ආගන්තුක ජීවිතයක් තමන්ගේ පාට කූරකින් පාට කරන දරුවන්ගේ මානුෂිකත්වය දෙවියන්ද සොබා දහමද දකිනු ඇත. පාරාදීසයද , දිව්‍ය ලෝකයද , කොටින්ම දෙවියන්ද සිටින්නේ දරුවන්ට පහළිනි.

ඔබ හෝ මා නොදුටු දිව්‍යලෝක බොහොමයක් ඇත්තේ දරුවන්ගේ හදවත් තුළය.

සෑම පාට පැන්සල් පහරකම ඇත්තේ ආදරයේ වර්ණයන්ය.  ඒ සෑම පැන්සල් පහරක් පුරාම ඔවුන්ගේ හදවත්වල අනෙකා ගැන මෙන්ම තමාම පිලිබඳවත් උසස් හැගීමක් ඇති කර තිබේ.

අපිට හෙට අවැසි වන්නේ අනෙකාගේ දුක,  වේදනාව ,කුසගින්න , නැතිබැරිකමට හැකි අයුරින්  සහනයක් ,පිළිසරණක් ලබාදීම වෙනුවෙන් දරුවන්ගේ සිඟිති හදවත් තුළ සහකම්පනයක් ඇතිකිරීමම නොවේද?

ස්තුතියි මේ අපූරු කටයුත්ත කල  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙසෙන මංජුල හේරත්   ඇතුලු සැමට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගුරු වෘත්තියේ යෙදෙන චීවර ධාරියෙක් ගංජා සහ මත් කරල් සමග අත් අඩංගුවට…

Next Post

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මුල් තරගයෙන් ජාපනය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට පහසු ජයක්…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.