බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

සුදු අප්පච්චි චිත්‍රපටයෙන් හඳුන්වා දෙන  තරු කැකුළු   සමග පිළිසඳරක්…

by editor
ජූනි 28, 2024
in කලා
Share on FacebookShare on Twitter

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ   රොඩ්නි විදානපතිරණ විසින් අධ්‍යක්ෂණය කෙරුණ නවතම සිංහල චිත්‍රපටය වන “සුදු අප්පච්චි” ළමා චිත්‍රපටය කොළඹ වන් ගෝල්පේස් හෝටල් සංකීර්ණයේ වී පී ආර් සිනමා ශාලාවේදී පසුගියදා ප්‍රදර්ශනය කෙරිණි.

මේ එම චිත්‍රපටයේ ප්‍රධාන ළමා නළුවාගේ චරිතයට පණ පොවන අවිශ්ක නිම්සර ශ්‍රී විජේරත්න සහ සහාය ළමා නළු අරෝෂ  නෙත්මිණ  ශ්‍රී විජේරත්න සමග ලංකාසර කළ කතාබහකි….

ළමා නළු අවිශ්ක නිම්සර ශ්‍රී විජේරත්න

“සුදු අප්පච්චි” ළමා චිත්‍රපටියේ ප්‍රධාන  ළමා නළුවා ඔබ………කියන්නකෝ ඔබේ මේ දවස්වල වැඩකටයුතු මොනවද කියල

විශේෂ වැඩක් නම් නැහැ.සුපුරුදු පරිදි පාසල් යනවා අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා..ඊට අමතරව මේ දවස්වල කොට්ඨාස ක්‍රීඩා තරග පැවැත්වෙනවා…මම මේ දවස්වල    එම ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙනවා.

මෙම චිත්‍රපටිය රඟපෑමට ඔබට අවස්ථාව උදා වෙන්නේ කොහොමදෙ?

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

රොඩ්නි විදානපතිරණ අංකල් එයාගේ අලුත් ෆිල්ම් එකට ඒ ෆිල්ම් එකේ තරුණ කාලෙ  චරිතයට රඟපාන නළුවාගේ රූපයට සමාන රූපයක් තියෙන අවුරුදු දහයක වයසෙ පුතෙක් හොයමින් ඉඳලා තියෙනවා….මට ඒ වෙනකොට අවුරුදු දහයයි…..අපේ අප්පච්චිත් ජනමාධ්‍යයට සම්බන්ධ නිසා කොහොම හරි මං ගැන ආරංචිය රොඩ්නි අංකල්ට ගිහින් තියෙනව…….ඊට පස්සෙ දවසක රොඩ්නි අංකල් අපේ ගෙදර ඇවිත් අපෙ ෆොටෝස් කීපයක් අරගෙන ගියා….මගෙයි මගේ අයියගෙයි මල්ලිගෙයි……..ඊට ටික දවසකට පස්සේ අපිට පණිවිඩයක් එවනවා මම ඒ ෆිල්ම් එකේ ප්‍රධාන ළමා චරිතයටත් අයියා සහය චරිතයටත් තෝරගත්තා කියලා……..ඒ විදිහට තමයි මට මේ අවස්ථාව උදා වුණේ….

ඉතින් කැමරාවට මුහුණ දෙන්න බයක් ඇතිවුණේ නැද්ද?.

කැමරාවට මුහුණ දෙන්න බයක් ඇති වුණේ නැහැ.ඒකට හේතුව අපේ ගෙදරත් කැමරා උපකරණ තියෙන නිසා මට ඒ දේවල් අලුත් දේවල් උනේ නැහැ…….මට ලොකුවට මං රඟපානවා කියලා දැනුනෙත් නැහැ…..මං රොඩ්නි අංකල් කියන විදිහට වැඩ කළා…

රූගත කිරීම් කරද්දී සිදු වෙච්ච විශේෂ සිදුවීම් එහෙම මොනවද?

මං එක දවසක් රඟපාන්න බෑ කියලා හොඳටම ඇඬුවා…….ඒ බයට නම් නෙමෙයි…..ඒ ඇඬුවෙ මොකටද කියලා මට ඇත්තටම අද මතක නැහැ…….සමහර විට මට වෙහෙස දැනෙන්න ඇති…..ඒ වෙලාවෙ මට අයියා බල කළා, එහෙම කරන්න එපා මල්ලි කියලා………ටික වෙලාවක් ඇඬුවට පස්සේ ඒක හරි ගියා. මං ආයෙත් රඟපාන්න කැමති වුණා.

මේ රූගත කිරීම් සිදුවුණේ කොහෙද?

ගල්ගමුව ,අඹෝගම කදුරුවැව, ඇහැටුවැව  වැනි ප්‍රදේශවල තමයි රූපගත කිරීම් සිදුවුණේ… ඒ දවස්වලත් අද වගේම අලි කරදර තිබුණා…  හවස් වෙද්දි ඉතින් අපි හැමෝම බය වෙනවා… අලි කෑ ගහනවත් ඇහෙනවා… ඒ විදියට මාස හය හතක් මේ රූගත කිරීම් සිදුකළා.  අපේ පාසැල් වැඩ කටයුතු වලට බාධා නොවෙන්න සති අන්ත වල තමයි රූගත කිරීම් සිදුවුනේ.

ඉතින් අවිශ්ක ඔබේ පෞද්ගලික තොරතුරු මොනවද?

මං  ස්ථිර පදිංචිය කුරුණෑගල පැල්ලන්දෙණියෙ… රූගත කිරීම් සිදුවුණේ මීට අවුරුදු පහකට කලින්… ඒ වෙනකොට පදිංචි වෙලා හිටියේ ගල්ගමුවේ අඹන්පොල….

මගේ පාසල කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය. ඉගෙනුම ලබන්නේ දහය ශ්‍රේණියේ…….බාහිර ක්‍රියාකාරකම් විදිහට මම ක්‍රීඩා කටයුතුවල නියැලෙනවා.

මගේ අප්පච්චි තමයි අනිල් ගාමිණි විජේරත්න . ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙන්වන එරියාව ප්‍රාථමික  විද්‍යාලයේ විදුහල්පති, ඔහු ජනමාධ්‍යයටත් සම්බන්ධයි. අම්ම ශ්‍රීමතී විජේරත්න . කුරුණෑගල මාස්පොත ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ක් ලෙස වැඩ කරනව……අම්ම සාහිත්‍ය පැත්තෙන් කලාවට සම්බන්ධයි….ඇයත් මාධ්‍යවේදීනියක්. මගේ අයියා මේ චිත්‍රපටය සහාය නළුවා විදිහට රඟපානවා. මල්ලි මගේ පාසලේමයි ඉගෙන ගන්නෙ. එයා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

අවිශ්කගේ අනාගත බලාපොරොත්තු මොනවාද…දිගටම රඟපාන්න කැමතිද ?

අරෝෂ  නෙත්මිණ  ශ්‍රී විජේරත්න

ඔව්.. අවස්ථාවක් ලැබුණොත් මං දිගටම රඟපානවා…ඒත්  හොඳට ඉගෙන ගන්නත් ඕන… මං කැමති අනාගතයේ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න…

එම චිත්‍රපටයේ සහාය ළමා නළුවාගේ චරිතයට පණ පොවන අරෝෂ නෙත්මිණ  ශ්‍රී විජේරත්න සමග අපි කතා කළෙමු.

මොනවද මේ දවස්වල වැඩ කටයුතු?

අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා….මේ අවුරුද්දේ මම උසස් පෙළ විභාගයට පෙනී සිටිනවා.. ගණිත අංශයෙන්…

මුලින්ම මේ චිත්‍රපටියට සම්බන්ධ වුණාම මොකද හිතුනේ?

 ඉතාම හොඳින් මේ වැඩේ කරන්න ඕනේ කියලා හිතුවා… මගේ මල්ලි තමයි මේකේ ප්‍රධාන  ළමා නළුවා…  අපි දෙන්නම මේකේ රඟපෑව නිසා ලොකුවට අපහසුවක් දැනුනේ නැහැ… මේ චිත්‍රපටයේ සුදු අප්පච්චට රඟපාන ගාමිණි  අංකල්, රූපා පතිරණ ඇන්ටි අපි දෙන්නට ගොඩාක් උදව් කළා… රොඩ්නි අංකල් ලොකුවට අපිට බල කළේ නැහැ… නිදහසේ රඟපාන්න ඉඩ දුන්නා… මේ වැඩේ හොඳින් කරන්න ඔය කියන සියලු කාරණා බලපෑවා….

මේ රූගත කිරීම් අධ්‍යාපන වැඩ කටයුතුවලට බාධාවක් වුණේ නැද්ද…..

කිසිසේත්ම නැහැ….ඒ වෙනකොට මට අවුරුදු 14යි. රූගත කිරීම් සිද්ධ වුණේ සති අන්තයේ. .

ඔබේ විස්තර ටිකක් කියන්නකෝ අපිට.

මේකෙ ප්‍රධාන චරිතය රඟපාන අවිශ්ක නිම්සර ශ්‍රී විජේරත්න මගේ මල්ලි.  මගේ චූටිමල්ලි අනුහස් නිරෝධ ශ්‍රී විජේරත්න . මං ඉගෙන ගන්නේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ.13 ශ්‍රේණියේ.. ගණිත අංශයෙන්.

මං ඉගෙන ගන්න ගමන් බාහිර වැඩ කටයුතු ගොඩක් කරනවා.මං කරාටි ක්‍රීඩාවෙන් රන් පදක්කම් දිනුවා… සංගීත විශාරද විභාගය අවසන් කළා. මෙවර   සමස්ත ලංකා  නාට්‍ය තරගයෙන්  ජයග්‍රහණ ලැබුවා. පාසලේත් විවිධ සමිති සමාගම්වල මං නිලතල දරනවා.

මේ මොන දේ කළත් ඉදිරියට ඉගෙනගන්න එක තමයි මගේ බලාපොරොත්තුව. ඉගෙන ගන්න අතරෙ මට තව  රඟපාන ලැබුණොත් ඒකත් කරන්න පුළුවන්……..

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමරිසි පුද්ගලයින් ගෙන්වාගෙන ඔවුන්ට දස වද දී කප්පම් ලබා ගන්නා වධකාගාරයක්  බැද්දගානෙන් සොයා ගනී!

Next Post

හිරුණිකා බරපතල වැඩ ඇතිව වසර 3ක් හිරේට… තරුණයා පැහැර ගැනීමේ නඩුවේ චෝදනා 18ට ම වරදිකරු වෙයි!

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.