අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

වික්ටර්ව යඥා මඩුවකට ගෙනිච්ච බිරිය හෂිනි කියන කතාව

මේ වසංගත කාලේ අනුන්ගේ දේවල් ගැන හොයන්න වද නොවී වත්තේ මිරිස් ගහක් හරි වවාගෙන ඉන්න... වික්ටර් කියයි.

by editor
පෙබරවාරි 6, 2021
in කලා
Share on FacebookShare on Twitter

වියපත් වික්ටර් රත්නායක සිය තරුණ බිරිය සමග යාඥා මඩුවක පාස්ටර් කෙනෙක් ලඟ වැඳ වැටෙමින් හිඳිනා වීඩියෝවක්  පසුගිය සතියේ සමාජයේ මහා ආන්දෝලනයක් ඇති කළේය.  විකටර්ගේ තරුණ හෂිනි ආමේන්ද්‍රා  ඔහුත් කැටුව ආගමත් අතහැර අන්‍ය ආගමික කල්ලියකට එක් වූ බව කියැවිනි.  මේ සම්බන්ධව හෂිනි ආමේන්ද්‍රා  සිළුමිණ රසඳුන අතිරේකයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණාය. මේ ඒ සම්මුඛ සාකච්ඡාවය.

  • මිනිස්සු කැමති කතාවක් කියපුදෙන් …. එයාව සනීප කරගන්න යන්න පුලුවන් කියලා හිතන  හැම දේම මම කරනවා… 

  • මිනිස්සු දැක්කේ ඒ වීඩියෝ එක විතරයි… මම හැම පන්සලක් ගානෙම දේවාලයක් ගානෙම මගෙ මහත්තයා හොඳ කරගන්න ගියා

  • අපි තවමත් හොඳම බෞද්ධයො… වික්ටර්ව බේරගන්න කැප වුණේ දෙවි වරු වගේ වෛද්‍යවරු

  • වෛද්‍ය ප්‍රතිකාර ගන්න අතරෙ මහත්තයගෙ පූර්ණ සුවය පතාගෙන අධ්‍යාත්මික පිළිවෙත් කරනවා… ඒක අපි දෙන්නටම සහනයක්…

  • මම ඔහුව බලාගන්නෙ ලොන්ඩ්‍රියක් කරගෙන… අපිට බනින කවුරුත් සත පහක ආධාරයක් දීලත් නෑ… අපි ඉල්ලලත් නෑ…

  • ආදරය කියන්නෙ ඇඳක් උඩ කරන ලිංගික ඇසුරක් නොවන බව මේ රටේ වැඩි දෙනෙකුට තේරෙන්නෙ නෑ…ඒක මගෙ වරදක් නෙමෙයි…

  • මාධ්‍ය වල පැතිරෙන වීඩියෝව පිලිබඳ සැබෑ කතාව කුමක්ද ? ඇත්තටම ඔහුට කටහඬ ලැබුනද ?

ඉතින් කටහඬ ලැබෙන්න වික්ටර් ගොළු වෙලා හිටපු කෙනෙක් නෙමෙයිනේ… වික්ටර් රත්නායක කියන්නේ ඕනෑම පරාසයක ගීත දහස් ගණනක් ගායනා කරපු ගායකයෙක් , පහුගිය අවුරුද්ද ඇතුළත ඉතා තදින් රෝගී වෙච්ච නිසා මොළයට ඇතිවුණු හානිය හින්දා එතුමාට වෙනදා තරම් පහසුවෙන් එක දිගට කතා කරන්න බැරි ගතියක් තිබ්බා. ඔය කියන විදිහට කවමදාවත් වික්ටර් ට සම්පුර්ණයෙන් කට හඬ නැති වුනෙත් නැහැ. කට හඬ ලැබුනෙත් නැහැ. ඔය දෙකම කියන්නේ මාධ්‍ය මිසක් අපි නෙමෙයි නේ .

  • ඇත්තටම ඔබ දෙපළ ආගම වෙනස් කළා ද?

කෙටියෙන්ම කිව්වොත් උත්තරය ” නැහැ ”

  • වික්ටර් රත්නායකයන් පෙළුණු  අසනීප තත්වය කුමක්ද කියලා කියන්න පුලුවන්ද ?

මාධ්‍යවලින් නම් එක එක ලෙඩ හැදුනා කියලා තිබ්බා , මමත් , විකටරුත් ,  ඔහුගේ වෛද්‍යවරුනුත් දන්න විදිහටනම්  එතුමාට  කිඩ්නි  සම්බන්ධ අපහසුතාවයක් තමයි මුලින් තිබුණෙ.  ඒකට  ශල්‍ය කර්මයක් කරන්න ඕනේ කියලා දොස්තරවරු නිර්දේශ කළා. ඒකට පහු ගිය අප්‍රේල් මාසේ විකටර්ව ඉන්දියාවේ ගෙනියන්න හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. හැබැයි හිතපු නැති විදිහට කොවිඩ්  නිසා එයාපෝර්ට්  වැහුනා. ඊට පස්සේ ලංකාවේදී අවශ්‍ය ශල්‍යකර්මය කළා.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඒත් වයස නිසා හරි මොකක් හරි හේතුවක් නිසා හරි තියටර් එකේදී වික්ටර්ට ස්ට්‍රෝක් එකක් ආවා. ඊට පස්සේ තත්වය ගොඩක් සංකීර්ණ වුණා. එකින් එක කියන්න බැරි තරම් දිග රෝග ලක්ෂණ මතුවුනා. මාස ගානක් පුද්ගලික රෝහලක වික්ටර් එක්ක නැවතිලා දවල් රෑ නැතුව ඇහැරිලා ඉඳලා වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදලා  කොහොමහරි වික්ටර් ගේ ජීවිතය බේරගත්තා. ඒ ස්ට්‍රෝක් එකේදී සිද්දවෙච්ච brain damage එක නිසා  තවමත් විකටර් ඉස්සර හිටපු තත්වෙටම පත් වෙලා නැහැ. සුව වෙමින් සිටිනවා.

වික්ටර් මේ තත්වයෙන් සුව කරගන්න දෙවිවරු වගේ කැපවෙච්ච දොස්තර වරු පිරිසක් හිටියා. ඒ තමයි. කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, වෛද්‍ය ශර්මිලා විතාන, හදවත් රෝග විශේෂඥ හර්ෂ සමරසිංහ, ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය සමන් ගුණතිලක, වෛද්‍ය නයෝමාලි අමරසිංහ, වෛද්‍ය බන්දු ගුණසේන, වෛද්‍ය අෆ්ලා සාදීක්,  වෛද්‍ය අමිල රත්නපාල, අක්මාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ජගත්, වෛද්‍ය චින්තක අප්පුහාමි, වෛද්‍ය දිනේෂ්.

  • මේ දේවගැතිවරයා ලඟට ගියේ කොහොමද?.  වීඩියෝ කරන බව දන සිටියාද ?

මිනිස්සු දකින්න ඇත්තේ මේ දේවගැතිවරයා ලඟට ගිය එක විතරයි. වික්ටර්ව ගෙදර එක්කන් ආපු දවසේ ඉඳන් මේ වෙනකම් එයාව සම්පුරණයෙන් හොඳ කරගන්න මම නොකරපු දෙයක් නැහැ. නොගිය තැනක් නැහැ. මාස ගානක් බෝධි පුජා තිබ්බා. බාර හාර උනා. සත්තු නිදහස් කළා. ගොඩක් පන්සල්වලට ගියා. පල්ලිවලට ගියා. දේවාලවලටත් ගියා. අපි දන්න කියන අපිට හිතවත් කෙනෙක්  කිව්වා මේ කියන පූජකවරයාගේ දේව කන්නලව්ව නිසා එයාට සහනයක් සුවයක් ලැබුණා කියලා. ආයේ හිත හිත මාධ්‍යට කිය කිය රටෙන්ම අවසර ගන්න දෙයක් නැහැනෙ. පහු ගිය ඉරිදා උදේම මම වික්ටර් එතනට එක්කන් ගියා.

එතන විතරක් නෙමෙයි. හෙට ඔයා කිව්වොත් වෙන තැනක් මම එතනටත් මගේ මහත්තයව එක්කන් යනවා.  මට ඕනේ මොන දේ කරලා හරි මගේ මහත්තයට සම්පුර්ණ සුවය ගන්න විතරයි. මිනිස්සුන්ගේ බැනුම්, අපහාස, මොන දෙයක්වත් මට මගේ වික්ටර් තරම් වටින්නේ  නැහැ.  හැබැයි ඒක වීඩියෝ කරන බවක්වත් ඒක සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවක්වත් කලින් දැනගෙන හිටියේ නැහැ. මම නම් තාම ඕක දැක්කේත්  නැහැ. අපිට වැඩකුත් නැහැ. පුජක තුමාගෙන් ඇහුවම  ”එතුමා ලඟට එන සියලුම රෝගීන් ගේ වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන බවත්, වික්ටර් එතනට ගියපු එක්කෙනක් විතරක් බවත් තමයි කිව්වේ ”

  • වික්ටර් රත්නායකයන්ගේ වර්තමාන තත්වය කොහොමද ?

වික්ටර් තාම බෙහෙත් බොනවා… පරීක්ෂණ කරනවා… වයස නිසා සුවවීම ටිකක් පරක්කුයි. ඒත් හිමින් හිමින් සුව අතට එනවා. වෛද්‍ය විද්‍යාව අනුව කරන්න පුළුවන් හැමදේම ඔවුන් කරනවා. දොස්තර දෙන බෙහෙත් ටික පොවලා කවදාහරි සනීප වෙයි කියලා මට නිකන් බලන් ඉන්න බැහැ.  අධ්‍යාත්මිකව කරන්න පුළුවන් හැමදේම මම කරනවා.  ඒ වෙනුවෙන් ඕන දෙවි කෙනෙක් ඕන ආගමික යාගයක්, දේව කන්නලව්වක්, මම කරනවා. ඒක මටයි වික්ටර්ටයි ලොකු මානසික සහනයක් .

  • මේ වන විට ඔබ දෙපළ අසරණ තත්ත්වයකද ඉන්නේ ?

මේ ලෝකේ හැමෝම අසරණයි. ඔව් මමත් මගේ මහත්තයාගේ රෝගය නිසා අසරණයි. හැබැයි බොහෝ කලාකරුවන් තරම් අසරණ නැහැ. ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක මාස ගානක් හිටපු නිසා  තිබ්බ ඔක්කොම තැන්පත් ධනය හිස් උනා. අන්තිමට මම මගේ නමට තිබ්බ කාර් එකත් ලක්ෂ 82 කට විකුණුවා. අදටත් වික්ටර් වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් වෙනවා. හැබැයි මේ වෙනකම් කිසිම ආයතනයක්වත්  සංවිධානයක්වත් ඔය දොස් කියන  කවුරුවත් එක සත පහක් වත් අපිට දීලා නැහැ. මම ඉල්ලලත් නැහැ.

වික්ටර්ගෙ රෝගී තත්වය නිසා ගෙදර ආර්ථිකය සම්පුණයෙන්ම මට පැවරුණා. ඒක නිසා මම පොඩියට  ව්‍යාපාරයක් විදිහට  ලොන්ඩ්රියක් පටන් ගත්තා. ඒකෙන් වික්ටර්වත් බලාගෙන අපි ජීවත් වෙනවා. මට තාම හොඳට හයිය තියනවා.  දැනුම උගත්කම තියනවා.  ඒ නිසා මගේ මහත්තයා වෙනුවෙන් මම මහන්සි වෙනවා. එතුමාව ජීවත්  කරවනවා .

  • සමහරු මේ හැමදේකම චෝදනාව ඔබට එල්ල කරනවා , ඒ ගැන අදහස මොකක්ද ?

සරළවම කිව්වොත් කිසිම අදහසක් නැහැ.  මේ සිද්ධිය ගැන කරන පළමු සහ අවසාන ඉන්ටවිව් එකත් මේක වෙයි. ඒක කරන්නෙත් මගේ හිත්වතියක්ගේ බලකිරීම නිසා. නැත්තම් මේකයි උනේ මෙහෙමයි උනේ කියලා මිනිස්සුන්ට ඇත්ත තේරුම් කරන්න මට කාලයක් නැහැ. උවමනාවකුත් නැහැ.

මම වික්ටර් ව කසාද බඳිනකොට එයා හිටපු විදිහයි   මම එයාව බලාගන්න විදිහයි අපිව දන්න මිනිස්සු හොඳින්ම දන්නවා.  ඔය පත්තරවල මට කැත විදිහට අපහාස කළාට  අපේ පවුල ලඟින්ම  හිටපු ඕවා කියන ඕවා ලියන මිනිස්සුත් ඒක දන්නවා. විකටර්ගේ දොස්තරවරු දන්නවා. ඒ කාටත් වැඩිය මගේ හෘදය සාක්ෂිය ඒ ගැන දන්නවා. මේ අවුරුදු ගානටම මිනිස්සු මට කියපු දේවල් එයාලට මිසක් මට අදාළ නැහැ.

ආදරය ප්‍රේමය කියලා මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඇඳක සිද්ධවෙන ලිංගික ක්‍රියාවක් විතරමයි. ඊට එහා ගියපු ප්‍රේමයක් ගැන මිනිස්සු දන්නේ නැහැ. ඒක මගේ වැරද්දක් නෙමෙයි නේද ?

මම මම කැමති කෙනාව නීතියෙන් බැන්දා.  මැරෙනකම්ම එයාව ආදරෙන් බලාගන්නවා. ඒ වෙනුවෙන් ඕන කැපකිරීමක් කරනවා. මිනිස්සුන්ගේ යෝජනා චෝදනා දැක්කහම මට හිනා යනවා විතරයි.

මමත් වික්ටර්ත් බුද්ධාගම මිනිස්සු. හැබැයි මේ වෙලාවේ මම සතෙකුට වන්දනා කළොත්  මහත්තයව හොඳ කරන්න පුළුවන් කියලා කව්රුහරි විශ්වාසයෙන් කිව්වොත් වෛද්‍ය උපදෙස්   පිළිපදින ගමන්  මම ඒකත් කරනවා. ඒක බලන් ඉන්න කෙනෙකුට විහිළුවක් වගේ මිත්‍යා දෘෂ්ටියක් වගේ පේනවද දන්නේ නැහැ. තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා ලෙඩ වෙලා විඳවනවා බලනවට වැඩිය නම් මට ඒක හොඳයි …

ඒ නිසා මේ කිසිම දේකට මම  සමාජයට උත්තර බඳින්න යන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ   මට්ටමට  මේ ගැටලුව දකියි. හැබැයි ඔය කිසිම කෙනෙකුට මම කිසිම වැරද්දක් කරපු කෙනෙක් නෙමෙයි. ඒ අයගේ පුද්ගලික ජීවිතවලට බලපෑම් කරන කෙනෙකුත් නෙමෙයි. වැදගත්ම දේ අපි ඔවුන්ගේ යැපෙන්නෙ නෑ. හැබැයි මම වික්ටර්ගේ බිරිය විදිහට ඔබ හැමෝටම පොරොන්දු වෙනවා  වික්ටර් රත්නායකයන් මධුර ගීත ඉස්සර වගේම ඔබ ඉදිරියේ ගායනා කරවන්න මට පුළුවන් හැමදේම  අදත් හෙටත් මතුවටත්  මම කරනවා..

එච්චරයි .

මේ පිළිබඳව වික්ටර් රත්නායකත්  සිය අදහස්  දක්වා තිබිණි.

  • ඔබතුමාට මේ ගැන කියන්න මොනවහරි තියෙනවද?

මම කියන්න ඕන දේවලුත් සමාජයෙ ඉන්න මිනිස්සුම කියලනේ… ඉතිං තවත් මොනවද. මම කෙටියෙන්ම කියන්නම්. මම හොඳ සිහියෙන් ඉන්නවා…  ඔපරේෂන් එකෙන් පස්සෙ තාම එක දිගට නොකඩවා කථා කරන්න නම් ටිකක් අමාරුයි… මහන්සියක් දැනෙනවා… ඒ ඇරෙන්න මට පියවි සිහිය නැති වෙලාවත්, මම එක තැන් වෙලාවත් නැහැ,. පුදුමය කියන්නෙ, මේ රටේ ලෝකෙ මිනිස්සු නම් කටට එන ඕන දෙයක් කියල හිත සනසගන්න හදන ජාතියක් කියල හරි හිතන්න පුළුවන්.  ඒත් මම ජීවිත කාලය පුරා දහසක් උදවු පදවු කරපු මිනිස්සුත් මේ තරම් මිත්‍ර දෝහී වීම ගැන නම් හරිම කලකිරීමක් තියෙන්නෙ.

මේ වසංගත කාලේ, පුළුවන්තරම් අනුන්ගෙ දේවල් හොයන්න කාලේ නාස්ති නොකර  වත්තේ මිරිස් ගහක්  තක්කාලි පැළයක් හරි වවාගෙන තමන්ට යහපතක් වෙන දෙයක් වෙනුවෙන් ඔයාලගෙ වටිනා කාලය යොදාගන්න. අපි සැනසීමෙන් ඉන්නවා.

ඒ ගැන වදවෙන්න එපා.

අනීෂා ජයකොඩි – (රසඳුන අතිරේකයෙන් උපුටා ගන්නා ලදී.)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිරේ ඉන්න දුවටයි බෑණටයි තාප්පෙට උඩින් හොර බඩු දැමූ මව පොලිසියට කොටු…

Next Post

ඩොලර් මිලියන 400 ගෙවන්න වැඩිපුරත් මාස 03ක් දුන්නා… ඊට වඩා අපහසුයි…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.