සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ලෝකයට අයිති කලා කෘතියකට ගල් ගසන තමිල්නාඩුවේ කුරුමිණි මිනිස්සු

by editor
ඔක්තෝබර් 18, 2020
in කලා
Share on FacebookShare on Twitter

මුරලි 800 චිත්‍රපටයේ මුරලිට රඟපාන විජේ සේතුපති වරෙක මෙසේ කීවේය.

“ මුරලි අප බොහෝ දෙනාට වඩා සටන් වලට මුහුණ දුන් කෙනෙක්. ඔහු මුද්දරයක් හා සමානයි. මුරලි ආකර්ශනීය චරිතයක් වගේම පෞර්ෂයක් තියෙන කෙනෙක්. ඔහුගේ සැබෑ ජීවිතයේ පෞරුෂයට මා කැමතියි. ඔහු පිටියේ දැක තිබුණත් ඉන් පිටතත් සුන්දර මිනිහෙක්.  මේ චරිතය මට නම්බුවක්.”  .

එහෙත් තමිල්නඩුවේ මිනිස්සු එසේ හිතන්නේ නැත. මේ වනවිට ඔවුන් මුරලි මුල්කරගෙන දකුණු ඉන්දියාවේ නිශ්පාදන වීමට සැලසුම්  වී ඇති නවතම චිත්‍රපටයට විරෝධය පළකරමින් ඇත.

චිත්‍රපටය  ‘මුත්තයියා මුරලිදරන් 800’  ය.  විරෝධයක් මතුවෙමින් ඇති ලකුණු පෙනුන ද මුත්තයියා මුරලිදරන් 800  චිත්‍රපටය ලබන වසරේ සිට රූගත කිරිම් ආරම්භ වන්නේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

චිත්‍රපටයට විරෝධය දක්වන තමිල්නාඩුවේ සමහර මිනිස්සුන්ට දැන් මුරලි ද්‍රෝහියෙකි. හේතුව පසුගිය ඡන්දයේ දී ඔහු වත්මන් ආණ්ඩුව  බලයට පත් කිරීමට සම්බන්ධ දේශපාලනයක නිරත වීමය.

“විජය සේතුපති නළුවෙකු ලෙස සැමවිටම අගය කර ඇත. නමුත් දැන් ඔහු කෙරෙහි මා තැබු ගෞරව නැතිව ගොස්. රාජපක්ෂට විවෘතව සහයෝගය දුන් ද්‍රෝහියකුගේ ජීවිත ඉතිහාසය සැකසීම ඒකට හේතුවයි.” තමිල්නාඩු රසිකයෙක් කියා සිටියේය‍

තවත් චෝදනාවක මෙසේ සඳහන්ය‍, “සිංහල රජය විසින් ඊළාම් දෙමළ ජනයා ලක්ෂ 2 ක් සමුල ඝාතනය කර ඇත. විජය සේතුපතිට මෙම වේදනාව දැනෙන්නේ නෑ. සේතුපතිව හෙළා දකිමි.”

තවත් අයෙක් සටහනක් තබා ඇත්තේ, “මුරලි දෙමළ ජාතිකයෙක්. නමුත් ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාව. අපේ රටේ ක්‍රිකට් පුරාවෘත්ත රාශියක් තිබෙනවා. එසේනම් ඇයි ශ්‍රී ලංකා ක්‍රීඩකයාව චරිතාපදනයකට තෝරගත්තේ.” යනුවෙනි.

හැම ජාතියකටම අයිති මිනිසා…

Muththayiya-Muralidharan
මුත්තයියා මුරලිදරන්

මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ලෝකයට අයිති එකකි.  ඒ ඔහු දැනටමත් ක්‍රිකට් ලෝකයේ පුරාවෘත්තක් වී ඇති බැවිනි.  ඔහු මහනුවර ශාන්ත අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය ලබා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු බවට පත්වූයේ ටෙස්ට් ලොව වැඩිම කඩුලු ලාභියා (800) සහ එක්දින ලොව වැඩිම කඩුලු ලාභියා (534) යන වාර්තා දෙකම තමන් සතු කරගනිමිනි. බාධක කම්කොටලු මැදින් ජීවිතය ජය ගත් මුරලිගේ ජීවිත කතාව සිනමාවට නැගිය යුතුම කතාවක් වන්නේ ඒ නිසාය.. සචින් ටෙන්ඩුල්කාර්, මහේන්ද්‍ර සිං දෝනි යන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ චිත්‍රපටද ඉන්දියාවේ සිනමාවට නැගුණි. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකුගේ ජීවිත කතාව   සිනමාවට නැගෙන මුල්ම අවස්ථාව මෙයය.

අපි වාර්ගික යුද්ධයකින් ලෝකයේ බිහිසුණුම ලෙස බැට කෑ මිනිස්සුය.  මේ රටේ මැදිවයස ගත කරන මිනිස්සුන්ගේ ජීවිත කාලයෙන් අඩකට වඩා ගෙවී ගියේ ඒ මරණීය යුද්ධය සමගය. එහෙත් ලංකාවේ ක්‍රිකට් වලට ජාති භේද තිබුණේ නැත. එල්.ටී.ටී. නායක ප්‍රභාකරන් ඇතුළු පිරිස්ද 1996 ලෝක කුසලාන නරඹා ප්‍රීති වූහ.  ජාතිභේද අදාලම වූයේ නැත. මුරලි අහවල් ජාතියේ දැයි කිසිවෙක් ඇසුවොත් එය ඇසෙන මිනිසා තිගැස්සෙන්නේ  ඔහු මේ රටේ බහුවාර්ගික සමාජයේ හැමෝටම අපේ එකෙක් වූ බැවිනි.

වරෙක ඩැරල් හෙයා මුරලි මුරලිව සැලසුම් සහගත ලෙස විනාශ කරීමට කටයතු කළේය.

“අයියෙ… මම ගෙදර නවතින්නම්… මේක අයියටලත් ප්‍රශ්නයක්..“ බලාපොරොත්තු බිඳගත් මුරලි පිටිය මැද දී කියා තිබිණි. එදා මේ අසීමිත ක්‍රීඩකයා ගේ අනාගතය වෙනුවෙන් ඒ වනවිට ලොව මහත් ප්‍රසාදයට පත් ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග තමන්ගේ ක්‍රිකට් ජීවිතය පරදුවට තිබ්බේය. මුරලි ඉබේ පහළ වුනේ නැත. මේ බහුවාර්ගික විචිත්‍ර සමාජය මුරලිව නිර්මාණය කරගත්තේය. ඔහු පිටුපස ජාතික කණ්ඩායම සිටියේය. කණ්ඩායම පසුපස මේ රටේ නාඩි වැටෙන හැම මිනිසෙක්ම සිටියේය. මුරලි  ජාතියක් ලෙස අපේ මිනිසුන් විසින් ආරක්ෂා කරගත් සම්පතක් වූයේ එබැවිනි. චිත්‍රපටයක් ගොඩ නැගෙන්නට අවශ්‍ය විචිත්‍ර අවකාශයක් මුරලිගෙ ජීවිතය තුළ විදිහිදී යන්නේ ඒ  අයුරිනි. සිනමා කරුවෙකුට එය රූපණය කළ හැකි විචිත්‍රත්වය අති මහත්ය. එය දැකිය හැක්කේ මිනිසුන් ලෙස ලෝකය දකින්නට කැමති මිනිසුන්ට පමණය.

එම්.එස්. ශ්‍රීපති සමග මෙම චිත්‍රපටය සම රචනා කර ඇත්තේ 2012 පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයෙන් පිදුම් ලද  නවකතාකරුවකු වන ෂෙහාන් කරුණාතිලකය. ඔහු විසින් රචිත ‘චයිනමන් ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව්ස්’ යන නවකතාවට එම සම්මානය හිමි විය. කුඩා කාලයේදී වේග පන්දු යවන්නකු වූ මුරලි දඟ පන්දු යවන්නකු වශයෙන් වෙනස් වු අයුරුත්, මුරලිදරන්ගේ කුඩා කළ ජීවිතය, එල්.ටී.ටී. ත්‍රස්තවාදය හේතුවෙන් සහ ශ්‍රී ලංකාවේ භීෂණ සමයේදී ඔහු ලද අත්දැකීම්, ඩැරල් හෙයාර්ගේ නිපන්දුව, 2009.03.03 ලාහෝ නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ඇතුළු සිද්ධින්ද අදාළ සිද්ධි පසුබිම චිත්‍රපටයට ඇතුළත්ව තිබේ.

චිත්‍රපටයට සම්බන්ධ වූවන් කියන කතා

විජේ සේතුපති මුරලිදරන් ලෙස

මුරලිගේ කතාව රංගනයට නවන්නේ ජනප්‍රිය ඉන්දියානු නළුවකු වන විජේ සේතුපතිට තමිල්නාඩුවට ජාති ද්‍රෝහියකු වී තිබේ. “අපට පෙනෙන්නේ ඔහුගේ අතෙන් පන්දුව කැරකෙනවා පමණි. මුත්තයියා පන්දු යවන හැටි බොහෝ දෙනා දන්නවා. නමුත් ඔහුගේ චරිතයට පණ පොවන්න මට අවශ්‍යයි. අප සෑම කෙනෙකුටම විවිධ අභියෝග හමුවේ සටන් කිරීමට සිදුවෙනවා. නමුත් මුරලි අප බොහෝ දෙනාට වඩා සටන් වලට මුහුණ දුන් කෙනෙක්. ඔහු මුද්දරයක් හා සමානයි. මුරලි ආකර්ශනීය චරිතයක් වගේම පෞරෂයක් තියෙන කෙනෙක්. ඔහුගේ සැබෑ ජීවිතයේ පෞරුෂයට මා කැමතියි. ඔහු පිටියේ දැක තිබුණත් ඉන් පිටතත් සුන්දර මිනිහෙක්.  මේ චරිතය මට නම්බුවක්.” යැයි විජේ සේතුපති පවසයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කිරීම සම්බන්ධව ඩී.ඒ.ආර්. ශ්‍රීපති පවසන්නේ මෙවැනි කතාවකි. “ඔවුන් මගෙන් චිත්‍රපටය සෑදිම සම්බන්ධව කතා කරන්න ආපු වෙලාවේ මම හා කියපු එකම හේතුව තමයි ක්‍රිකට් පිටියේ බොහෝ වාර්තා බිඳ දැමු අයෙකු පමණක් මිනිසුන් දැන සිටීමයි. නමුත් ඔවුන් දැනගත යුතුයි මුත්තයියා මුරලිදරන් යනු විවිධත්වයෙන් යුත් පුද්ගලයෙක් බව.”

මුරලිගේ බිරිය වශයෙන් රඟපාන රාජීෂා විජයන් මෙම සිනමාපටය දායකවීම සම්බන්ධව පවසන්නේ, “චිත්‍රපටයට මා ආකර්ෂණය වුයේ මෙය තවත් ක්‍රීඩා චරිතාපදානයක් නොවීමයි. මුරලිගේ ජීවිතයේ රසවත් පැතිකඩ බොහොමයක් තියෙනවා.” යනුවෙනි.

එළි දක්වන්නෙ ද්‍රවිඩ භාෂාවෙන්.. භාෂා ගණනකට පරිවර්තනය වෙනවා…

මුරලි වෙනුවෙන් ජාත්‍යන්තර සිනමාවට එන ඔහුගේ ජීවිත කතාව ඇතුළත්  චිත්‍රපටය දෙමළ භාෂාවෙන් එළිදක්වනු ලබයි. නමුත් ඉංග්‍රීසි උපසිරැසි සමග ඉදිරිපත් කරන මෙම චිත්‍රපටය තෙළිඟු, මලයාලම්, හින්දි, බෙංගාලි සහ සිංහල භාෂාවලින්ද පරිවර්තනය වනු ඇත. ලබන 2021 වසරේ ජනවාරි මාසයේ සිට චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර එම රූගත කිරීම් ඉන්දියාව, ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රෙලියාවේදී සිදුකිරීමට නියමිතව තිබේ.

මුරලි අපට පෙනි පෙනී ඉන්නා අපේ මිනිසෙකි. එහෙත්  මුරලි සිනමා සිත්තමක් සේ දකින්නට අපේ මිනිස්සු නොයිවසිල්ලෙන් පසුවෙති. එය ජාති වාදය තුළ හැකිලී ඉන්නා කුරුමිණි මිනිසුන්ට නොවේ.  ලෝක ධරමතාවයන් ඔස්සේ ජීවිතය දකිනු රිසි  බලාපොරොත්තු සහිත  සහෘදයන්ටය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

මෙරට දේශපාලන පරපුරක කතක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

Next Post

කොවිඩ් ආසාදිත හෘද රෝගියෙක් නිසා ජාතික රෝහලේ 34-36 වාට්ටු වසයි..

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.