අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

රංජන් සිරගතවීම කලාකරුවන්ට දැණුන හැටි

by editor
ජනවාරි 15, 2021
in කලා
Share on FacebookShare on Twitter

තිලිනි කෞෂල්‍යා –

කලාකරුවෙක් වී ජනතාව අතරට පැමිණ දේශපාලකයෙක් වුන රංජන් රාමනායක පසුගියදා වසර හතරකට සිරගත  වුණා. කලාකරුවෙක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත රන්ජන් සිරගතවීම  කලාකරුවන්ට කොහොම දැනෙන්න ඇතිද. මේ රන්ජන් ගැන ඔවුන් කියපු කතා.

 මුදල් ලබා ගත්තු කලා කරුවන්ගෙ ස්තුතිය ගැන කියන්නවත් බැරි වුණා…
– දිල්හානි ඒකනායක –

රන්ජන් සහ මම එකම කාලේ එකම කට්ට කාගෙන කලාවට ආපු අය. මගෙයි රන්ජන්ගෙයි යාලුකම සිනමාවටත් එන්න  කලින් තිබ්බ යාලුකමක්. අපේ හිතවත්කමට දැන් අවුරුදු 35ක් විතර වෙනවා .ඒ හිතවත්කම එදා වගේමයි.

රන්ජන් අයියා දේශපාලනයට ගියාම අපිත් එක්ක තියෙන සබඳතාවය ටිකක් අඩු වුණා. ඒ නිර්මාණ අඩුවෙන් කළ නිසා. මම අන්තිමට රන්ජන් අයියා එක්ක රගපෑවේ නිලම්බරේ චිත්‍රපටයේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

.මේ ලගදි මම දැක්කා රන්ජන් අයියා සල්ලි වගයක් බෙදලා දෙනවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බා. අපේ අයටත් ඒ මුදලින් කොටසක් දෙමු කියලා මම යෝජනා කළා. මම උදවු අවශ්‍ය කලාකරුවන් 31 කගේ නම් ලිස්ට් එකක් හදලා රන්ජන් අයියට ගිහින් දුන්නා. මෙච්චර ඉක්මනින් ඔවුන්ට උදවු කරන්න පුලුවන් වෙයි කියලා  හිතුවේ නැහැ. නමුත් මට දවස් දෙකකින් මුදල් ලැබුණා ඔවුන්ට බෙදා දෙන්න. මම අතරමැද ඉඳගෙන ඒ තුන් ලක්ෂ දහදාහක මුදල එක විදිහට ඒ තිස් එක් දෙනාට බෙදලා දුන්නා. සිංහල දෙමළ, කලා ශිල්පීන් වගේම සංගීත ශිල්පීන්, අධ්‍යක්ෂකවරු, සහය අධ්‍යක්ෂකවරු, දැන් නම් පවා අමතක කරලා තියෙන වැඩිහිටි කලාකරුවෝ කියන පිරිසක් මේ ලිස්ට් එකට හොයලා බලලා ඇතුල් කළා. මට ඒ කළ දේ ගැන   උපරිම සතුටක් දැනෙනවා.

අයියා සිරගත වෙලා කියලා මම දැනගත්තේ යාලුවෙක්ගෙන්. මොකද මට එදා  නිවුස් බලන්නත් ප්‍රමාද වුණා. රන්ජන් අයියා උදවු කළ කලාකරුවෝ ඔහුට ස්තූතිවන්ත වෙන්න කිව්වත් මට ඒ පණිවුඩය රන්ජන් අයියට කියන්නවත් අවස්ථාව ලැබුණේ  නැහැ.

.රන්ජන් අයියා වගේ සුහද කලාකරුවෙක්, එකට හිටපු මිත්‍රයෙක් සිරගත වුණා  කිව්වම වේදනාවක් දැනෙනවා. අධිකරණයක තීන්දුවකට අපිට කතා කරන්න බැහැ. නමුත් අපි හැමෝගෙම සතුට වෙනුවෙන් රන්ජන් අයියට ආදරය කරන පිරිස වෙනුවෙන් ඔහුට කුමක් හෝ සමාවක් ලැබුණොත් හොඳයි කියලා හිතනවා.

ඔහුගේ වැරදි ගැනම කියන්නෙ මේ රටේ ඉන්නෙ මාර සර්ව සම්පූර්ණ මිනිස්සු ද?…
 -ජනිත් වික්‍රමගේ –

රන්ජන් අයියා කියන්නෙ බොහොම හිත හොඳ මනුස්සයෙක්. කලාකරුවෙක් ලෙස ඔහු බොහොම සංවේදි මනුස්සයෙක්. අපි හැමෝටම පෞද්ගලික ජීවිතයක් තියෙනවා. රන්ජන් අයියගේ හඬපට කිහිපයක් පහුගිය කාලේ එලියට ආවා. අන්තිමේ වැරැදිකාරයා වුණේ ඔහු. ඒ හඬපට එලියට දාපු අය වැරැදිකාරයෝ වුණේ නැහැ.

මේක වික්ටර් රත්නායක මහත්මයාට සනත් ජයසූරියට අපහාස කළ රටක්. කලාකරුවෝ මිය ගියාම විතරක් ගුණ වයන රටක්.  රන්ජන් අයියගේ වුණත් දේශපාලන කතන්දර අපිට වැඩක් නෑ. මම රන්ජන් අයියගේ දකින වැදගත්ම කෑල්ල තමයි නිහතමානිකම. එයාට කලාවේ වැඩ කරද්දි පක්ෂ පාට බේද නැහැ. හැමෝම එක්ක සුහදව වැඩ කරනවා. රන්ජන් අයියගේ මානව හිතවාදි ගතිය එක්ක, ඔහුට සිරගත වෙන්න සිදුවීම අවුලක් විදිහට දැනෙනවා.

කලාකාරුවෙක් විදිහට ගත්තොත් රංජන් කියන්නේ නොදැනුවත්ව හෝ දැනුවත්ව සිනමාවට ප්‍රේක්ෂක රැල්ලක් හදපු කලා කාරයෙක්. අදටත් නම කියපු සැනින් ඔහුගේ චිත්‍රපටයක් බලන්න හෝල්වලට සෙනග එනවා. මම සමහර වෙලාවට ඔහුට කියලා තියෙනවා ඔයාටත් ඔයාගේ අගයක් නෑ කියලා. අපි දැකලා තියෙනවා ඔහුගේ මට්ටමේ අනෙක් නලු නිළියෝ ගත කරන ජීවිත. හැබැයි රන්ජන් අයියා හිඟන්නෙක් වගේ ජිවත් වුණේ. මන්ත්‍රි නිවාසවල සුදු රෙද්දක් කර්ට්න් වලට දාගෙන පුදුම සරල ජීවිතයක් ඔහු ගත කළේ.

රන්ජන් අයියගෙත් වැරැදි ඇති. හැබැයි අපේ රට මාරම ස්වාධීන, සර්වසම්පූර්ණ මිනිස්සු ඉන්න රටක් නම් ඔය ඔහුගේ වැරැදි ගැනම කිව්වට කමක් නැ..

අපේ රටේ ඉන්නේ මහ වහල් මිනිස්සු ජාතියක්. අපි මොනව කිව්වත් මොනව කළත්  සමහර මිනිස්සු ඒක පෙරලා ගන්නේ දේශපාලනයෙන්. රන්ජන් අයියා කළු චරිතයක් කියලා සමහර පෞද්ගලික ජිවිතවල කතන්දර අහලා චෝදනා කරනවානම් ඊට වඩා කළු චරිත වුණ නළු නිළියෝ අපේ රටේ ඉන්නවා. රන්ජන් අයියා හොරකම් කරන්නෙ නැහැ. ,කොමිස් ගහන්නේ නැහැ .ඒ නිසා ඔහුට ගහන්න උත්සාහ කළේ වෙනම පැත්තක් අරගෙන. රන්ජන් අයියා හැම තිස්සෙම කිව්වේ ස්වභාව ධර්මය එක්කනේ අපිට හැම දෙයක්ම ලැබෙන්නේ. ඒත් එක්ක අපිට ලැබෙන්න තියෙන දේ ලැබෙයි, නොලැබෙන්න තියෙන දේ නොලැබෙයි කියලා.

රන්ජන් අයියා තමන් වෙනුවෙන් මහ ලොකු දේවල් රැස් කරගත්තේ නැති කෙනෙක්. තමන්ට ලැබෙන දේවල් බෙදා හදාගෙන ජීවත් වුණ පුද්ගලයෙක්. මගේ තාත්තා අසනීප වුණ වෙලාවේ අපිට ගොඩක් උදවු කළ අය අතරේ හිටපු ජයන්ත ධර්මදාස මහත්මයා, මහින්ද රාජපක්ෂ මැතිතුමා මතක් කරනවා වගේම රන්ජන් අයියවත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. රන්ජන් අයියා අපිට උදවු කළේ එයාගේ පෞද්ගලික සල්ලි වලින්. ඔහු අනෙක් අයට උදවු කළා කියලා කිසිම වෙලාවක ලකුණු දාගන්න උත්සාහ කළේ නැහැ.

ඕනම මනුස්සයෙක්ගේ ජිවිතේ හොද නරක දේවල් තියෙන්න පුලුවන්. රන්ජන් අයියගේ ජිවිතේටත් ඒක අදාලයි. රටට කලාවට ඔහුගෙන් වෙන හොඳ තමයි අපිට අදාල. සොබාදහම අනුව හැමදේම විසඳෙයි කියලා අපි හිතනවා. ඇත්තටම ඔහු හොඳ නිහතමානි තරු ගුණය හොදටම තිබ්බ සරල මනුස්සයෙක්.

ඒ නිසා අපිට ඔහුව ගොඩක් දැනෙනවා.

 මේ දඬුවම සැර වැඩියි…
සුරංග අල්විස් –

මට ජිවිතේ තේරුම්ගන්න බැරි කාරණා තුනක් තියෙනවා. චිත්‍රපට සංස්ථාවේ ටිකට් එක හැදෙන විදිහ ,ලයිට් බිල හැදෙන විදිහ වගේම රන්ජන් අයියගේ ආකල්ප තමයි මට හිතාගන්න බැරි. රන්ජන් කියන්නේ හරිම සරලව ජීවත් වෙන කිසිම බරක් පතලක් නැති කිසිම කෙනෙක්ගෙ හිත නොරිද්දන ගුණයහපත් මනුස්සයෙක්. දේශපාලනය කියන කෑල්ල අයින් කළත් කලාකරුවෙක් ලෙස ඔහුගෙන් ගන්න දෙයක් තියෙනවා. මාත් එක්ක ඔහු චිත්‍රපට දෙකක වැඩ කලා. ඔහුගේ පෞද්ගලික දේවල් තියෙනව. හැබැයි ඔහු වැඩකට බැස්සම අනෙක් ශිල්පීන්ට සහයෝගය දීගෙන මුළු සෙට් එකේම ඉන්න අය හිනාගස්සලා ජිවත්වෙන චරිතයක්. පාරේ යන මිනිස්සු දාහක් කතා  කලත් ඒ දාහ එක්කම කතා  කරන ,ෆෝටෝ ගහන්න එන   හරිම හිත හොද මනුස්සයෙක්. කිසිම වෙලාවක කාගේවත් හිත රිද්දන්න ඔහු කැමැති නැහැ

.රන්ජන් අයියා මේ වෙනකොට ලංකාවේ ඉන්න සුපර් ස්ටාර්. රන්ජන් අයියට වඩා  රගපාන්න පුලුවන් නළුවෝ ඉන්නවා. හැබැයි ඔහුට පුලුවන් මොන චිත්‍රපටය කලත් කාලයක් තිස්සේ ලබා ගත්ත අත්දැකීම්වලින් මිනිසුන්ව සිනමා ශාලාවලට ගෙන්න ගන්න. ඒක තමයි නළුවෙක් විදිහට කරන්න පුලුවන් උපරිම දේ. ඒක දැනට කරන්න පුලුවන් රන්ජන්ටයි හේමාල්ටයි විතරයි. සල්ලි දීලා ටිකට් එකක් අරන් නළුවෙක් නිසා චිත්‍රපටයක් බලන්න එනවා නම් ඒ එන්නේ ඔවුන් නිසා විතරයි.

රන්ජන් දර්ශන තලයක ඉන්නවානම් පාලුවක් නැහැ. දර්ශන තලයක ඉන්නකොට කෑම වාහනයක් ලඟින් ගියත් මුළු සෙට් එකේම ඉන්න අයට ඔහු කෑම අරන් දෙනවා. මම එහෙම නළුවෙක්ව ලොවෙත්  දැකලා නැහැ. වරදක් කලානම් දඩුවම් විදින්න ඕනේ.

හැබැයි දඩුවම සැර වැඩියි කියලා තමයි මට දැනෙන්නේ.

දේශපාලනය අයින් කරන්න… මේ ඉන්නේ මනුස්සකම පිරුණු මනුස්සයෙක්…
– ඩොනල්ඩ් ජයන්ත –

රන්ජන් රඟපාපු චිත්‍රපට පහලොවක විතර සහය අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ කළා මම. මම අධ්‍යක්ෂණය කළ මායා චිත්‍රපටයෙත් ඔහු රඟපෑවා. ඔහුගේ පාර්ලිමන්ට් ජෝක්ස්, වන්ෂොට් වගේ චිත්‍රපටවලත් මම සහය අධ්‍යක්ෂකවරයා වුණා. රන්ජන් කියන්නෙ හරිම හිත හොඳ මනුස්සයෙක්. අනුන්ගේ දුක, බඩගින්න දැනෙන මනුස්සයෙක්. නැතිබැරිකමක් කිව්වොත් තමන්ගේ ෂර්ට් එක හරි ගලවලා දෙනවා.

අපි අතර අවුරුදු 25ක විතර හඳුනා ගැනීමක් තියෙන්නේ. දේශපාලන ජීවිතයෙන් තොරව ගත්තොත් ඔහු මනුස්සයෙක් විදිහට හරිම හොඳ දර්ශන තලයකදි වුණත් හරිම විනෝදෙන් ඉන්න චරිතයක්. ඔහු කලාවේ වැඩ කරද්දි කාටවත් වැරැදි කියලා  නෑ. කැපිලි දාලා නැහැ. අරයා මෙයා නිර්මාණයට ගන්න එපා කියලා නෑ. තේ අල්ලන කොල්ලා කසාද බඳිනවා කිව්වත් මුලින්ම සල්ලි දෙන්නෙ රන්ජන්.

මම දන්නවා රන්ජන් ගාව වැඩ කරපු සමහරු රන්ජන්ගේ දේවල් හොරකම් කළා. එක වතාවක් බ්‍රේස්ලට් එකක් හොරකම් කළා. තව වතාවක් රන්ජන්ගේ චෙක් එකක් හොර අස්සන් ගහලා මාරු කළා. ඔහුගේ කාඩ් එකෙන් සල්ලි ගත්තා. ඒ කිසිම කෙනෙක්ව රන්ජන් එලෙව්වේ නැහැ. තවත් යාලුවෝ කරගත්තා. රන්ජන් කිව්වේ ඒ මිනිස්සුන්ව එලෙව්වොත් එයාලා  මාත් එක්ක තරහකාරයෝ වෙනවා විතරයි… හැදෙන්නේ නෑ. හැබැයි මම සමාව දුන්නම ආයේ ඒ අයට හොරකම් කරන්න හිතෙන්නේ නෑ කියලා. රන්ජන් කියන්නේ ඒ වගේ හිත හොඳ මනුස්සයෙක්. කාටත් උදවු කරගෙන සතුටින් ඉන්න  කෙනෙක්.

පහුගිය දවස්වල ඔහු මට කතා කරලා කිව්වා මෙහෙම ලක්ෂ 40ක් බෙදනවා  එදාවේල කාලා ජීවත්වෙන්න බැරි මිනිස්සු ඉන්නවානම් කියන්න කියලා. දුරකථන අංකයකුත් මට දුන්නා. කොරෝනා නිසා මිනිස්සුන්ට හාල් පොල් බෙදපු කාලෙත් මට කිව්ව එහෙම අසරණ මිනිස්සු ඉන්නවානම් කියන්න කියලා. මම කියපු අයට බඩු ගෙදරට යවලා තිබ්බා. ඒ වගේ අනුන්ගේ දුක දැනෙන කෙනෙක් රන්ජන්. ඒ වගේ හිත හොද මනුස්සයෙක් සිරගතවීම ගැන හරිම දුකයි..

අවංක බොරු ශෝභන නැති එහෙම මනුස්සයෙක් හරි වටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොස්ගොඩදී බසයක් තුළින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් හමුවෙයි

Next Post

යාපනය සරසවි කිලිනොච්චි මණ්ඩපයේ බුදු මැදුරට මැර ප්‍රහාරයක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.