දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය විශ්ව විද්‍යාල මණ්ඩපයේ පිහිටි බුදු මැදුරට ඊයේ ( 14 ) ප්‍රහාරයක් එල්ල වීම නිසා බුදු මැදුරට හානි සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඉදි කරණ ලද යුද ස්මාරකය අනවසරයෙන් ඉදි කළ ඉදිකිරීමක් බවට තොරතුරු හෙළිවීමත් සමගම කිළිනොච්චිය මණ්ඩපයේ බුදු මැදුරට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම බුදුමැදුරට ප්‍රහාර එල්ල කළ පිරිස දුර සිට ගල් හා මුගුරු වලින් ප්‍රහාර එල්ල කිරීම නිසා සිදුව ඇත්තේ බුදු මැදුරේ වීදුරු කීපයක් කැඩී යාම පමණක් බව පොලීසිය පවසයි.
කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.