අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට රූ ගත කළ ඔස්කාර් සම්මානයට යන තෙලිඟු සිංදුව – “නාටු නාටු“

by editor
ජනවාරි 25, 2023
in කලා
Share on FacebookShare on Twitter

බීබීසී –

තෙළිඟු බසින් තිරගතවූ ජනප්‍රිය චිත්‍රපටයක් වන RRRහි ‘නාටු නාටු’ ගීතය ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම මුල් ගීතය (Best Original Song) සඳහා වූ නිර්දේශිත නාම අතරට එකතු වී තිබේ.

රිස් අහමඩ් සහ ඇලිසන් විලියම්ස් විසින් අඟහරුවාදා (ජන. 24) නාමයෝජනා ඉදිරිපත් කිරීමේ දී මෙම පුවත නිවේදනය කළෝ ය.
මාර්තු 12 වනදා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වීමට නියමිත මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ මෙහෙයවීමේ (ඉදිරිපත් කිරීම/නිවේදනය කිරීමේ කාර්යය) කටයුතු ජිමී කිමෙල් විසින් සිදු කිරීමට නියමිතය.

මේ ගීතය සම්මාන උළෙලවල ප්‍රියතම ගීයක් බවට පත්ව ඇති අතර, මේ වන විටත් ගෝල්ඩන් ග්ලෝබ් සහ ක්‍රිටික්ස් චොයිස් සම්මානයන් දිනා තිබේ.

එයට, එම කාණ්ඩයේ සම්මානය සඳහා ගීත යෝජනාවී ඇති ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන ලේඩි ගාගා හා රිහානා සමග තරග කිරීමට සිදුවනු ඇත.

චිත්‍රපට ගීයක් සඳහා ඉන්දියාව අවසන් වරට ඔස්කාර් සමානයක් ලැබුවේ 2009 දී ය. ඒ, ස්ලම්ඩෝග් මිලියනෙයර් චිත්‍රපටයේ ‘ජය හෝ’ ගීතය සඳහා හොඳම මුල් ගීතය සහ හොඳම මුල් සංගීත නිර්මාණයට හිමි සම්මානයන් ඒ. ආර්. රහමන්ට හිමිවූ අවස්ථාව යි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නාටු නාටු ගීයේ තාලයට දහස්ගණනක් දෙනා දැඩි සේ ප්‍රියකළ අතර, එය දෙසැම්බර් මාසයේ ඔස්කාර් සම්මාන උළෙලේ කෙටි ලැයිස්තුවට ඇතුළත්වූ දා පටන් ගීයේ රසිකයෝ එහි ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටිති.

නාම යෝජනා නිවේදනය කිරීමට පැය කීපයකට පෙර #NTRforOscars යන හෑෂ්ටැගය ට්විටර්හි ට්‍රෙන්ඩ් වූ අතර, රසිකයෝ එම චිත්‍රපටය සඳහා ඔස්කාර් නාමයෝජනාවක් හා ජයග්‍රහණයක් ලැබෙනවාට ඇති කැමැත්ත ප්‍රකාශ කළහ.

ඔස්කාර් සම්මාන පිළිබඳ අනාවැකි ලැයිස්තු පළකළ වෙළඳ සඟරා කිහිපයක් විසින්, මෙම වසරේ ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් ඇති ගීයක් ලෙස නාටු නාටු තෝරාගෙන ඇතිබැවින්, රසික අපේක්ෂා ඉහළ මට්ටමක පවතියි.

මිනිත්තු හතරහමාරක් දිග ගීය පටිගත කෙරුණේ, 2021 වසරේ දී, යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ නිල නිවෙස ඉදිරිපිට දී ය.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් වන රාම් චරන් සහ එන්ටීආර් ජූනියර් විසින් ඉදිරිපත් කෙරුණු ජවසම්පන්න නර්තනය, ඉන්දියාව තුළ හා ගෝලීයවත් සමාජ මාධ්‍යයන්හි වෛරල් ට්‍රෙන්ඩ් ඇතිකර තිබේ.

ඔස්කාර් සම්මාන උළෙල වෙත ඉන්දියාවේ නිල ඉදිරිපත්කිරීම වූ ‘චේලෝ ෂෝ’ නම් ගුජරාති-භාෂා චිත්‍රපටයට පරාජය වූ පසු, ගිය වසරේ දී දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කළ RRR අධ්‍යක්ෂ එස්එස් රාජමූලි, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හා හොඳම තිර රචනය ආදී කාණ්ඩ 14ක් සඳහා තරග වැදීමට සිය චිත්‍රපටය ඉදිරිපත් කළේ ය.

යටත්විජිත බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදි සැබෑ ඉන්දියානු විප්ලවවාදීන් දෙදෙනෙකු වටා ගෙතුණු ප්‍රබන්ධ කතාවක් ඉදිරිපත් කරන මේ ඓතිහාසික ෆැන්ටසි චිත්‍රපටය, ඉන්දියාවේ වඩාත්ම මිල අධික චිත්‍රපටවලින් එකකි.

විශ්මයජනක ක්‍රියාදාම අංගයන්, උද්යෝගීමත් නර්තන අංගයන් කිහිපයක් හා දේශප්‍රේමී තේමා එයට ඇතුළත් ය.

මෙම චිත්‍රපටය ඉන්දියාව තුළත්, විදේශයන්හි දීත් දැවැන්ත සාර්ථකත්වයක් ලබා ඇත. එය එක්සත් ජනපදයේ දී තිරගතවූ අවස්ථාවන්හි වීඩියෝ සමාජ මාධ්‍යයන්ට නිකුත්ව තිබූ අතර, චිත්‍රපටය නරඹන්නන් ඔල්වරසන් දෙනු ඒවායේ දක්නට ලැබේ.

මෙම චිත්‍රපටයට විචාරකයින්ගෙන් ද ප්‍රශංසනීය ප්‍රතිචාර ලැබී ඇති අතර, එඩ්ගා රයිට් සහ ජේම්ස් ගන් වැනි ප්‍රමුඛ පෙළේ හොලිවුඩ් අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රශංසාවන්ට ද භාජනයවී තිබේ.

ක්‍රිටික්ස් චොයිස් අවෝඩ්ස් සම්මාන උළෙලේ දී එය හොඳම විදේශ භාෂා චිත්‍රපටයට සම්මානයත්, නාටු නාටු හොඳම ගීතයට සම්මානයත් දිනූ පසු, ගීතයේ නිර්මාපක එම්එම් කීරවානි සම්මාන උළෙලේ දී ජේම්ස් කැමරන් සමග ගත් ඡායාරූප ෂෙයා කළ අතර, ඒ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂකවරයා එම චිත්‍රපටය දෙවරක් නරඹා ඇති බවත්, තම සංගීත රචනයට ප්‍රශංසා කළ බවත් පැවසීය.

රැළි පිට රැළි නැන්වූ ගීතය….

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසම ඇතුළු කොමිසම් අලුතින් පත් කිරීමට තීරණය වෙයි !

Next Post

අද සිට උසස් පෙළ නිමා වනතුරු විදුලිය නොකැපීමට මානව හිමිකම් කොමිසම මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශ කරයි… අදත් විදුලිය කැපෙයි!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.