සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ඒ යහපත් පුද්ගලයා යළිත් ඝාතනය නොකරන්න… මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් ගැන ඔහුගේ පියා චන්ද්‍ර ෂාෆ්ටර් මුල් වරට කතා කරයි!

by editor
පෙබරවාරි 6, 2023
in ජීවිතය
Share on FacebookShare on Twitter

රුදුරු ඝාතනයක ගොදුරත් බවට පත්වූ උතුම් මානුෂීය ගුණාංගවලින් පිරි තම පුතණුවන්ගේ මරණය පිළිබඳව විමර්ශන සිදුවෙමින පවතින මෙම මොහොතේ පුරෝකථන මත අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වලකින ලෙස සිය බාල පුතු වන දිනේෂ් ගේ මණය පිලබිඳව මුල් වට මාධ්‍ය අමතමින ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර නායකයකු සහ ක්‍රිකට් පරිපාලකයකු වන චන්ද්‍ර ෂාෆ්ටර් පවසයි.

Dinesh-shafter

ජනශක්ති රක්ෂණසමාගමේ නිර්මාතෘවරයා ලෙසින් සැලකෙ චන්ද්‍ර ෂාෆ්ටර් පසුගිය දෙසැම්බර් මාසයේ මිය ගිය දිනේෂ් ෂාෆ්ටර් ගේ පියාණන්ය.

ඔහු මෙතෙක් කිසිදු මාධ්‍යයකට සිය බාල පුතුගේ මරණය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර නොතිබූ අතර තිබුණේ නැත. චන්ද්‍රා ෂාෆ්ටර් මුල් වරට ඒ පිළිබඳව කතා කරන්නේ ඊයේ දිනයේ ය. ඒ Daily FT ඔස්සේය.

ඔහු සිය සටහනින් පවසන්නේ දිනේෂ් ෂාෆ්ටර් මරණයට පත්වූ දෙසැම්බර් 15 වැනිදා දහවල් අවසන් වරට සිය බාල පුතු හමුවූ බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිය බාල පුතු දිනේෂ් සම්බන්ධව චන්ද්‍රා ෂාෆ්ටර් කර ඇති සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

මගේ බාල පුතා දිනේෂ්ගේ මරණයට පාදක වූ තත්ත්වයන් සහ ඔහුව කුරිරු ලෙස ඝාතනය කිරීමට හේතුව කුමක්දැයි මගේ මිතුරන්, දන්නා හඳුනන අය සහ මා නොදන්නා බොහෝ අය මගෙන් විමසා තිබෙනවා.

ඔහු මිය ගිය දින, එනම් 2022 දෙසැම්බර් 15 වෙනිදා දිනේෂ් සිය පවුලේ සියලු දෙනා සමඟ සවස 4.00 ට එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට සූදානම්ව සිටියා. එදා ඔවුන් යන්න සූදානම් වෙලා හිටියෙ සමාන්‍ය සංචාරයක් සඳහා නොවේ. එක්සත් රාජධානියේ පදිංචි වීමටයි. දරුවන් ලන්ඩනයේ පාසල්වලට ඇතුළුත් කිරීමටයි. ඒ නිසා ඔහුට සමු දීමට මම ඔවුන්ගේ නිවසට ගියා.

එදින ඔහු සිටියේ හොඳ මානසිකත්වයකින්. දිනේෂ් සහ ඔහුගේ බිරිය මා සමඟ පැයකට ආසන්න කාලයක් ඔහුගේ නිවසේ ආලින්දයේ වාඩි වී ගත කළා. අපි සාමාන්‍යයෙන් එකට සිටින විට මෙන් සිනාසෙමින් විහිළු කරමින් සල්ලාපයේ යෙදුනා. මම දවල් දොළහට පමණ ඔහුගේ නිවසින් පිටවන තුරුම ඔහු සතුටින් හිටියා. එහිදී ඔහුට ඉක්මන් රැස්වීමක් සඳහා පිටතට යා යුතු බව මා සමඟ සඳහන් කළා. නමුත් ඔහු එය පවසන විට ඔහුගේ කිසිදු අසාමාන්‍ය හැඟීමක් තිබුණේ නෑ. ඒ පිළිබඳව මට බියක් හෝ චකිතයක් දැනුණේත් නැහැ.”

“එදින ඔහු සමඟ මා පැවැති සබඳතාවට අනුව දිනේෂ් කිසිදු අනතුරක් අපේක්ෂා නොකළ බව මට විශ්වාසයි. ”
“නමුත් පසුව සිදු වූ දෙය අප සියල්ලන්ම සම්පූර්ණයෙන්ම කම්පනයකට ලක් කළා. . ඔහුගේ මරණයට හේතු වූ භයානක කුමන්ත්‍රණය පිළිබඳ ඉඟියක් ඔහුට නොතිබූ බව මම දන්නවා.”

චන්ද්‍රා ෂාෆ්ටර් සිය පුතු දිනේෂ් සමග

“දිනේෂ් ගැන නොදන්නා අයට ඔහු ගැන කියනවා නම් දිනේෂ් කියන්නේ ඉතා මෘදු හා කරුණාවන්ත මිනිසෙක් . ඔහු තම පවුලේ අයට සහ මිතුරන්ට කැප වූ අතර සියල්ලටම වඩා වටිනා සබඳතාවලට කැපවී සිටියා. වසර ගණනාවක්, නිහඬව සලකා බලමින්, අපේ පවුලේ සෑම සාමාජිකයෙකුම හොඳින් පමණක් නොව සතුටින් සිටින බව සහතික කිරීමට ඔහු කැපවුනා.”

“ඔහුට හැකි සෑම විටම උදව් කිරීමට හැකි සෑම දෙයක්ම කළ කෙනෙක්. ඔහුගේ වෙහෙස නොතකා ඔහු සැමවිටම අන් අය වෙනුවෙන් කාලය කැප කළා.”

“ඒ වගේම දිනේෂ් සුවිශේෂී ආදරණීය සැමියෙක් සහ පියෙක්. ඔහුගේ ජීවිතය සහ කාලසටහන සම්පූර්ණයෙන්ම කරකැවුණේ ඔහුගේ පවුල වටායි. ඔහු තම දරුවන්ට, ස සහ පවුලේ අයට අසීමිත ව ආදරය කළා. ඔහු දැනුවත්ව අපේ පවුල එකට කාලය ගත කරන බව සහතික කළ අතර, පවුලේ රැස්වීම් තනි තනිව සංවිධානය කිරීමෙන් විශේෂ අවස්ථා සලකුණු කිරීමට කිසිවිටෙක අසමත් වූයේ නෑ. ඒ අනුව දිනේෂ් අපේ පවුලේ හදවත සහ ආත්මය වුණා. අද ඔහු නොමැතිව අපි අතරමං ව සිටිනවා.”

“දිනේෂ් යනු විශ්වාසය තැබිය හැකි චරිතයක්. ඔහු නාඳුනන අයට පවා කරුණාව දක්වන ක්‍රියා සඳහා ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු තම මෝටර් රථයේ නිතර කුඩ රැගෙන ගියේ වැස්සේ මෙතෙන නාඳුනන අයට දීමට. පසුගිය අරගලය අතරතුර, කඳුළු ගෑස් වලින් බේරීමට ඔහු විරෝධතාකරුවන් 200 කට පමණ රැකවරණය ලබා දීම සඳහා කිසිදු පැකිලීමකින් තොරව ඔහුගේ කොළඹ 7 නිවසේ ගේට්ටු විවෘත කළා.”

“ඔහු මිය ගිය දින උදෑසන ඔහුගේ සහකරුට යවන ලද අවසන් කෙටි පණිවුඩවලින් එකක් වූයේ ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) සේවය කරන පුද්ගලයින් එහි එක් කොනක අබලන් දේපළක ජීවත් වන බවයි. එය යම් සාධාරණ ප්‍රමිතියකට ගෙන ඒම සඳහා අපට කළ හැකි දේ සොයා බැලීමට ඔහු එම පනිවිඩය තුළින් උනන්දු වී තිබුණා.”
“නඩු හබවලට පැටලී සිටින අසරණ පුද්ගලයන්ට උසාවියේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥයෙකු සපයා ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී කුලියට නීති ආධාර පිළිවෙතක් ලබා දීම ඔහු අනුගමනය කළ එක් සත් ක්‍රියාවක්. සොච්චම් දඩය ගෙවීමට නොහැකි නිසා සිරකර තබා සිටින සිරකරුවන්ගේ දඩ මුදල් ගෙවීමට ඉදිරිපත් වන්නකු ලෙසත් ඔහු ප්‍රසිද්ධ ව සිටියා. ඒ දිනේෂ් ගේ හැටි. ”

“ඔහු පවුලේ අයට වගේම ආගන්තුකයන්ටත් ත්‍යාගශීලී හා කරුණාවන්ත වුණා.”

“දිනේෂ්ගෙ ජීවන රටාවත් හරි සරලයි. බොහෝ විට ඔහු අප දකින්නේ ලා නිල් පැහැති අත් කොට කමිසයෙන් කලිසමක් සමඟ සම් සෙරෙප්පු යුවළක් පැළඳගෙන. ටයිකෝට් වැනි ඇඳුම්වලට ඔහු කිසිදු කැමැත්තක් දැක්වූයේ නෑ. ටයි පටියක් සපත්තු දෙකක් පවා පැළඳුවේ නිල උත්සවවලදී පමණයි.”

“ඒ වගේම දිනේෂ් අතිශය පෞද්ගලික චරිතයක්. ඔහු ජනප්‍රියත්වයට කැමැත්තක් දැක්වූයේ නෑ. ඔහුගේ මරණය සම්බන්ධ ලැබුණු ප්‍රචාරය දන්නවා නම් ඔහු සොහොනේ ද ආපසු හැරෙනවා කියා මම දන්නවා.”

” දිනේෂ් ෂාෆ්ටර් නැමැති පුද්ගලයා සහ ඔහු ගත කළ ජීවිතය ගැන ආඩම්බර වෙනවා මිස වෙන කුමක් කියන්නද. ඔහුගෙන් ජීවිතය ඉතා ඉක්මනින් කොල්ලකා ගත්තද, ඔහුගේ බලපෑම වසර ගණනාවක් මතකයේ පවතිනු ඇතැයි මා දන්නවා.” .

“දිනේෂ්ගේ මරණය සහ දිනේෂ් නැමැති පුද්ගලයා පිළිබදව පියා ලෙස කිව හැකි කරුණු මෙපමණයි. ”

නිර්දය ඝාතනයකට ගොදුරු වූ යහපත් පුතෙකුගේ සහ මනුෂ්‍යයෙකුගේ නම කැළැල් කිරීම අරමුණු කරගෙන තහවුරු කර නොගත් අසත්‍ය ප්‍රකාශවලින් වළකින ලෙස මම මාධ්‍යයෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

අචාර්ය විමුක්තිගේ ජීවිතය බිලිගත් “එයා බෑග් මාරකය” ඔබේ වාහනය තුළත් සැඟවී තිබියි හැකියි!

Next Post

නුවරඑළිය සෙන්පති මැදුරේ පොහොට්ටු මන්ත්‍රීවරු 3 එක්ව පැවැත්වූ සාදයක දී වෙඩි තැබීමක්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.