බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අහම්බෙන් රටට පාත් වූ  මේ මොනවාද? ඇප්රිකොට් ද, කෑමට හොඳයි ද ?

by editor
සැප්තැම්බර් 14, 2022
in ජීවිතය
Share on FacebookShare on Twitter

ගැමුණු සාලිය පෙරේරා –

ලංකාවේ ඇතැම් ගෙවතුවල දැන් කාලෙක පටන් දිව්‍යමය ඖෂධීය ගුණ සම්භාරයක් ඇතැයි යන විශ්වාසයෙන් වගා කර ගෙන සිටින පලතුරු ගසක් වෙයි. ”ඇප්රිකොට්” යනුවෙන් හඳුන්වන මේ ගසේ ගෙඩි කෑවාම බොහෝ රෝග සනීපවන බව මේවා වගා කර ගෙන සිටින බොහෝ දෙනෙක් විශ්වාස කරති.

මේ අතර, මෙි ගෙඩි වර්ගය විස සහිත බවට වන පුවතක් ද සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙන අතර, එම පුවතට අනුව මෙම ගසේ ගෙඩි අනුභව කළ කිහිප දෙනෙකුම වකුගඩු  නරක් වී දැනටමත් එළොව ගොසින් ය.

ගමේ ගොඩේ සිදාදියේ මෙන්ම අන්තර්ජාලයේ ද කතාබහට ලක්වෙචිචි මේ ගෙඩි ජාතිය ගැන විද්‍යාත්මක පැටිකිරිය සොයා බලනු වටී.

පීනට් බටර් ෆෘට්

මේ, ඇප්රිකොට් ද. ?

මෙම ශාකය, ඇප්රිකොට් නොවන අතර, ”පීනට් බටර් ෆෘට්” (Peanut Butter Fruit&, ) මන්ක්ස් ප්ලමි ( Monk’s plum) නමින් හඳුන්වනු ලබන, දකුණු ඇමරිකාව නිජ බිම කර ගත් ශාකයකි. මෙහි උද්භිදවිද්යාත්මක නාමය වන්නේ Bunchosia glandulifera (විශේෂ කිහිපයක් ඇත) යන නාමයයි. මීටර 5 ක් පමණ උසින් යුත් බහු වාර්ෂික, සදාහරිත කුඩා ගසකි. ඉතා විසිතුරු වියන් සාදයි. මෙහි කහ පැහැති සුවඳවත් මල් පොකුරු හට ගනී. ඉදුණු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගත හැකි අතර, එය රටකජු බටර්වල රසයට තරමක් දුරට සමාන රසයක් ඇති නිසා මෙම ශාකයට පීනට් බටර් ෆෘට් යනුවෙන් හදුන්වනවා විය හැකිය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් මෙම ගෙඩි වර්ගය ඒවාට නිජබිම වන මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල්වල පවා ඒ හැටි ජනප්‍රිය නොවන ඌණභාවිත පලතුරක් ලෙස සැලකේ.

ඇප්රිකොට් (Apricot) නමින් හඳුන්වන  ජනප්‍රිය  පලතුර මෙය නොවන අතර, Prunus armeniaca යන උද්භිදවිද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඇප්රිකොට් සහ පීනට් බටර් ෆෘට් යන ශාක දෙක වෙන් කර හඳුනා ගන්නට හැකි වෙනස්කම් කිහිපයක්ම වෙයි. ඉන් කිහිපයක් මෙසේ ය.

පීනට් බටර් ෆෘට් මල් කහ පැහැතිය. ඇප්රිකොට් මල් සුදු සහ ලා රෝස පැහැයට හුරුය. ඉඳුණු ඇප්රිකොට් ගෙඩිය තද කහ, තැඹිලි පැහැයක් ගන්නා අතර, පීනට් බටර් ෆෘට් ගෙඩිය තද තැඹිලි රතු වර්ණයක් ගනී. පීනට් බටර් ෆෘට් ගෙඩිය දිගැටි වන අතර, එහි අග පැහැදිලි තුණ්ඩාකාර හැඩයක් තිබේ. ඇප්රිකොට් ගෙඩිය රවුම්ය, කෙලවර තූණ්ඩාකාර නොවේ.

ඇප්‍රිකොට්

ගෙඩි විස ද?

මෙය විෂ සහිත ශාකයක් බවට ද තවත් මතයක් සමාජය තුළ පැතිරෙමින්  තිබේ.  මෙම කට කතාව පිළිබඳ සොයා බැලීමේදී එම තතු සනාථ කළ හැකි විද්‍යාත්මක ශාක්ෂි සොයා ගැනීමට නොමැති බව ද කිව යුතුව ඇත. කෙසේ වෙතත් පීනට් බටර් ෆෘට් ලංකාවට මෑතක දී පැමිණි ශාකයකි. එය   සංචාරක පක්ෂීන්  හරහා මෙරටට පැමිණෙන්නට ඇතැයි යන විශ්වාසයක් ද පවතී. පීනට් බටර් ෆෘට් වලට ලොව බොහෝ රටවල්වල පලතුරක් ලෙස ඒ හැටි ජනප්‍රිත්වයක් නොමැති වුව ද, ඒවා අනුභව කිරීමේ දොසක් වරදක් නොමැති බව ද පැවසිය යුතුය.

විද්‍යාත්මක  අධ්‍යයනයන්ට අනුව    මෙය විටමින්,  සරල සීනි, ආහාරමය තන්තු, විටමින්, ඛණිජ ලවන සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් පලතුරක් වන බවට තොරතුරු ඇත.

 

විශේෂයෙන් පොටෑසියමි, පොස්පරස්, කැල්සියමි,  මැග්නීසියම්, යකඩ සහ සින්ක් යන ඛනිජ ලවන වර්ගත් විටමින් සී සහ විටමින්   ඒ මෙහි ප්රමුඛ ලෙස අන්තර්ගතවන බවත් පැවසේ.

හොදින් ඉදුණු පීනටි බටර් ෆෘටි ඉතා වටිනා සෞඛ්ය ප්‍රතිලාභවලට හේතු විය හැකි බවට විශ්වාස කරන ප්‍රතිඔක්සිකාරක බොහෝ ප්රමාණයක් ද අඩංගු වන බවට සොයා ගෙන ඇත. විශේෂයෙන් ඉතා වටිනා ප්රතිඔක්සිකාරකයන් වන විටමින් සී සහ කැරොටීනමය ප්රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් (Lycopene)  වලින් මෙය පොහොසත්  බවට හෙළි වී ඇත.

ලයිකොපීන් වර්තමානයේදී ආහාර වලින් සොයාගෙන තිබෙන වඩාත්ම ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය වන අතර, එය පිළිකා විශේෂයෙන්, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ හෘද වාහිනී රෝග වැළැක්වීම යන ප්‍රතිලාභ අත්කර දීම සම්බන්ධයෙන් කැපී පෙනේ. සාමාන්‍යයෙන් ලයිකොපීන් වලින් පොහොසත් ආහාර ලෙස රතු පේර, කොමඩු සහ තක්කාලි සැලකේ. තවත් සුවිශේෂී කරුණක් වන්නේ පීනට් බටර් ෆෘටි ලතින් ඇමරිකානු කලාපයේ ඇතැම් ජනතාව විශේෂිත උත්තේජකයක් ලෙස භාවිතා කිරීමයි, එයට හේතුව ලෙස සොයාගෙන ඇත්තේ මෙහි මදයේ කැෆේන් උත්තේජකය අන්තර්ගතවීමයි.

සංචාරක කුරුල්ලෙකුගේ වර්චස් පිඩකින් හෝ අන් ලෙසකින් ආගමනය සිදුව, දිව්‍යමය පලතුරක් , ඇප්රිකට් ලෙසින් වෙස්වලාගෙන රටෙි හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරිලා ඇති, සමහරු විස ගෙඩි ලෙස සලකන   පීනටි බටර් ෆෘටිවලට දැන් අපි කුමක් කරමුද?.

ඉහත තුතු විත්ති විමසා බැලුවාම මෙි ගැන  හිතා හිතා ඉන්න දෙයක් නැත.   ගෙඩියක් දෙකක් කටේ දාගෙන රස විඳිමු. අපගේ යෝජනාව එයයි.

http://www.stuartxchange.org/PeanutButterFruit

Share69Tweet43
Previous Post

මෙවර මහ කන්නයත් අවුලක… පොහොර ටික වෙලාවට නෑ…

Next Post

නොමිලේ රුධිර පාරවිලයනය කර ගැනීමට පූන්ච් වැසියන්ට අවස්ථාව

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.