ජම්මු හා කාශ්මීරයේ පූන්ච් දිස්ත්‍රික්කයේ පිහිටි රාජා සුක්දේව් සිංග් රෝහලෙන්, එහි පදිංචි වකුගඩු රෝග සඳහා රුධිර පාරවිලයනය කරන්නන්ට ද, සැත්කම් කරන්නන්ට ද නොමිලේ ප්‍රතිකාර ලබා ගත හැකි අන්දමට ‘ගෝල්ඩන් කාර්ඩ්’ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
මේ වන විට රෝගීන් 1072ක් නොමිලේ ප්‍රතිකාර ලැබීමේ අවස්ථාව ලබාගෙන ඇති අතර රෝගීන් 194ක් රුධිර පාරවිලයන ප්‍රතිකාර ලබන බව එම රෝහලේ හා රෝග විනිශ්චය මධ්‍යස්ථානයේ අධිකාරී චව්ද්දරි සුලිෆ්කාර් සඳහන් කරයි.
රෝහලෙන් නිකුත් කර ඇති රුපියල් ලක්ෂ 5ක වටිනාකමක් සහිත ‘ගෝල්ඩන් කාර්ඩ්’ එක හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම සේම රුධිර පාරවිලයනය හා සැත්කම් ආදී ප්‍රතිකාර නොමිලේ ලබා ගත හැකි වීම තමන්ට මහත් සහනයක් බව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහන් කරයි.
දෙවසරක් පුරාවට රුධිර පාරවිලයනය සිදු කරන රෝගීයෙකු වන පර්විස් අක්තර් පවසන්නේ මෙම අවස්ථාව ඔහුට රත්තරන් සේම වටිනා බවයි.
“මට ප්‍රතිකාරවලට ලොකු වියදමක් ගියා. දැන් මට නොමිලේ බෙහෙත් හා එන්නත් ලබා ගන්න පුලුවන්.. ඔවුන් එම කටයුතු බොහොම හොඳින් කරගෙන යනවා..” ඔහු පවසයි.
මෙම ‘ගෝල්ඩන් කාර්ඩ්’ පත මඟින් පවුලකට රුපියල් ලක්ෂ 5ක් දක්වා නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන අතර ඊට රජයේ ලියාපදිංචි විය යුතුය.