බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගැඹුරු යුද්ධයක් මැද ඊශ්‍රයාලය විසින් අත් හල ඊශ්‍රයාලයේ මිනිස්සු…. ‘කිරිඅත් ෂ්මෝනා’ මිනිස්සුන්ගේ   බංකර් ජීවිතවල කඳුළු කතාව…

by editor
මාර්තු 16, 2026
in ජීවිතය
41 හැවිරිදි යානිව් වයිස්මන්, පසුගිය යුද්ධයේදී රොකට් ප්‍රහාරයකින් හානි වූ ස්ප්‍රින්සාක් වීදියේ ගොඩනැගිල්ලක් අසල..

41 හැවිරිදි යානිව් වයිස්මන්, පසුගිය යුද්ධයේදී රොකට් ප්‍රහාරයකින් හානි වූ ස්ප්‍රින්සාක් වීදියේ ගොඩනැගිල්ලක් අසල..

Share on FacebookShare on Twitter

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඇසුරිනි – 

ලෙබනන් දේශසීමාවේ සිට සැතපුමක් පමණ නුදුරින් පිහිටි ඊශ්‍රයාල යේ උතුරු කෙළවරේ පිහිටි නගරය ‘කිරිඅත් ෂ්මෝනා’ ය. එහි ස්ප්‍රින්සාක් වීදියේ පසුගිය සතිය පුරා දක්නට ලැබුණේ අතිශය මළානික ස්වභාවයකි. එහි කිසිදු ජීවමාන සලකුණක් සොයා ගැනීම පවා දුෂ්කර විය.

ඊශ්‍රායලය සහ ඉරානයේ සහාය ලබන ලෙබනන් හි හිස්බුල්ලා සටන්කාමීන් අතර ඇවිළී යන දරුණු ගැටුම් හමුවේ ඇතැම් වැසියන් තම නිවෙස්වලටම වී කොටු වී සිටිති. තවත් පිරිසක් රැකවරණය පතා ඇත්තේ අඳුරු, පටු, භූගත බංකර් වෙතය. මේවා දශක ගණනාවකට පෙර ඉදිකළ,  තෙත් අඳුරු බිත්ති අතර ඇති  මළකෑ යකඩ ඇඳන් පෙළක් සහිත පෞරාණික ආරක්ෂිත ස්ථාන වේ.

ස්ප්‍රින්සාක් වීදියේ ප්‍රවේශ ස්ථානය…

එහි ඇති රජයේ නිවාස ව්‍යාපෘතියක පිරිමි, ගැහැණු සහ ළමුන් 18 දෙනෙකුගෙන් යුත් පිරිසක් මේ වන විට ජීවත් වන්නේ, ආහාර ගන්නේ සහ නිදාගන්නේ මෙම බංකරයේ ඇති පටු, අමිහිරි කාමර දෙකකය. නගර සභාව විසින් ලබා දුන් වායුසමීකරණ යන්ත්‍රයක් සහ අලුත් ශීතකරණයක් හැරුණු විට එහි වෙනත් කිසිදු නවීන පහසුකමක් දක්නට නැත.

දේශසීමාවට නගරය දක්වන සමීපතාවය නිසාම, එල්ල වන ප්‍රහාරයකදී පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා ලැබෙන්නේ තත්පර කිහිපයකට පමණි. බොහෝ විට කිසිදු අනතුරු ඇඟවීමක් නොමැතිවම මිසයිල පතිත වේ.

“මට නාන්නත් බයයි. මම නාලා දැන් දින තුනක් වෙනවා,” යැයි සිව්දරු මවක වන 40 හැවිරිදි යස්මින් ට්විටෝ පවසන්නීය. ඇය තම පවුල ස්ප්‍රින්සාක් වීදියේ බංකරය වෙත රැගෙන විත් ඇත. ඇය පවසන්නේ ඉඳහිට ඉතා ඉක්මනින් තම නිවසට ගොස් ආහාර ටිකක් පිසගෙන, දරුවන් දෙදෙනා බැගින් ඉතා වේගයෙන් නහවා නැවත බංකරයට දිව එන බවය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

යුද පෙරමුණේ අලුත් වීම

ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර දින කිහිපයකට පසු මෙම දේශසීමා ගැටුම් උච්ච විය. ටෙහෙරානයට සහාය පළ කරමින් හිස්බුල්ලා සංවිධානය මාර්තු 2 වැනිදා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කළ අතර, එය ව්‍යාප්ත වෙමින් පැවති  ගැටුමේ නව පෙරමුණක් විවෘත කිරීමක් බඳු විය.

එතැන් පටන් ඊශ්‍රයාලය විසින් ලෙබනනයට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, හිස්බුල්ලා සංවිධානය ද නොනවත්වාම ඊශ්‍රයාලයට රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටියි. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව එරට පුද්ගලයින් 800ක් පමණ මේ වන විට මියගොස් ඇත. ඊශ්‍රයාල ගිලන් රථ සේවාව පවසන්නේ එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රයාල වැසියන් අවම වශයෙන් 12 දෙනෙකු මියගොස් ඇති බවය.

කිරිඅත් ෂ්මෝනා වැසියන්ට රාත්‍රිය ගත කිරීම අතිශය බියකරු අත්දැකීමක් වී තිබේ. පසුගිය බදාදා රාත්‍රියේ හිස්බුල්ලා සංවිධානය රොකට්, මිසයිල සහ ඩ්‍රෝන යානා 200කට අධික ප්‍රමාණයක් එල්ල කරමින් එරට උතුරු දෙසට සිය දරුණුතම ප්‍රහාරය දියත් කළේය. ඊශ්‍රයාල  හමුදාව පවසන්නේ එම ප්‍රහාර බොහොමයක් අහසේදීම විනාශ කළ බවය.

පෙර සතුරුකම් වලදී හානි වූ මහල් නිවාස ගොඩනැගිලි. අවසන් වරට දේශසීමාව උණුසුම් වූයේ 2023 ඔක්තෝබර් මාසයේදීය.

එදිනම රාත්‍රියේ ඊශ්‍රයාලය විසින් ලෙබනන් අගනුවර වන බීරූට් සහ ඒ අවට ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් හත් දෙනෙකු මියගිය බව ලෙබනන් බලධාරීහු පවසති. මෙම ප්‍රහාර එල්ල වූයේ හිස්බුල්ලා බලකොටුවක් ලෙස සැළකෙන ජනාකීර්ණ දකුණුදිග දිස්ත්‍රික්කයකට වුවද, දැන් එය ඉන් ඔබ්බට ව්‍යාප්ත වී ඇත.

පසුගිය සිකුරාදා අලුයම ඉරානයෙන් එල්ල වූ මිසයිලයක් කිරිඅත් ෂ්මෝනා සිට සැතපුම් 50ක් දකුණින් පිහිටි ‘සර්සීර්’ නම් අරාබි-ඊශ්‍රයාල  ගම්මානයකට පතිත වීමෙන් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා නිවාස 300කට පමණ හානි සිදු විය.

නොසැලෙන මිනිසුන් සහ ව්‍යාකූල තීරණ

‘ගලීල පෑන්හැන්ඩ්ල්’ (Galilee panhandle) ලෙස හැඳින්වෙන ලෙබනනය තුළට නෙරා ගිය ඊශ්‍රයාල  භූමි ප්‍රදේශයක පිහිටි කිරිඅත් ෂ්මෝනා නගරය, කලක් ඊශ්‍රයාල යේ ජාතික ඔරොත්තු දීමේ සංකේතයක් ලෙස සැළකුණි. දශක ගණනාවක් තිස්සේ ඔවුන් ලෙබනනයේ සිට එල්ල වූ පලස්තීන සටන්කාමීන්ගේ සහ හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරයන්ට මුහුණ දී ඇත.

ඊශ්‍රයාල  ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (Israel Democracy Institute) මත විමසුමකට අනුව බහුතරයක් ඊශ්‍රයාල  වැසියන් ඉරානයට එරෙහි යුද්ධයට සහාය දක්වති. සතුරන් පරාජය වන්නේ නම් මෙම මිසයිල වර්ෂා විඳදරා ගැනීමට තමන් සූදානම් බව කිරිඅත් ෂ්මෝනා වැසියෝ පවා පවසති. නමුත් උතුරු දේශසීමා ප්‍රජාවන්ගේ ජීවිතය දැන් රටේ අනෙක් ප්‍රදේශවලට වඩා සංකීර්ණ වී ඇත. ඔවුන්ගේ හිසට ඉහළින් පියාසර කරන මිසයිල සහ ලෙබනනය දෙසින් ඇසෙන නිරන්තර බෝම්බ හඬ ඔවුන්ගේ දෛනික උරුමය වී තිබේ.

2023 ඔක්තෝබර් මාසයේ හමාස් ප්‍රහාරයෙන් පසු රජය විසින් මෙම නගරයේ 25,000ක ජනගහනය සහ තවත් උතුරේ වැසියන් 40,000ක් ආරක්ෂිතව ඉවත් කළද, පසුව 2024 අගභාගයේදී ඇති වූ අස්ථාවර සටන් විරාමයත් සමඟ ඔවුන්ට නැවත පැමිණෙන ලෙස දැනුම් දෙන ලදී. එහෙත් මෙවර ගැටුම් ඇවිළෙන විට ආරක්ෂක අමාත්‍ය ‘ඊශ්‍රයාල  කැට්ස්’ පවසා ඇත්තේ “කිසිවෙකු තම ඉඩම් සහ නිවෙස් අතහැර නොයා යුතු” බවය.


28 හැවිරිදි අවිව් බෙන් ෂිමෝල් බංකර නිවස තුළ…

තුවාල වූ ආත්මයන්

මෙම තීරණය හමුවේ වැසියෝ දැඩි ව්‍යාකූලත්වයකට පත්ව සිටිති. “ආරක්ෂාවක් නැතිව අපව ආපසු ගෙන්වා ගැනීම වැරදියි. අපි මුරණ්ඩු මිනිස්සු නෙවෙයි, අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි ශක්තිමත් වෙන්න උත්සාහ කළත් මගේ ආත්මය හැම පැත්තකින්ම තුවාල වෙලා,” යැයි ට්විටෝ පවසන්නීය. 2006 වසරේ ගැටුමකදී තමා අසලම රොකට්ටුවක් පිපිරීමෙන් ඇය අදටත් කම්පනයෙන් පසුවන්නීය.

බංකරයේ සිටින තවත් වැසියෙකු වන 41 හැවිරිදි යනිව් වයිස්මන් පවසන්නේ තෙල් අවිව් නගරයට මිසයිලයක් වැටුණු විට මුළු රටම කලබල වන නමුත්, කිරිඅත් ෂ්මෝනා නගරයට ප්‍රහාර එල්ල වන විට කිසිවෙකුට ඒ ගැන වගක් නැති බවය.

නගර සභා ප්‍රකාශක ඩොරන් ෂ්නාපර් පවසන්නේ පෙර ඉවත් කිරීම්වලින් පසුව ආපසු පැමිණියේ වැසියන් 16,000ක් පමණක් බවත්, අලුත් ගැටුම් හමුවේ තවත් පවුල් රැසක් නගරය හැර යමින් සිටින බවත්ය.

“ගිය අවුරුද්ද මෙහේ සාමාන්‍ය විදිහට ගෙවුණේ නැහැ. හවස 5 වන විට නගරයම වැහෙනවා. කවුරුත් පාරේ නැහැ. අපි ජීවත් වුණේ ප්‍රශ්නාර්ථයක් ඔළුවේ තියාගෙන,” යැයි 55 හැවිරිදි අව්රහම් ගයි කල්ෆොන් පවසයි. ඔහු පවසන්නේ තවදුරටත් නගරය හැර නොයන බවය. “පලායෑම විසඳුම නොවෙයි, සාමය ලැබෙන්නේ ශක්තියෙන් පමණයි,” ඔහු අවධාරණය කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොවීන්ට ඉන්ධන ලබාගැනීමට QR කේතය ඉවත් කරයි: අක්කරයකට ලීටර් 15 සිට 20 දක්වා සහනයක්!

Next Post

ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවයට බදාදා නිවාඩු; පාසල්, සරසවි සහ අධිකරණත් වැසෙයි!

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.