අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සියල්ල කෙළවුන රටක ක්‍රිකට්වලට කෙළවී නැතැයි තවමත් සිතන අපට කෙළවි ඇති තරම පෙන්නූ සිම්බාවේ කණ්ඩායමට ස්තුතියි!

by editor
ජනවාරි 16, 2024 - Updated on ජනවාරි 17, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පට්ට පදුරු හොර රැළක්   අරක් ගෙන ක්‍රිකට්වලට   දෙවියන් බලන්නේ නැත. මළ පෙරේත කුම්භාණ්ඩයින් පිනුම් ගසන්නේ දෙවියන් හතර මායිමක නැති භූමියකය.  එය යළිත් සනාථ වී තිබේ.

සිම්බාබ්වේ ඉදිරියේ මේ රටේ මේ තණතීරුවල මේ තරම් විලි ලජ්ජා නැති ලෙස ගහන ක්‍රිකට් එකක් ගැන අප බලාපොරොත්තු වුනේ නැත.  එහෙත් හැම දේම නැතිවුන රටක ක්‍රිකට් විතරක් ඉතිරි නොවන බවට වූ ඇත්ත අත් විඳිමින් සිටිමු.  මූලධර්මය එකය. පරිපාලනය නිවැරදි නොවන කිසිම තැනක ජයග්‍රහණයක් නැත. ජයග්‍රහණයක් සදහා මහ පොළොවේ යථාර්ථයේ ආශීර්වාදයත් අවශ්‍යය.  එමෙන්ම විනයක්, හික්මීමක් සහ පැවැත්මක් සහිත මෙහෙයවීමක් අවශ්‍යය.  නායකත්වය යනු ඕනෑම පුස් නාම්බෙකුට කළ හැකි වගකීමක් නොවන බව තේරුම් ගැනීම අවශ්‍යය. මේ සටහන තබන්නේ ඒ අවබෝධය සමගය.

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ  ශ්‍රි ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවති විස්සයි 20 දෙවැනි තරගය නිමා වි තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙනය. ඒ අවසන් පන්දු ඕවරයේ ලකුණු 20ක ඉලක්කයක් හඹා ගොස් ලකුනු 25ක් ලබා ගනිමිනි.

බ්ලෙසින් මුසරබානි සිය පලමු පන්දුවෙන්ම කුසල් ජනිත්ව දවා ගත් පසු….

හැම අතින්ම සිම්බාබ්වේ කණ්ඩායම අපට වඩා ඉදිරියෙනි. ක්‍රීඩා පිටියේ දි දක්වන සංයමය සහ කැටයම් රහිත ස්වරූපය සහිත විනය අතින්  බොහෝ ඉදිරියෙනි. පළමු විස්සයි 20 තරගයේ  අවසන් ඕවරයේ අවසන් පන්දුවේ දි වාසනාවට ලත් ජයග්‍රහණය අපට හිමි එකක් නොව, එයත් තමන්ගේ ජයග්‍රහණයක් විය යුතුව තිබුණු බව  අද සිම්බාබ්වේ කණ්ඩායමේ ක්‍රීඩා විලාශය පෙන්වා දුන්නේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

දැන් අපට මේ මැච් එක ගැන කියන්නට ඇත්තේ කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග වැනි වටේ උන්ගේ හුළං පාරින් පිම්බුන ගෙම්බන්  තමන්ගේ ප්‍රමාණය දැනගෙන සිටිය  යුතු බවය. වයසක මැතිව්ස්ට සහ කුසල් ජනිත්ට තවත් ලබා ගත යුතු අත්දැකීම් තොගයක් ඉතිරි වී ඇති බවය.

පළමු තරගයේ කඩුළු හයක් සහිතව ගේමට බට වනිඳු හසරංග අධ්‍යයනය කරමින් අද සිම්බාබ්වේ කණ්ඩායම ගැහුවේ ඔහුගේ මජර මාන්නයටය. දැන් වනිඳු හසරංග පොළවට බැස තමන්ගේ නියම පරිමාව තේරුම් ගැනිම වැදගත්ය. ඩුපිලිකේට් කෝලිට ඇඳගෙන සිටින කුසල් මෙන්ඩිස් සිම්බාබ්වේ පන්දු යවන්නනට ඇඹරෙන තරමින් තේරුම් ගත යුත්තේ තමන් තව බොහෝ දේ ඉගනගත යුතු බවය.

කාසියේ වාසිය දිනුවේ සිම්බාබ්වේ කණ්ඩායමය. මුලින්ම පන්දු රැකීම නායක සිකන්දරාසා තේරුවේ පැකිලීමකින් තොරවය. ඒ තීන්දුව මොනතරම් සාර්ථක එකක්දැයි අපට වැටහුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කුජීතව බිඳවැටුණු ආකාරය දකින විටය.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් ලකුණකට දැවී ගියේය. ඒ බ්ලෙසින් මුසරබානි එවූ 3 වැනි පන්දුවේ දී තර්ඩ් මෑන් කලාපයේ පන්දු  රැකි  ලුකේ ජොන්ග්ව් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.  මුසරබානි ගේ ඊලඟ පන්දුවට ශ්‍රී ලංකාවේ සිටින පළපුරුදුම ක්‍රීඩකයෙක් වූ කුසල් ජනිත් ලකුණු නෙලබා දැවී ගියේය. පොයින්ට් කලාපයේ දී රයන් බර්ල් වටිනා උඩපන්දුවක් රැකගත්තේය.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑම සමරමින්….

මුරබානි සිටියේ කඩුලු ත්‍රිත්තවය අභියසය. සිය පළමු පන්දු ඕවරයේ දි එල්ල කල දැඩි ප්‍රහාරය ශ්‍රී ලංකා මුල් පෙළ ඔහු විසින් කුඩු කළේය. දැන් ලකුනු 1ට කඩුලු 02කි. අනතුරුව පිටියට පැමිණි සධීර සමරවික්‍රම යන්තම් කඩුලු ත්‍රිත්වය බේරා ගත්තේය.

එහෙත් සධීර හෝ  කුසල් මෙණ්ඩිස් සාර්ථක වූයේ නැත. ලකුණු 04කට ලුකේ ජොන්ග්වේ හමුවේ කුසල් මෙන්ඩිස් දැවී ගියේය. එවිට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 20කි. ඕවර 3.4 යවා තිබිණි.  ඒ සමගම ලකුණු 16කට සධීර දැවී ගියේය. මුල් පෙළ පිතිකරුවන් හතර දෙනාම කණ්ඩායමට එකතු කළේ ලකුණු 27කි.

එහෙත් ඉන් අනතුරුව පිටියට පැමිණි ඈන්ජලෝ මැතිව්ස් සහ චරිත් අසලංක පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක මනරම් සම්බන්ධතාවයක් ගොඩනැගුවේ තරගයක් දිය හැකි තැනට කණ්ඩායම කැඳවාගෙන එමිනි. හතරේ පහර 05ක් හා 06 පහර 03ක් සමගින් චරිත් ලකුණු 69ක් ලැබුවේ පන්දු 39ක් තුළය. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 66ක් ලැබුවේ නොදැවීය. ඔහු පන්දු 51කට මුහුණ දුන්නේය. හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් එල්ල කළේය. දසුන් ශානක පන්දු 4කට මුහුණ දී ඒ මෙහොතේ අවශ්‍යම ලකුණු 09ක් රැස් කළේ හතරේ පහර 02ක් සමගය. අවසානයේ දි ලකුණු 173ක් ලබා ගෙන ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් සිම්බාබ්වේ කණ්ඩායමට ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

රිචඩ් න්ගරාවා ලකුණු 30කට කඩුළු 1ක්, බ්ලෙසින් මුසරබානි ලකුණු 30ට කඩුළු 02ක්, ලුකේ ජොන්ග්වේ ලකුණු 32ට කඩුළු 2ක්, වෙලින්ග්ටන් මසකඩ්සා ලකුණු 25ට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි සිම්බාබ්වේ මුල් පෙළ ඉතා මැනවින් සිය යුතුකම් කොටස ඉටු කළහ. ටිනාෂේ කමුන්හුකම්වේ සහ ක්‍රෙග්  අර්වින් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සබඳතාවයක් ද ක්‍රෙග් අරවින් සහ බ්‍රයන් බෙනට් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 74ක සම්බන්ධතාවයක් ද ගොඩනැගිනි. දෙවැනි කඩුල්ල බිඳවැටුනේ ලකුණු 96 දී ය.

නමුත් සිකන්ද රාසා ලකුණු 08කටත් ෂේන් විලියම් ලකුණු 01කටත් දැවී යන විට  අප හිතුවේ මැච් එක අපේ කියාය. ඒ මානසිකත්වය වඩාත් තහවුරු වන්නේ ලකුනු 131 දී පන්දු 54ක් තුළ ලකුණු 70ක් ලබා සිටි ක්‍රෙග් අර්වින් පස්වන කඩුල්ල ලෙස ලකුණු 131 දී දැවි ගිය පසුය. ඒ වනවිට පන්දු ඕවර 17.4 කි. පන්දු 14ක දී ලකුණු ජයග්‍රහණය සදහා ලකුණු 43ක් ලබා ගත යුතුය. එය කිසිසේත් පහසු ඉලක්කයක් නොවේ.

ඒ වනවිට අපේ පන්දු යවන්නන් ගෙන් එක්ස්පර්ට් යැයි සිතා සිටි වනිඳු හසරංග හිටියේ රන්කිරි කට ගෑ දිනය සිහිවන තරමට ගුුටි කා ය. කනේ පැළඳ ඉන්න කඩුක්කම් විසිවන ආකාරයේ ප්‍රහාරයකට හසරංග ලක් වූයේය. ඔහු ලකුණු 41ක් සිය පන්දු ඕවර 04ට ලබා දුන්නා පමණක් නොව උඩපන්දුවක් ද අත්හැරියේය.

දුෂ්මන්ත චමීර   කඩුල්ලක් ද සහිතව 18 වැනි පන්දු ඕවරය නිමා කරන විට     විශිෂ්ට පන්දු යැවීමක නිරතව සිටි දිල්ෂාන් මධුශංකට එක් ඕවරයක් ඉතිරිව තිබිණි.

මහීෂ් තික්ෂණ විසින් අතහැරිය විස්සයි 20 හ්‍රී ලංකා ක්‍රිකට ඉතිහාසයේ ලජ්ජා සහිත උඩපන්දුව…

අනතුරුව තවත් ඕවරයක් ඉතිරි වන්නේය.

19 වැනි පන්දු ඕවරය යැවීමට ඩිල්ෂාන් මධුශංක කැඳවනු ලැබුවේය. ඔහුගේ පන්දු ඕවරයට ලබා දුන්නේ ලකුණු 10කි.  අවසන් පන්දු ඕවරයේ දී ජයග්‍රහණය සදහා ලකුණු 20ක් සිම්බාබ්වේ පිලට ලබා ගත යුතු විය.  පන්දුවට පහර දෙමින් සිටියේ  ලුකේ ජොන්ග්වේ සහ කඩුළු රකින ක්‍රීඩක ක්ලයිව් මඩන්ඩේ ය.

වනිඳු හසරංග විසින්  අවසන් පන්දු ඕවරය යැවිමට මැතිව්ස් කැඳෙව්වේය.

සිදුවන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව ශ්‍රි ලංකා ප්‍රේක්ෂාගාරය විපිළිසර වූයේ එතැන් සිටය.

මැතිව්ස් ගේ පළමු පන්දුව නිපන්දුවකි. නිපන්දුවට දැවැන්ත හයේ පහරකි. ඒ ලුකේ ජොන්ග්වේ ගෙනි. ඊලඟට ලැබුණු නිදහස් පන්දුවට ලකුණු හතරකි. එයත් ජොන්ග්වේ ගෙනි. ඊලඟ  පන්දුවට යලිත් ලකුණු 06කි. ජොන්ග්වේ මැතිව්ස්ට උතුර දකුණ අමතක කරන ප්‍රහාරයක සිටියේය. දැන් පන්දු 04ක දී  දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 03කි. තුන්වන පන්දුව ලකුණක් ලබා ගත නොහැකි වන ආකාරයට පිතිකරුට යොමු විය.

තරගයේ ගොබ්බම අවස්ථාව පැමිණියේ සිව්වන පන්දුවේ දීය. දැඩි ප්‍රහාරයක් එල්ලකරමින් සිටි ජොන්ග්වේ විසින් ලබා දුන් ඉතාම පහසු උඩපන්දුව මහීෂ් තික්ෂණ විසින් අතහැරියේය.

යළිත් තරගයක් නැත. මැතිව්ස්ගේ පස්වන පන්දුවට දැවැන්ත ලකුණු 06ක් ලබා ගත් මඩන්ඩේ නොතිබූ ජයග්‍රහණයක් සිය පිළ වෙත රැගෙන ආවේ එක් පන්දුවක් ඉතිරිව තිබිය දීය.

තරගයේ විරයා පන්දු 12කදී ලකුණු 25ක් සහ ලකුණු 32ට කඩුළු 02ක් ලබා ගත් ලුකේ ජොන්ගවේ ය.

නැවත මේ ලපයි සිපයි මට්ටමේ ක්‍රිකට් අපට නම් උවමනා නැත. අපි මේ ගහන්නේ ඉන්දියාව සමග, ඔස්ට්‍රේලියාව සමග හෝ නවසීලන්තය සමග නොවේ. ලෝක ශ්‍රේණිගත කිරිම්වල 13 වැනි තැනට ඉන්නා විස්සයි 20 කණ්ඩායමක් සමගය. තවම අප ඉන්නේ 08වන තැනය.  අයර්ලන්තය, පමණක් නොව නැමීබියාව ඉන්නේත් දැන් අපට නෙලන උන්ට වඩා උඩිනි. අප මේ කුජීත වන්නේ එවැනි කණ්ඩායමකට ය.

විකට් එකක් ගත් පසු කැටයම් කෝටියක් දාන, ඒත් ගහන මැච් දිනාගන්නට බැරි, කනේ කඩුක්කන් එල්ලාගත් පච්ච කොටාගත්  පා වෙමින් සිටින සිමයියලාට පොළොවට බැස නැවත සිතිය යුතු මොහොත පැමිණ තිබේ. උඹලා යාර අනූව ඇතුලට යන්නේ රටේ කෝටි 02ක් ජනතාව වෙනුවෙන් ක්‍රිකට් ගසන්නට මිස පිච් එක රඟපාන්නට නොවේ. අනතුරුව අතාර්කික ලෙස මැච් පරදින්නටත් නොවේ. මේ ක්‍රිකට් තවත් අප ඉවසන්නේ නැත.

උඹලාට ක්‍රිකට් සෙල්ලමක් වුනාට අපට ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලමක් නොවන බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලයේ  හරිත තාක්ෂණ සංසදයට ගිය ජනපති ගෙන් පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින්ට සහතිකයක්!

Next Post

මේ සෞඛ්‍ය වර්ජනය සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරයටම හානියක්… GMOA යළිත් කියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.