ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීම ඇගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ මතභේදයට තුඩු දුන් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් පැරිසියේදී සිය බර ඛාණ්ඩයේ රන් පදක්කම දිනා ගත්තාය.
කිලෝග්‍රෑම් 66 කාන්තා බොක්සිං තරගාවලියේ අවසන් මහා තරගයේදී ඇය ඒකමතික තීරණයකින් ලකුණු මත චීනයේ යැං ලියු පරාජය කළාය. විශේෂත්වය වන්නේ මේ තරගය අත් නොහැර තියුනු අභියෝගයක් කලීෆාට ලබා දීමට චීන ශූරිය වූ යැං ලියූ ඉදිරිපත් වීමය.
කලීෆා අප්‍රිකානු රටකින් ඔලිම්පික් බොක්සිං ශූරියක වූ ප්‍රථමයා වේ.

32 හැවිරිදි ආසියානු ක්‍රීඩිකාව වූ යැං ලියූ ඇල්ජීරියානු ක්‍රීඩිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ නමුත් ඇය වඩාත් බර සහ වඩාත් නිවැරදි පහරවල්වලින් පිළිතුරු ලබා දෙනු පෙනුණි.
කලීෆාට විශාල ප්‍රේක්ෂක සහයෝගයක් ලැබී තිබිණි. ස්වකීය ඓතිහාසික ජයග්‍රහණය ප්‍රාර්ථානවෙන් අප්‍රිකානු කලාපීය බොක්සිං ලෝලීහු තරඟයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඇගේ නම ගායනා කළහ. ඔවුන්ගෙන් ප්‍රේක්ෂාගාරය පිරී ගියේය.

අඟහරුවාදා තායිලන්තයේ Janjaem Suvanapheng ට එරෙහිව අවසන් පූර්ව තරගය ජය ගනිමින් ඇය අවසන් මහා තරගය දක්වා කලීෆා ඉදිරියට ගියාය.
කලීෆා මේ දිනා ගත්තේ ඇල්ජීරියානු සමස්ථ බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ හත්වන ඔලිම්පික් බොක්සිං පදක්කමය. ර එය 2000 න් පසු දිනාගත් පළමු බොක්සිං පදක්කමය.
ඉතිහාසගත වන්නේ කාන්තා බොක්සිං ඉතිහාසයේ පළමු පදක්කම ද දිනා ඇල්ජීරියාවට දිනා දීමට කලීෆා සමත් වීමය.
කලීෆ් තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ ඇගේ ප්‍රතිවාදියා වූ ඉතාලියේ ඇන්ජෙලා කරිනි තත්පර 46කින් පරාජය කිරීමෙනි. ඇය පහරවල් තද වැඩි බව කියමින් කඳුළු සලමින් තරගයෙන් ඉවත් වූවාය. ඇය කඳුලු සලමින් ගෙවා දැම්මේ ඔලිම්පික් ශූරිකයගේ හැකියාව පිළිබඳ සහතිකය යැයි දැන් සිතේ.







