අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මොනවද මේ ක්‍රිකට්?…

by editor
අප්‍රේල් 5, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලක් එක තියන දාට ජොකියා මොකා උනත් අස්සයින් වින් කරන්නේය.  තරගය සම කළ පසු සුපිරි ඕවරයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම ලද පළමු තරග ජයග්‍රහණය එවැනි අහම්බයක් බව නවසීලන්තය අද ලෝකයට කීවේය.

ටිම් සෙයිෆර්ට් සහ ටොම් ලැතම් තරගය නිමා කර යන ගමන්…

ඒ නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව පන්දු ඕවර 19ක් තුළ ලකුණු 141කට දවාගෙන පන්දු ඕවර 14.4 ක දී කඩුළු 01ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමෙනි.

ශ්‍රී ලංකාව පරාය කර නවසීලන්ත කණ්ඩායම කඩුළු 09කින් දිනුම්ය.

පරාජය පිළිගත යුතුය. එය පිළිගැනීම කිසිම ගැටලුවක් නැත. එහෙත් පරාජයක් වුවද පිළිගත හැකි පරාජයක් විය යුතුය.

දැන් මේ ලියන අපට බුකියේ ක්‍රිකට් ඔස්තාද්ලා කියා කුණු කතා කියන්නට අවශ්‍ය නැත. ක්‍රිකට් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය තරම් සමීපය.  ඒ ගේම ගහන්නට අපට බැරි නිසා කෝටි දෙකක් නියෝජනය කරන්නට හොඳම 11ක් පිට්ටනියට යැවූ විට උන් සෙල්ලම් කරන්නේ අල්ලපු ගමේ  කජුවත්ත එක්සත්   කණ්ඩායමටත් පහළට ගිහින් නම් අනේ ක්‍රිකට් ඔහොම තමයි කියා පවන් සලන්නට ඉල්ලීම අසාධාරණය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මක් නිසාද යත් ක්‍රිකට් ඔහොම නොවන නිසාය.

පරාජයේ දී කුණු බැනුම් බැන ජයග්‍රහණයක දී ඔජ වඩනවා නොවේ. එහෙත්  එක් තරගයක් මවිත කරවන ලෙස ක්‍රීඩා කර අනුයාත ඊලඟ තරගය කුජීතවන ක්‍රිකට් රටාවට හේතුව කුමක් දැයි අපට තේරෙන්නේ නැත.

මේ කුණුහරපය ගැන කෝටි බාගයකට වඩා වැඩි මුදලකින් මාසයකට පඩි ගන්නා උපදේශකයින් ඇතුළු පුහුණු කරුවන් කන්දරාවෙන් ද මේ රටේ ක්‍රිකට් ලොලීන් විමසිය යුතුව ඇත.

අද තරගය ගැන කතා කරන තේරුමක් නැත.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට මුලින්ම  පන්දුවට  පහරදීමට ඇරයුම් කළේය.

මේ පළමු තරගයේ ලකුණු 196ක් ලබාගෙන සුපිරි ඕවරයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායමේ පිතිකරණය දැයි සිතන තරමට පිතිකරණය සිල්ලරය.

කුසල් ජනිත් පෙරේරා සහ ධනංජය ද සිල්වා හැර පිතිකරණය සම්බන්ධව සැලකිය යුතු දෙයක් කියන්නට නැත.  කුසල් පන්දු 32ක දී හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 35ක් ලැබුවේය. ධනංජය ද සිල්වා ලකුණු 37ක් ලැබුවේ පන්දු 26ක දී ය. ඔහු හයේ පහර 2ක් සහ හතරේ පහර 03ක් එල්ල කළේය.

කුසල් ජනිත්

චරිත් අසලංක හයේ පහර 2ක් සමගින් ලකුණු 24ක් ලැබුවේය.

නමුත් කුසල්ගේ සහ ධනංජයගේ හැර වගකීම් සහගත පිතිකරණයක් කිසිම පිතිකරුවෙක් පෙන්නුවේ නැත. දසුන් ශානක යළිත් ෆේල්ය. පිත්තේ අග වැදී කනාපිට ගිය හතරේ පහරක් සමග ඔහු ලබා ගත්තේ ලකුණු 07කි.

කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 10ක් ලැබීය.

අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

ලකුණු 141 ලබා ගැනීමට පැමිණි නවසීලන්ත කණ්ඩායම  අපේ පන්දු යවන්නට වඩාගෙන ගැහුවේය.

මුල් කඩුල්ල දැවී යන්නේ ලකුණු 40 දීය. දැවී ගියේ ඒ කඩුල්ල පමණය. කසුන් රාජිත ඒ කඩුල්ල දවා ගත්තේය. ආරම්භක පිතිකරු චැඩ් බවුස් දැවී ගියේ පන්දු 15ක් තුළ ලකුණු 31ක් රැස් කරගෙන සිටියදී ය. ඔහු ලකුණු 28ක් ලබා ගත්තේ හතරේ පහර වලිනි. ප්‍රහාරයට හතරේ පහර 07කි.

අනෙක් අන්තයෙන් ආරම්භක පිතිකරණයට පැමිණි  ටිම් සෙයිෆර්ට් නොදැවී ලකුණු 79කි. මුහුණ දුන්නේ පන්දු 43කට පමණි. හතරේ  පහර 03කි. හයේ පහර 06. ලකුණු 48ක් හතරේ සහ හයේ පහරවලිනි. ටොම් ලැතම් නොදැවී ලකුණු 20කි. අවසන් ලකුණත් හයේ පහරකිනි. ලකුණු 146කි.

පන්දු ඕවර 14.4කින් විස්සයි 20 තරගය ඉවරය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තව දින 45යි… නඩු ගොනු නොකලොත් ඩොලර් බිලියන 6.4 ක X – press Pearl වන්දිය ඉවරයි…

Next Post

හරි පාරෙ ගියත් 2023 දීත් ආර්ථිකයේ හැකිළීමක්! ආසියානු සංවර්ධන බැංකුව කියයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.