බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මේ කමකට නැති පන්දු යැවිල්ල තීන්දු කරමින් ඇත්තේ අපේ ඛේදනීය ඉරණමය…

by editor
සැප්තැම්බර් 19, 2024
in ක්‍රීඩා
වැටෙන කඩුළුත් බිඳ වැටුනේ පන්දු යවන්නන්ගේ පීඩනය  නිසා නොවේ... විශිෂට පන්දු රකින්නන් නිසාය...

වැටෙන කඩුළුත් බිඳ වැටුනේ පන්දු යවන්නන්ගේ පීඩනය නිසා නොවේ... විශිෂට පන්දු රකින්නන් නිසාය...

Share on FacebookShare on Twitter

පළමු තරගයේ දෙවැනි දිනය නිමා වී ඇත. ගාල්ලේ අතීත වික්‍රමයන් සම්බන්ධව අප සතුව වූ මහෝඝය ගැඹුරු කම්පනයකට ලක් වී ඇති අයරු දකිමු. මේ තරගයේ මුල් ඉනිම අද නවසීලන්තය තමන්ගේ පැත්තට හරවා ගත්තේය.

තරගය ආරම්භ වන්නේ කඩුළු 07ක් දැවී ලකුණු 302ක් ලබාගෙන තිබියදීය . රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 14ක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු ලබාගැනීමකින් තොරව ද කඩුල්ලේ රැඳී සිටියේය. එහෙත් අද උදේ පන්දු 23ක් තුළ ලකුණු 3කට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 03 දැවී ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 305කට සියල්ලෝ දැවී ගියහ.

තවමත් ටෙස්ට් තරග තුනක ඉනිම 05ක් පමණක් ක්‍රීඩා කර ඇති නවසීලන්ත වේග පන්දුකාර යෞවනයා, විලියම් රෝක් දඟ පන්දු යවන්නන් ගේ වික්‍රම භූමිය ලෙස හඳුන්වා දෙන ගාල්ල තණතීරුවේ දී ශ්‍රී ලංකා ඉනිම සුන් කළේය. ඔහු මේ වනවිට ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් ඉනිම 05කි. ලබාගෙන අති කඩුළු ගණන 16කි. අවස්ථා දෙකක කඩුළු 05 බැගින් ලබාගෙනය. හොඳම පන්දු යැවීම ලකුණු 34ට කඩුළු 05කි. අද ගාල්ලේදීත් ඔහු කඩුලු 05 විශිෂ්ට සීමාවට ආවේය. ඔහු පන්දු ඕවර 18.5ක් තුළ ලකුණු 55කට කඩුළු 05ක් දවා ගත්තේය.

විලියම් ඕ’ රෝක්

නවසීලන්ත ඉනිම බෙහෙවින්ම විශ්වාසනීය මෙන්ම ස්ථාවර එකක් වූ ආකාරය අපි දුටුවෙමු. නවසීලන්ත පන්දුකරණයේ දී ඇති කළ තියුණු දඟ කැවීම, අන්දමන්ද කරන දෝලනය අපේ පන්දු යවන්නන් ගෙන් අපි බලාපොරොත්තු වුනෙමු. එහෙත් ශ්‍රී ලංකා දඟපන්දු බලාපොරොත්තුව වූ ප්‍රභාත් ජයසූරියටවත්, අනෙක් දඟ පන්දු යවන්නන් තුන්දෙනාවත් පන්දුයැවීමේ අභියෝගාත්මක ඉලක්කය සහ පතිත කළ යුතු ස්ථානය සොයා ගත්තේ නැත.

එක්කෝ ක්‍රීඩාංගනය හරහා හමා එන තද සුළඟ මේ පන්දු යවන්නන් විකල් කළා විය හැකිය. ඒත් නැතිනම් නවසීලන්ත පිතිකරුවන් තම පාද චලනයේ රිද්මය ඔවුන්ගේ ඉලක්කය අවුල් කළා විය හැකිය. අප දුටුවේ නිදහසේ පිටිය පුරා පන්දුව යොමුකරමින් අභියෝගයකින් තොරව ලකුණු රැස් කරන නවසීලන්ත පිතිකරුවන්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ලැතම් සහ විලියම්සන්…

එහි ප්‍රතිඵලය බලාපොරොත්තු බිඳ දමන සුළුය. දැනට නවසීලන්ත කණ්ඩායම ලකුණු 255ට කඩුළු 04කි. මුල් ඉනිමේ හඹා ගොස් ස්ථාවර ඉලක්කයක් කරා යන්නට ඇත්තේ ලකුණු 50ක් පමණි. කඩුළු 06ක් අතැතිවය.

ආරම්භක පිතිකරුවන්වන ටොම් ලැතම් සහ ඩෙවොන් කොන්වේ අතර ආරම්භක සම්බන්ධතාවය ලකුණු 63කි. කොන්වේ ලකුණු 17කට දැවී ගියේය. එහෙත් ටොම් ලැතම් ලකුණු 70කි. කේන් විලියම්සන් ලකුණු 55කි. රචින් රවින්ද්‍ර ලකුණු 39කි. ඩෙරිල් මිෂෙල් නොදැවී ලකුණු 41ක් සහ කඩුළු රකින ක්‍රීඩක ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 18කි. ලකුනු 255කට කඩුළු 04කි.

දවාගත් කඩුළු 4න් කඩුළු 2ක් ධනංජය ද සිල්වාගේ ය. දඟපන්දු යැවීමේ පසුබෑම ඉන් පෙනී යන්නේය. සෑම නව පිතිකරුවෙක්ම ඉක්මනින් ස්ථාවර වූයේය. කඩුළු දවාගෙන පීඩනයක් ඇති කරවීමට අපට නොහැකි විය. ඕවර දෙකක් ඇතුළත විලියම්සන් සහ රවීන්ද්‍ර දවා ගත් ධනංජය ද සිල්වාගේ පිපිරුමක් පමණක් ශ්‍රී ලංකා ආධිපත්‍යය පිළිබඳ යම් ආලෝකයක් ලබා දුන් නමුත් ඩැරල් මිචෙල් සහ ටොස් බ්ලන්ඩෙල් විසින් එම බලාපොරොත්තුව ඉක්මනින්ම බිඳ දැමුවේය.

විශේෂඥ දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 99කට කඩුල්ලකි. එය ගාල්ලේදී ඔහුගෙන් ප්‍රකට වුන නරකම පන්දු යැවීමය. තුන් ඉරියව් දඟ පන්දු යවන්නා රමේෂ් මෙන්ඩිස් ලකුණු 69ට කඩුල්ලකි. කමිඳු මෙන්ඩිස් එකම ඕවරයක් යැව්වේය. එම ඕවරයට ලකුණු 08කි.

මේ පන්දු යැවීමනම් හරියන්නේ නැත. නවසීලන්ත කණ්ඩායම ඉතිහාසයේ කිසිම ජයග්‍රහණයක් අත් කර නොගත් ගාල්ලේ දී ඔවුන් අපට තර්ජනයක් එල්ල කරන මූලික ලකුණු පහළ කරමින් ඇත. මොකක් හෝ අවුලක් සිදුවී තිබේ. සාකච්ඡා කර එය විසඳාගෙන හෙට දිනයේ මේ තරගය වෙනසක් කර නොගතහොත් නිසැකවම ජයග්‍රහණය හෝ විසඳුමකින් තොරව නිමා කරගැනීම තබා තරගය බේරා ගැනීමවත් පහසු වන්නේ නැත. පළමු ඉනිමේ ලකුණු 305ට වඩා ලබා ගන්නා සෑම ලකුණක්ම ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බොහෝ ඈතට ගෙනියනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ පුත් රමිත නමින් තිබූ කොළඹ 07 සුපිරි නිවාස ඒකක 02ක් අයථා වත්කම් රැස්කිරීමේ වරද යටතේ කොළඹ මහාධිකරණයෙන් තහනම් කරයි!

Next Post

ජනපති ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්කරයි…

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.