දින 02කින් එළඹෙන 2024 ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සාකච්ඡාවට ගනිමින් පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කර ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (19) ආරක්ෂක මණ්ඩලය රැස් කරමින් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

ඒ ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වුන අවස්ථාවේ දී ය.
මැතිවරණ දිනයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.







