බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මචං දසුන්… ක්‍රිකට් ගැන කරදර නොවි දැන් ඔය පටන් ගත්තු විදිහටම ගුරුකං අතේ වැඩ ටිකක්වත් කරලා බලපං!

by editor
පෙබරවාරි 3, 2026
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

විලි ලජ්ජා හිතෙන්නේය. ඒ අප ක්‍රිකට් ගැන හීන දැක්කේ අපේ රටේ අපට අවශ්‍ය විදිහට හදාගත් තණතිලි මත  ලකුණු 128ක් ගහගන්න බැරි විස්සයි 20 ජාතික කණ්ඩායමක් තියාගෙන බව සිහිවන විටය. එංගලන්තය ලබා දුන් ලකුණු 129ක ඉලක්කය අහලකවත් නැත.  ලකුණු 116කට අපේ උන්  සියල්ලන් දැවී ගොස්ය. මේ තරගයත් ලකුණු 12කින් පරාදය. 

ලෝක කුසලානය තරගාවලියේ වෙනසක් කරන්නට යන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන හිටපු එංගලන්ත නායක  නසාර් හුසේන්  කියන්නට ඇත්තේ මේ ක්‍රිකට් ගැහිල්ල ගැන හිතා නොවන බව දැන් විශ්වාසය.

ඔහු කියන්නට ඇත්තේ  කොන්ඩ පාට කරගෙන  පච්චා කොටාගෙන  ගාලතැන්නේ කපුවා සේ රත්තරන් පොරෝගෙන පිච්  එක මැද ජිංතුපිටියේ ඩාන්ස් දාන ලොන්තයන්  පිරිසක් ද, තරගය අතර  අහස දෙස බලාගෙන ආවේස වී දොඩවන යක්දෙස්සෙක්ට ඇඳගත් පුහුණු කරුවෙක් ද ,  අතේ රතු නූල් බැඳගෙන ගුරුකම් වලින් ක්‍රිකට් දිනන්න යන කැප්ටන් කෙනෙක්ද සහිත කණ්ඩායමක් ලෝක කුසලානයට දෙන්නට යන  ආතල්  එක  ගැනය.

එක අතකට මේ හිඟන්නන්ට බැණ අඬගසා පලක් නැත.  මුන්ට පුලුවන් ක්‍රිකට් ඔච්චරය.  බැන අඬගසනවා වෙනුවට ජාතියක් ලෙස අප එකට එකතු වී මුන්ට අනුකම්පා කළ යුතුව ඇත්තේය.

මැච් පරදින විට පිච් එක හදන උන් මරාගෙන කන්නට යන පුහුණුකරුවෙකුගේ නිරුවත අද යළිත් හෙළි වුනේය. ලොකු ගණන්  ගහන්නට බැරි නිසා පිච් එක  වෙනස් කරගෙන ලකුණු 128කට එංගලන්ත කණ්ඩායම දවා ගත්තේය. ඒත් අන්තිමට එංගලන්ත දඟ පන්දු යවන්නෝ අපේ උන් එක එකා වඩාගෙන පොළොවේ ගැසූහ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මේ පිච් එකේ ගහන්නට බැරි බව දන්නේ තමන්ට අවශ්‍ය විදිහට පිච් එක හදාගත්ත උන්ය. එසේ නම්  කුලප්පු වූ ගවයින් මෙන් හතර අතේ පිත්ත වනා මේ ගේම ගහගන්නට බැරි බව හිතන්නට මුං එකෙකුටවත්  ඔළුවක් තිබුණේ නැති වීම ගැන ඇත්තටම පුදුමයකට වඩා ඇතිවන්නේ දුකක්ය.  එක් අන්තයකින් කණ්ඩායම බිඳ වැටෙද්දී එංගන්තයට ලකුණු 128ක් පෙන්නුවේ  අනෙක් අන්තය රැකගෙන සිටි සෑම් කරන්ගේ ලකුණු 58 ය. ක්‍රිකට් එසේය.  එහෙත්  පිතිකරණය ජාතික වගකිමක් කරගත් ජාතික කණ්ඩායමේ එකෙක්  එක් අන්තයක ඕවර 8ක් එක දිගට රැඳුනේ නැත.

තරගයේ පෙළ ගැස්ම

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක හැරී බෲක් පිතිකරණය තේරුවේය. කණ්ඩායම ලකුණු 128කට දැවී ගියේය. කැපී පෙනෙන පිතිකරණයක නිරතවන්නේ සෑම් කරන් පමණි. ඔහු  පන්දු 48කට මුහුණ දෙමින් ලකුණු 58ක් ලැබුවේය. එංගලන්ත ඉනිම ගොඩනැගුනේ ඔහු වටාය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම පන්දු යැවීම දුෂ්මන්ත චමීරගෙන් වාර්තා විය. ඔහු ලකුණු 24ට කඩුළු 05ක් ලැබුවේය.  මතීෂ පතිරණ කඩුළු 02ක්, දුනිත් වෙල්ලාලගේ සහ මහීෂ් තීක්ෂණ කඩුල්ලක් බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා කණඩායම  පන්දු ඕවර 19.3 ක දී ලකුණු 116කට සියල්ලෝ දැවී ගියහ. පිතිකරණ වගකීම ගන්නට එකෙක් හිටියේ නැත. පන්දු 12කින් ලකුණු 23 ගැසූ පැතුම් දැවී ගියේය. කමිල් මිෂාර ලකුණු ලැබුවේ නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 26කි. පවන් රත්නායක ලකුණු 13කි. කමිඳු තමන් කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයෙක් බව පෙන්වීමට තිබූ වටිනාම අවස්ථාව මගහැර ගත්තේය. ඔහු ලකුණු 14කි. ජනිත් ලියනගේ ලකුණු 17කි. අවසානයේ දී නායක දසුන් ශානක දැවී යන්නේ පිච් එක මැද කොක් ඩාන්ස් දැමූ මානකොකෙක් සිහිකරමිනි.

රටක් විදිහට අප විලි ලජ්ජාවට පත් විය යුත්තේ එංගලන්තයේ අර්ධ දඟ පන්දු යවන්නන් ඉදිරියේ අපේ සුපිරි යැයි හඳුන්වා ගත් පිතිකරුවන්  බඩ විරේක වී සිටිනා පණු අමාරු කාරයින් සේ ඇඹරී ගිය ආකාරයටය. ජාකොබ් බෙත්හෙල් පන්දු ඕවර 3.3ක දී ශ්‍රී ලංකා කඩුළු 04ක් දවා ගන්නේ ලකුණු 11කට ය. විල් ජැක් කඩුළු 03ක් දවා ගන්නේ ලකුණු 14ට ය.

මේවා ගැන කතා කර දැන් තේරුමක් නැත. රට ඇතුළේ දී එක්දින තරගාවලියක් මුලුමනින්ම පරාදය. තරග තුනම එක මිටට පරාදය. විලි ලජ්ජා නැති ලෙස පරාදය.  දසුන් ශානකට යමක් කියන්නට ඇත.  මචං… මේ වේදනාව අපට තේරෙන්නේය.  ඉතින් පුලුවන් හරිය ඔච්චරය.  සනා සමග එක් වී මේ දවස්වල පටන් ගෙන ඇති ගුරුකං අතේ වැඩ ටික දගටම කරගෙන යෑමට   ට්‍රයි එකක් දීම හොඳය.

වැඩේට ගාලතැන්නේ කපුවා උනත් වරදක් නැත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලෙයින් ලියා දෙන්න ගිය සජිත්ට වෙච්චි දේ… අපිව දේශපාලනිකව පාවිච්චි කරන්න හදන අයට පාවිච්චි වෙන්න අපට අදහසක් නෑ සර්… පාසල් සංවර්ධන නිලධාරීහු ජනපතිට කියති!

Next Post

විපක්ෂ නායක තුමනි… තිරසාර රටක සෑම ක්ෂේත්‍රයකම ජයග්‍රහණ සහිතව බොහෝ දුරක් ගමන් කිරීම සඳහා එක්ව ගමන් කරමු… ජනපති නිදහස් දිනයේ දි කියයි!

Related Posts

ක්‍රීඩා

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ක්‍රීඩා

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.