සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පෙරළියක් වේ නම් ඒ ඔවුන්ගෙනි…

by editor
නොවැම්බර් 3, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අප ප්‍රසාද ලකුණු සටහනේ 07වන තැනය. අප පසුකර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 05වන ස්ථානයට පැමිණ ඇත්තේ ලකුණු 08ක් සහිතවය. 3වන තැන් ඉන්නා ඔස්ට්‍රේලියාවත්, සිව්වන තැන ඉන්නා නවසීලන්තයත් ලබාගෙන ඇත්තේ ලකුණු 08 බැගිනි. ලකුණු ලබා ගැනීමේ දළ වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ මුල් හතර තුළ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය රැඳී ඉන්නේය.

මේ ලෝක කුසලාන තරගාවලියේ පෙරළියක් සිදුකරනු ඇතිනම් ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම බවට විචාරක මත පලවී ඇත්තේ ශ්‍රී ලංකාව තවදුරටත් මේ තරගාවලියට වලංගු  නැති වීදි ක්‍රිකට් ගහන ගොබ්බයන් සේ තරගාවලිය තුළ රස්තියාදුවන පරිසරයකදී ය.

අද පැවති නෙදර්ලන්ත ඇෆ්ගනිස්ථාන තරගයේ දී  ඉතා ස්ථාවර සහ වෘත්තීය තරග රටාවක් පෙන්වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 07කින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07කින් පරාජය කළ ආකාරයේම පහසුවෙනි.

රහ්මට් ෂා සහ නායක හෂ්මතුල්ලාහ්  ෂහීඩි (වමේ)… අස්මතුල්ලාහ් ඕමාර්සායි සහ හෂ්මතුල්ලාහ්  ෂහීඩි ( දකුණේ)

ලෝක කුසලාන තරගාවලියේ 34 වැනි තරගය ලෙස ලක්නව්හි ආතල් බිහාරි වජ්පායි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ  කාසියේ වාසිය දිනා ගත්තේ නෙදර්ලන්ත කණ්ඩායමය. ඔවුහු පිතිකරණය තේරූහ.

එහෙත්  නෙදර්ලන්ත කණ්ඩායම  ඕවර 46.3ක දී සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 179කි. සිබ්‍රන්ඩ් එන්ගල් බ්‍රෙච් පන්දු 86ක දී හතරේ පහර 06ක් සමගින් ලකුණු 58ක් ලැබුවේය.   මැක්ස් ඕ වොඩ් පන්දු 40ක දී ලකුණු 42ක් ලැබුවේය. ඊට හතරේ පහර 09ක් ඇතුළත් විය. කොලින් ඇකර්මන් ලකුණු 29කි. අනෙක් පිතිකරුවන් කිසිවෙක් ලකුණු 11කට වඩා රැස් කළේ නැත.  කණ්ඩායමේ සිව් දෙනෙක් දුවද්දී දැවී යෑම මේ තරගාවලියේ සිදුවූ විශේෂ සිද්ධියකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමතර ලකුණු 16කි. ඒ අතර වයිඩ් පන්දු 14ක් විය.

සියල්ලන්ම දැවී නෙදර්ලන්තය ලකුණු 179කට සීමා විය. මෙහොමඩ් නබී ලකුණු 28කට කඩුලු 03ක්, නූර් අහමඩ් ලකුණු 31ට කඩුළු 02ක් සහ මුජිබ් උර් රහ්මාන් ලකුණු 40ට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයේ මුල් කඩුලු දෙක ලකුණු 55ක් තුළ දැවී ගියේය. ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 10කටත්, ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 20කටත් දැවී ගියේ. අනතුරුව  පිටියට පැමිණි  රහ්මට් ෂා සහ නායක හෂ්මතුල්ලාහ්  ෂහීඩි අර්ධ ශතක ලැබූහ. රහ්මට් ෂා ලකුණු 52කි.  නායක හෂ්මතුල්ලාහ් ෂහීඩි නොදැවී ලකුණු 56කි. අස්මතුල්ලාහ් ඕමාර්සායි  නොදැවී ලකුණු 31කි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරගය නිමා කරන්නේ ඕවර 31.3කිනි.  දැවි ගියේ කඩුලු 03කි. පන්දු 111 ඉතිරිව තිබිය දී ඔවුන් කඩුළු 07කින් දිනුම්ය. තරගයේ විරයා ලකුණු 28ට කඩුළු 03ක් ලබා ගත් මොහොමඩ් නබීය.

දැන් සිදුවී ඇති දේ මුලින්ම සඳහන් කළෙමු. අවසන් පූර්ව වටයේ දොරට තට්ටු කරමින්  සිටිනා පසුපෙළයන් අතර බලාපොරෝතතු සහිතව ඇෆ්ගනිස්ථානය ඉහළින්ම සිටින්නේය.  එය තරගාවලියේ වර්ණවත් අවස්ථාවක් ලෙස දැන් චිත්‍රණය වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු පොලිස්පතිට සිව්වන වරටත් සේවා දිගුවක්…

Next Post

නේපාලයේ දැඩි  භූමි කම්පාවක්… දිල්ලියත් හෙල්ලෙයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.