ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ නේපාලයේ රිච්ටර් මාපක 6.4ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ඉන්දියවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වාර්තා කළේය.
දිල්ලිය, නොයිඩා සහ ගුරුග්‍රාම් සහ බිහාර් ඇතුළු උතුරු ඉන්දියාවට ද මෙම කම්පනය දැනී ඇති නමුත් මේ මොහොතේ තුවාල හෝ බරපතල හානියක් පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බව හින්දුස්ථාන් ටයිම්ස් පවසයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය නේපාලයේ කිලෝමීටර් 10 ක් ගැඹුරින් පැවති බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.
දිල්ලි සහ ජාතික අගනුවර (NCR) හි ජනතාව දැඩි කම්පනයක් දැනුණු අතර ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට දිව ගියහ. මින් පෙර දිල්ලියේ භූමි කම්පාවක් ඇති වන අවස්ථාවේ ලෝක කුසලාන තරගමාලාවේ තරගයක් දිල්ලි නුවර පැවැත්වෙමින් තිබිණි.
මාසයක් ඇතුළත නේපාලයට ප්‍රබල භූමිකම්පාවක් ඇතිවුන තෙවැනි අවස්ථාව මෙයය.







