අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පල්වෙන වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

by editor
නොවැම්බර් 16, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

  • මොනතරම් චෝදනා තිබුණත් අසන්ත ද මැල් සදා සභාපති…
  • බංගලාදේශ එක්දින තරගාවලිය පාවා දුන් බවට ක්‍රීඩකයන්ට චෝදනා කරන ප්‍රමෝද්‍ය ඒ ක්‍රීඩකයන්ම තෝරන්න පත් වෙලා
  • ජ්‍යෙෂ්ඨයො පෙරළගෙන තිලකා නිල්මි ගුණරත්න ආයෙත් ඇවිත්..

ශ්‍රී ලංකා පිරිමි, කාන්තා හා අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම් තෝරාගැනීමේ කාර්යය සඳහා එක් තේරීම් කමිටුවක් පමණක් නිර්දේශ කිරිමට යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පියවර ගැනීමෙන් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් මතුවී තිබේ. කාන්තා හා පිරිමි තේරීම් කමිටු දෙකක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතාව වී තිබුණ ද එය බැහැර කරමින් පුද්ගලයන් 7 දෙනකුගෙන් සමන්විතව නිර්දේශ කර ඇති එම ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති අසන්ත ද මැල්  නැවත පත් කිරීම ද මතභේදයට තුඩු දෙන කරුණක් වී ඇතැයි වාර්තා වේ. මේ තේරීම් කමිටුවට නිර්දේශ කර ඇති ඇතැම් සාමාජිකයන් පිළිබඳව ද ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ වැඩි ප්‍රසාදයක් නොමැති බව ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

සදා සභාපති අසන්ත ද මැල්

අසන්ත ද මැල්

අසන්ත ද මැල්ගේ සභාපතිත්වයෙන් යුතුව නිර්දේශ කර ඇති නව තේරීම් කමිටුවට චමින්ද මෙන්ඩිස්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, හේමන්ත දේවප්‍රිය, රංජිත් මදුරසිංහ, උවෙයිස් කර්නයින් සහ නිල්මි ගුණරත්න ඇතුළත් වෙති. එම කමිටුවේ සාමාජිකයන් අතරින් කාන්තා ක්‍රිකට් සහ අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිත සම්බන්ධව කටයුතු කිරිමේ වගකීම පැවැරෙන පුද්ගලයා එම කමිටුව විසින්ම තීරණය කරනු ඇතැයි ද වාර්තා වේ. මෙම නිර්දේශිත නම් ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂගේ අනුමැතියට යොමු කර තිබේ.

2018 වසරේ සිට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කරන අසන්ත ද මැල්, මෙවර එම තනතුරට පත්වූයේ තුන්වැනි වරටය. කෙසේ නමුත් සිය ධුරකාලය තුළ ඔහු කණ්ඩායමට තෝරාගත් ක්‍රීඩකයන් පිළිබඳ මතභේදාත්මක පසුබිමක් නිර්මාණය වූයේ වරක් දෙවරක් නොවීය. ඒ අතරින් මතභේදයට තුඩු දුන් කැපී පෙනෙන සිදුවීම වූයේ පසුගිය වසරේ එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට දස්කම් අතර නොසිටි ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන ඇතුළත් කිරීමය. එම තෝරාගැනීම අසන්ත ද මැල්ට පක්ෂව කටයුතු කරන පුද්ගලයන් ද විමතියට පත් කළ තෝරාගැනීමක් වී තිබිණි. සිය ධුරකාලය තුළ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයෙන් ද, ලසිත් මාලිංග එක්දින නායකත්වයෙන් ද ඉවත් කළ අසන්ත ද මැල් , දිමුත් කරුණාරත්නට එම කණ්ඩායම්වල වගකීම පැවරීමත් වැඩි කතාබහට ලක්විය. කෙසේ වෙතත් අවිශ්ක ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය වැනි යොවුන් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීම කාගෙත් ප්‍රසාදයට ලක්විය.

මිකී ආතර්

එවැනි තත්ත්වයක් තුළ ලබන මස දකුණු අප්‍රිකානු සංචාරය ඉලක්ක කරමින් නම් කළ ක්‍රීඩකයන් 22කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට පසුගියදා අගෝස්තු මාසයේ නිමාවට පත්වූ අන්තර් සමාජ ප්‍රිමියර්ලීග් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා සහ වැඩිම කඩුලුලාභියා ඇතුළත් නොකිරීම ද විමතියට කරුණක් වී තිබේ. තේරීම් කමිටු ප්‍රධානියාගේ ධුර කාලය පසුගිය මාසයේ අවසන් වූ අතර, මෙවර ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීම සිදුවූයේ එවැනි පසුබිමක් තිබියදීය. එහෙත් අසන්ත ද මැල්   ඒ සම්බන්ධව කියා සිටියේ දකුණු අප්‍රිකානු සංචාරයට ශ්‍රී ලංකා සංචිතය නම් කරනු ලැබුවේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්  විසින් බවය. ඔහු තමාගෙන් ඇතැම් නම් පිළිබඳ විමසීමක් පමණක් සිදුකළ බව ඔහු පසුව කියා තිබිණි. එසේ වුවත් ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේදී අසන්ත ද මැල්  සෘජුවම මැදිහත් වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

එන්.සී.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරන දකුණත් ආරම්භක පිතිකරු 26 හැවිරිදි ළහිරු උදාර මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන පිතිකරුවා වූ අතර සිය අවසන් ඉනිම් 6දීම අඛණ්ඩව ලකුණු 50 සීමාව පසු කිරීමට සමත් විය. ඔහු ලකුණු දහසේ සීමාව පසුකළ පිතිකරුවා බවට ද පත්වී තිබිණි. එම තරගාවලියේ කඩුලු 61ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්වූ හිටපු ටෙස්ට් පිතිකරු හෂාන් තිලකරත්න මහතාගේ පුත් දුවිඳු තිලකරත්න මීට පෙර බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය ඉලක්ක කරමින් සංචිතගත කළ ශ්‍රී ලංකා පිලට ඇතුළත් වූවත් මෙවර ඔහුට ස්ථානයක් හිමිනොවීමත් ඇතැම් පාර්ශ්වවල විමතියට ලක්වී තිබේ.

තරග පාවා දුන් බවට ක්‍රීඩයකයන්ට චෝදනා කරන ප්‍රමෝද්‍ය

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ

නිර්දේශ කර ඇති තේරීම් කමිටුවට ඇතුළත් චමින්ද මෙන්ඩිස් මීට පෙර අවස්ථාවේදී ද එම කමිටුවේ සාමාජිකයකු වූ අතර මීට පෙර සාමාජිකයකු ලෙස කටයුතු කළ විනෝදන් ජෝන් මෙවර කපා හැර තිබේ. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවත තේරීම් කමිටුවට ඇතුළත් වූයේ වසර 7කට පසුය. මීට පෙර 2013දී සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුවේ සාමාජිකයකුව සිටි ප්‍රමෝද්‍ය මෙවර තේරීම් කමිටුවට ඇතුළත්වීම ද ඇතැමුන්ගේ විමතියට ලක්වූ කරුණකි. මන්ද ඔහු 2017 වසරේදී සිම්බාබ්වේ පිල හමුවේ එක්දින තරගාවලියකින් ශ්‍රී ලංකා පිල පරාජය වීම සැකයට තුඩුදෙන බවට ප්‍රකාශයක් නිකුත් කළ පුද්ගලයෙකි. ඔහුගේ චෝදනාවට ලක්වූ ඇතැම් ක්‍රීඩකයන් මේ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරති.

රංජිත් මදුරසිංහ මීට පෙර කනිෂ්ඨ ක්‍රීඩකයන් තේරීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර නිර්දේශ කර ඇති තවත් සාමාජිකයකු වන හේමන්ත දේවප්‍රිය මීට පෙර කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කළක් කටයුතු කළේය. උවෙයිස් කර්නයින් ද මිට පෙර කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ.

ආන්දෝලනයට ලක් වන නිල්මිණි

නිර්දේශිත නම් අතර කතාබහට ලක්වන තවත් පුද්ගලයකු වන්නේ එම නම් අතරට ඇතුළත් එකම කාන්තා නියෝජනය වන නිල්මි ගුණරත්න මහත්මියයි. රසාංජලී සිල්වාගේ සභාපතිත්වයෙන් යුතු පසුගිය කාන්තා තේරීම් කමිටුවේ ද සාමාජිකාවක ලෙස කටයුතු කළ ඇය එවර ද කතා බහට ලක්වූ චරිතයකි. 1997-2005 අතර කාලයේ ජාතික කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ තිලකා නිල්මි ගුණරත්න මහත්මිය එක්දින තරග 13කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 10ක් බිඳ දමා තිබේ. කාන්තා ක්‍රිකට් තේරීම් සඳහා හැකියාව ඇති පැරැණි ක්‍රීඩිකාවන් රැසක් අබිබවා ඇය මේ තනතුරට පත්වීම අවස්ථා දෙකේදීම කතාබහට ලක්වීම කැපී පෙනේ.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

20ට අත ඉස්සූ තුන් දෙනෙකුට ආණ්ඩුවෙන් ඇමතිකම්

Next Post

තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වේ… මුළු කොවිඩ් මරණ ගණන 61යි..

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.