සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නොකියාම ගිය අවුරුදු හැටේ ඉලන්දාරියා

by editor
නොවැම්බර් 26, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක

වැඩිදෙනකු මැරඩෝනා හඳුන්වන්නේ එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙසය. ඔහු  සමග එකට ක්‍රීඩා කළ ඔහුගේ සමකාලීන සගයන්ට නම් මැරඩෝනා තරම් පෙරළිකාරයකු තවත් නොමැත. සමහරුන්ට ඔහු සෙල්ලක්කාරයෙකි. ලොව පුරා සුරූපී කාන්තාවන්ට මැරඩෝනා එක්තරා අන්දමක sex symbol එකකි. කවුරු කෙසේ කීවත් ඒ කිසිවක් ගණනකට නොගත් මේ අපූරු ක්‍රීඩකයා ජීවිතයෙන් සමුගන්නා තුරුම ජීවත්වූයේ සතුටිනි. සැහැල්ලුවෙනි. ජාත්‍යන්තර ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් වැඩි දෙනකුට ඉතා කනගාටුදායක ලෙස ජීවිතයේ අවසන් සැඳෑව ගෙවා දැමීමට සිදුවූවත් එවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවීමට තරම් මැරඩෝනා එක අතකින් වාසනාවන්තය. සිරුර ඔත්පළව තිබුණත් ඔහු අවසන් හුස්ම හෙළතුරුම පසුවූයේ තරුණයකු මෙන් ජවසම්පන්න මනසකින් යුතුවය.

ලොව ඕනෑම ක්‍රීඩාවක රජ වන්නට භාග්‍ය හා වාසනාව ලැබෙන්නේ එක් ක්‍රීඩකයකුට පමණි. බොක්සිං නම් මොහොමඩ් අලි ය. පාපන්දු නම් පේලේය. මැරඩෝනා ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා නොවන්නේ එබැවිනි. නමුත් ඔහු තරම් ක්‍රීඩාවෙන් ‘එන්ජෝයි‘ කළ  ක්‍රීඩකයකු නම් පාපන්දු පිටියේ කිසිදා සිටියේ නැත. ඔහු එය කෙතරම් අපූරුවට කළාද කිවහොත් එකළ ලොව පුරා  කෝටි සංඛ්‍යාත යොවුන් පාපන්දු ක්‍රීඩකයන්ගේ එකම සිහිනය වූයේ පේලේ කෙනකු නොව මැරඩෝනා කෙනකු වීමටය. 

1960 ඔක්තෝබරයේ 30 වැනිදා බුවනෝර්ස් අයර්ස් නුවර එක්තරා ගමක දුප්පත් පවුලක උපන් මැරඩෝනාට සාමාන්‍ය ළමාවියක් තිබුණේ නැත. ඔහුගේ නවයොවුන් වියත් එලෙසින්ම ගෙවී ගියේ අන්ත දරිද්‍රතාව මැදය. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඔහු මුලින්ම ආජෙන්ටිනාවේ කනිෂ්ට කණ්ඩායමට එක්වූයේ සිය 16 වැනි උපන්දිනයට දින 10කට කළිනි. එවිට ඔහු හැඳ සිටියේ අංක 16 ජර්සියයි. අජෙන්ටිනා පාපන්දු ඉතිහාසයේ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වූයේය. සිය මංගල තරගය ආරම්භ වී මිනිත්තු කිහිපයකින් ප්‍රතිවාදී කණ්ඩායමේ ගෝල් රකින්නා අන්දමන්ද කරමින් ඔහුගේ දෙපා අතරින් පන්දුව රිංගා යැවූ හෙතෙම එක් රැයකින් එරට තරුවක් බවට පත්වූ අතර, ඊළඟ වසරේදී  එරට ජාතික කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කරගත්තේය.

1977දී හංගේරියාවට එරෙහිව සිය  මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ඔහුට 1978 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කිරිමේ අවස්ථාව අහිමිවූයේ ඔහු තවමත් ළාබාල වැඩි බවට පුහුණුකරු තීරණය කිරීම හේතුවෙනි. නමුත් පසුව 1982 සිය මංගල ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ මැරඩෝනා ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරය බවට පත්වුයේ 1986  ලෝක කුසලානය අජෙන්ටිනාවට දිනා දීමට සමත්වීමත් සමගය.

එවර කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළ මැරඩෝනා එහිදී එංගලන්තය සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී අපකීර්තිමත් ගෝලයකට හිමිකම් කීමේ කළු පැල්ලම නම් ඔහු මෙලොවින් සමුගන්නා තුරුම කතාබහට ලක්වූ එකකි. එම තරගයෙන් අජෙන්ටිනාව ජයගත්තේ මැරඩෝනාගේ ගෝල් ද්විත්වයට පින්සිදු වන්නටය. නමුත් එහි පළමුවැන්න නම් මුළුමනින්ම වංචාවක් බවට පසුව සළකනු ලැබීය. 

එය සිදුවූයේ තරගයේ 51 වැනි මිනිත්තුවේදීය. එංගලන්ත දැල් රකින්නා පීටර් ශිල්ටන් ඉදිරියට දිව ආවේ පන්දුව රැක ගැනීමටය. පන්දුව ඉහළින් ඇදී එද්දී එකවරම මැරඩෝනා ඉහළට පැන්නේ හිසින් පහරක් එල්ල කිරීමටය. නමුත් පන්දුව ඔහුගේ වමතේ වැදී දැල් රකින්නාගේ අත්වැසුම් අතරින් රිංගා දැල තුළට ඉගිලී ගියේය. එබැවින් එය නීතිවිරෝධී ගෝලයක් වුවත් තරග විනිසුරු එය ගෝලයක් බවට සංඥා කළේ එංගලන්ත පිලේ ක්‍රීඩකයන් අන්දමන්ද කරවමිනි.  

අපකීර්තිමත් ගෝලය..

නමුත් ඊට මිනිත්තු කිහිපයකට පසු ඔහු එංගලන්ත පිලේ ක්‍රීඩකයන් පස්දෙනකු අබිබවා මීටර් 60ක පමණ දුරක් දිව ගොස් එල්ල කළ විස්මිත ගෝලය නම් අතිවිශිෂ්ට බව කවුරුත් පිළිගනිති. එම ගෝලය ලෝක පාපන්දු සම්මේලය හඳුන්වන්නේ ‘සියවසේ ගෝලය‘ ලෙසිනි. 

තරගයෙන් පසු මැරඩෝනා මෙසේ කීවේය.

‘ආ..පළමු ගෝලය ද..? ඔව් ඒක මැරඩෝනාගේ හිසින් පොඩි සපෝට් එකකුත්, දෙවියන්ගේ අතින් පොඩි සපෝට් එකකුත් ලැබුණු ගෝලයක්. ‘  ඉන් අනතුරුව මේ අපකීර්තිමත් ගෝලය හඳුන්වනු ලැබුවේ ‘දෙවියන්ගේ අත‘ නමිනි. 

පෞද්ගලික ජීවිතයේ හැලහැප්පිම් අනන්තවත් තිබුණත් ඔහුගේ ජිවිතය සැමදා සතුටින් ගෙවී ගියේය. ලොව පුරා රූමත් කාන්තාවන් සමග යහන් ගත වූවත් මැරඩෝනා විවාහ වූයේ එක් වරක් පමණි. ඔහු 1984දී විවාහ වූයේ  ක්ලෝඩියා විලාෆේන් සමගිනි. ඇය ඔහුගේ දිගුකාලීන පෙම්වතිය වූවාය. ඔවුන්ට දියණියන් දෙදෙනෙකි. 

පසුකලෙක වෙරෝනිකා ඔජේඩා නම් වූ ගුරුවරියක සමග වසර අටක් පෙමින් වෙලි සිටි මැරඩෝනා 22 හැවිරිදි  රෝසියෝ ඔලිවාට පෙම් කරද්දී ඔහුගේ වයස අවුරුදු 53කි. තද කුකුල් කේන්තිකාරයකු වන මැරඩෝනා අතින් මේ දෙදෙනාම වරින් වර පහර කෑමට ලක්වී තිබිණි. 

ඔහු කාලයක් කොකේන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේය. එය ප්‍රසිද්ධියට පත්වූයේ අසූගණන්වලදී ඉතාලියේ නාපෝලි ක්‍රීඩා සමාජයට  ක්‍රීඩා කළ යුගයේදීය. ඒත් මැරඩෝනා කොකෙන් භාවිත කරන්නට වූයේ ඊට කාලයකටත් කළිනි. ඔහු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සමග ගුටිබැට හුවමාරු කරගත්තේය. අවිනීත අයුරින් තමා ඇමැතූ ක්‍රීඩාලෝලීන් කිහිපදෙනකු ද ඔහුගේ ප්‍රහාරයට ලක්වී තිබිණි.  පුවත්පත් වාර්තාකරුවන්ට මැරඩෝනා යනු රස සාගරයකි. ඔහුට කාන්තාවන් නැතිවම බැරිවිය. මැරඩෝනා කාන්තාවන්ට පා පන්දුවට තරම්  ම ආදරය කළේය. ඒ සියල්ල එක්තැන් වූ පසු මැරඩෝනා වෙනම චරිතයකි. තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට හෝ ඇති ප්‍රතිරූපය රැක ගැනීමට හෝ ඔහුට වුවමනාවක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ මැරඩෝනා ලෙසින් ජීවත් වීම පමණි. ජීවිතය විඳීම පමණි.

හොඳම කතාව කීවේ සර්බියානු චිත්‍රපට අධ්‍යක්ෂ එමීර් කුස්ටුරිකා ය. 

‘මේ මිනිහා කවුදැයි මම මගෙන්ම ඇහුවා. මේ ෆුට්බෝල් මැජික්කාරයා කවුද? ජාත්‍යන්තර පාපන්දු පිටියේ මේ සෙක්ස් පිස්තෝලය කවුද ? කොකේන් ඇබ්බැහි වුණු ඒත් පස්සේ කාලෙක ඉන් මිදුණු, ශේක්ස්පියර්ගේ කතාවේ ෆැල්ස්ටාෆ් වගේ මහත් වුණාට ස්පැගති නූඩ්ල්ස් වගේ දුර්වල මිනිහා කවුද ?   අමෙරිකානු චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ඩි වෝර්හොල් හිටියා නම් මැරිලින් මොන්රෝට හා මාඕ සේ තුංට තරම් තැනක් ඔහුටත් ලැබෙනවා සහතිකයි. මම අවබෝධ කරගත්තු දේ නම් මේ මිනිහා ෆුට්බෝල් කාරයෙක් නොවුණානම් අනිවාර්යයෙන්ම විප්ලවකාරයෙක් වෙන්න ඉඩ තිබුණා.‘

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් හැදුණු සුපිරි නළු නිළියන් ගායකයන් ප්‍රතිකාර සඳහා හලාවතට…

Next Post

නැගෙනහිර කොවිඩ් අවදානම තහවුරු වෙයි… කල්මුණේ පාසල් වසා දැමේ…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.