බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

තාත්තාගේ පලිය පුතාගෙන් ගන්න ගෝත්‍රික ක්‍රිකට්… හෂාන්ගේ පුතා නිසාම ප්‍රමෝද්‍යලාගෙන් කැපෙන උවිඳු?…

පුද්ගලික කෝන්තරවල ඇරියස් ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වළ කපන හැටි....

by editor
ජූලි 11, 2023
in නියුට්‍රල් අම්පයර්
Uvindu

උවිඳු තිලකරත්න

Share on FacebookShare on Twitter

neutral-ampayerදුවිදු තිලකරත්න යනු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්නගේ පුත්‍රයාය.

විසි හය හැවිරිදි මේ වමත් දඟ පන්දු යවන්නා දැන් වසර කිහිපයක් මුළුල්ලේ ප්‍රමුඛ පෙළ අන්තර් ක්‍රීඩා සමාජයීය ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කරයි.

මේ වන විට ඔහු පළමු පෙළ කඩුළු 170 කට වැඩියෙන් දවා ගෙන තිබේ. එක තරග වාරයක වැඩියෙන්ම කඩුළු දවා ගත්තේද මොහුය.

අපේ රටේ ජාතික කණ්ඩායම නියෝජනය කළ බොහෝ ක්‍රීඩකයන්ගේ පුතුන් පාසල් මට්ටමේ හා ක්‍රීඩා සමාජ මට්ටමේ ක්‍රීඩා කළත් බන්දුල වර්ණපුරගේ පුත් මාධව වර්ණපුර හැරුණු කොට වෙනත් කිසිම පුතෙකු ශ්‍රී ලංකා ඒ පිලක් හෝ නියෝජනය කොට නොමැති අතර ටෙස්ට් පිලක් කිසිවකු නියෝජනය කර නොමැත.

මේ සඳහා කිට්ටුවෙන්ම සිටි ක්‍රීඩකයා දුවිඳුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වරක් ටෙස්ට් පිලට කැඳවන්න ඔන්න මෙන්න කියා තිබියදී දුවිඳු ආබාධයකට ගොදුරු වීම නිසා එම අවස්ථාව ලැබුණේ ප්‍රවීන් ජයවික්‍රමටය.

මුල් තරග කිහිපයේ ඔහු සාර්ථක වුවද පසු කාලයේ ලසිත් ඇඹුල්දෙණිය යළි කණ්ඩායමට කැඳවීමත් ඔහුටත් පසුව කැඳවූ ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමේ ස්ථාවර වීමත් නිසා ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් කණ්ඩායමෙන් විසි වුණද සීමිත පන්දු වාර කණ්ඩායම සමග තරග නොවැදී වුවත් සංචාර කිහිපයකට සහභාගි වීමට තරම් වාසනාවන්ත විය.

ඒ ප්‍රමෝද්‍ය, කළු ඇතුළු තේරීම් කමිටුවේ සාදර අනුග්‍රහයෙනි. මේ අතර ලොම් හැලුණු සඳකැන්ද සුපුරුදු ලෙස සංචාරකයකු ලෙස තරගාවලි කිහිපයකටම සහභාගි වූයේය.

ඒ ඔහුගේ සැඟවුණු කළමනාකරුට පිං සිද්ධ වන්නටය.

මේ වන විට 96 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එකිනෙක විරසකව සිටිති.

තේරීම් කමිටුවේ සිටින දෙදෙනකුම හෂාන් සමග සිටින්නේ අමනාපයෙනි.

ඒ අමනාපයේ පළිය ඔවුන් ගනු ලබන්නේ හෂාන්ගේ පුත්‍රයාගෙන් බව ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ රහසකි.

මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග පිලකට තේරුණු දුවිඳු පසුගියදා පැවැති 2023 ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියට තේරුණු නමුත් ඔහුගේ නම වෙන්දේසියට ඉදිරිපත් වෙද්දී කණ්ඩායම් මේසොවල සිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ බිම බලාගෙන සිටිනු දක්නට ලැබිණ. එහිදීද ඔහුට අවස්ථාවක් නොලැබිණ.

දුවිඳු ගිය සතියේත් අන්තර් ක්‍රීඩා සමාජ තරගයකදී කඩුළු 6 ක් ලබා ගත්තේය.

ටෙස්ට් පිලට කෙසේ වෙතත් පකිස්ථානය සමග පුහුණු තරගයටවත් දුවිඳු නැත. යළි කැඳවීමක් ලබන්නට අන්තර් ක්‍රීඩා සමාජ මට්ටමේ කැපී පෙනුනු කිසිවක් නොකළ ප්‍රවීන් එම කණ්ඩායමට ඇතුළත් ය.

එළඹෙන නැගී එන ක්‍රීඩකයන්ගේ ආසියානු කුසලාන කණ්ඩායමේවත් ඔහු නැත.

මේ වන විට ලොව ඕනෑම රටක සුදු පන්දුවෙන් ක්‍රීඩා කරන කණ්ඩායමක වමත් දඟ පන්දු යවන්නකු සිටියත් එසේ නොමැති එකම කණ්ඩායම ශ්‍රී ලංකාවය.

එහෙත් කණ්ඩායමේ සිටින දඟ පන්දු පුහුණුකරු හිටපු වමත් දඟ පන්දු යවන්නෙකි.

ඔහුටවත් දකුණත් දඟ පන්දු යවන්නන් කොතෙක් සිටියදී වමත් දඟ පන්දු යවන්නකු හදා ගන්නට උවමනාවක් නොමැත.
ඔහුගෙන් උපදෙස් ගත් බොහෝ දඟ පන්දු යවන්නන්ගේ තිබුණු රිද්මයත් නැති වන බව ප්‍රකට කරුණකි.

පළිගැනීමකින් අවස්ථාව අහිමි කෙරෙන මෙම වමත් දඟ පන්දු යවන්නාද මෙම අසාධාරණය ඉවසා ගත නොහැකිව රට හැර යාම නියතය.

කලින් කලට එන තේරීම් කමිටු වල කැපිලි නිසා මෙසේ රට හැර ගිය ක්‍රීඩකයන් ගණනද සුළු පටු නොවේ.

නියුට්‍රල් අම්පය

Tags: නවතම
Share69Tweet43
Previous Post

එවරස්ට් අසළදී අතුරුදන් වූ හෙලිකොප්ටරය කඩා වැටිලා – යානයේ මෙක්සිකානු ජාතිකයන් 5ක්

Next Post

මොනතරම් අනතුරු වුනත් කොටලීය පාලම අලුතෙන් හදන්න විදිහක් නෑ… මහාමාර්ග ඇමති බන්දුල කියයි!

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.