ශ්‍රියානි විජේසිංහ –
මනම්පිටිය කොටලීය පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 300ක් ඇස්තමේන්තු කර ඇති නමුත් ණය ප්‍රතිව්‍යුගතකරන ක්‍රියාවලිය හේතුවෙන් අනතුරු සිදුවුවද එය ප්රතිසංසකරණය කිරිමට මේ මොහොතේ ලංකා රජයට හැකියාවක් නොමැති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
මීට වසර 5ට පමණ පෙර මෙම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට මාර්ග සංවර්ධ අධිකාරිය තක්සේරු කර ක්‍රියාකාරි සැලැස්මක් සාදා තිබෙන බවද ඇමතිවරයා පෙන්වාදේ.
කෙසේ නමුත් මෙවැනි අනතුරුදායක පාලම් විශාල සංඛ්‍යාවක් රටතුල පවතින නමුත් ඒවා මේ මොහොතේ ප්‍රතිසංකරණය කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු කියයි.