බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා නියුට්‍රල් අම්පයර්

කාටත් නොපෙනන තේරීම් කමිටුවේ ඇත්ත!

by Lanka Sara Editor
අගෝස්තු 26, 2023
in නියුට්‍රල් අම්පයර්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ඇති වෙන්න කතා පාර්ලිමේන්තුවේ කියනු අසන්නට ලැබිණ.

පාලකයන්ගේ වැඩ කිඩ ගැන බොහෝ අය කතා කළත් කණ්ඩායම තුළ සිදුවන අක්‍රමිකතා මෙන්ම තේරීම් කමිටුවෙන් ඇතැම් ක්‍රීඩකයන්ට සිදුවන කෙනෙහිලි ගැන කිසිවකුට අවබෝධයක් නොමැති බව පැහැදිලි විය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුව පත්ව දෙවසරක් ගෙවී යද්දී ඔවුන්ගේ තේරීම් ක්‍රම වේදය පිළිබඳ අප රටේ කිසිදු මාධ්‍යයකින් ප්‍රශ්න කිරීමක් හෝ විවේචනය කිරීමක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.

ඔවුන් පත්වූ මුල් සමයේ අනාගතය වෙනුවෙන් තරුණ ක්‍රීඩකයන්ට තැන දිය යුතු බව කියමින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් එකවර ටෙස්ට් හා එක් දින කණ්ඩායම්වලින් එළියට දැමීය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙහිදී ඔවුන් කළ මුල්ම වැරැද්ද වූයේ දිමුත් කරුණාරත්න එක් දින කණ්ඩායමෙන් ඉවත් කර දසුන් ශානක එක් දින හා විස්සයි විස්ස යන අංශ දෙකේම නායකත්වයට පත් කිරීමය.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් පවා ප්‍රමෝද්‍යගේ කතුරට කැපී ගියේ ශාරීරික යෝග්‍යතාව ඉදිරියේය.

මුලදී කි.මී. 2 දිවීම හා ස්කින් ෆෝල්ඩ්ස් මැනීම දරුණුවට සිදු වුවද දැන් එහෙම දෙයක් ප්‍රමෝද්‍ය ,කළු, හේමන්ත යන තේරීම් කමිටුවට මතකත් නැත.

දැන් එවන් පරීක්ෂණයක් තිබුණහොත් කණ්ඩායමේ භාගයකට වඩා සිටිය යුත්තේ එළියේය.

මෙය ප්‍රමෝද්‍යලාගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ හෙළුව හොඳින් පෙන්වන කරුණකි.

ඇතැම් ක්‍රීඩකයන් දිගින් දිගටම සංචාර තුළ මගියන් ( Passengers ) ලෙස සිටියදී ඇතැම් ක්‍රීඩකයන් ඔවුන්ගේ කතුරට කැපී යන්නේ කෙසේද යන්න ප්‍රශ්නාර්ථයට තුඩු දෙයි.

ප්‍රමෝද්‍යලාගේ කතුරට නිරතුරුව හසුවන ක්‍රීඩකයන් දෙදෙනෙකි අසිත ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න.

චාමික එළියට යන තවත් හේතු කිහිපයක් ඇත. ඔහුගේ ස්ථානයේ තරගකරුවා වන දසුන් ශානක ඇතුළේ සිටීමට නම් චාමික එළියේ සිටිය යුතු ය.

බෝන් අගේන් වීම ප්‍රතික්ෂෙප කිරීම හේතුවෙන් ඔහුට බෝන් අගේන් කල්ලියෙන්ද කැපිල්ලක් තිබිණ.

ක්‍රිකට් වෙළාගත් මේ බෝන් අගේන් මාෆියාව තවමත් ඉවර නැත.

ක්‍රිකට් ලෝලීන් අතර චාමිකගේ ජනප්‍රියත්වයද ඔහුට පාරාවළල්ලක් වී ඇත්තේ අනෙකුත් ක්‍රීඩකයන්ගේ ඉරිසියාවටද එය හේතුවක් වීම නිසාය.

ලංකා ප්‍රිමියර් ලීගයේ තරගයකදී එකම වරදට ඔහුටත් කුසල් මෙන්ඩිස්ටත් දෙවිදියකට දඩ ගැසුණේත් යම්කිසි සංවිධානාත්මක ක්‍රම වේදයක් නිසාය.

අසිත ප්‍රනාන්දුටත් බෙදන හැන්ද වෙනස්‍ ය.

මුල්ම එක් දින තරග වරම් ලබා වසර පහක් ගතව ඇතත් අසිතට මේ දක්වා දී ඇත්තේ එක් දින තරග පහක් පමණි. ඒ වසරකට එක තරගයක් බැගිනි.

ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඔහු ලබා ගත් හතරේ පහර දෙක නොවන්නට ශ්‍රී ලංකා පිලට අවසන් තරගයට ඒමට හෝ අවසානයේ ආසියානු කුසලාන දිනා ගැනීමට හෝ හැකි නොවන්නට තිබිණ.

එම සංචාරය අවසානයේ නම් කළ ලෝක කුසලාන සංචිතයෙන් ඔහු කැපී ගියේ හැමෝම පුදුමයට පත් කරවමිනි.

එම කණ්ඩායමට අනුමැතිය දුන් ක්‍රීඩා ඇමතිවරයාටවත් එය නොපෙනීමද කැපී පෙනුණි.

මීළඟ ආසියානු කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරද්දීත් අසිත හෝ චාමික ගේ නම් නොඑන්නේ ප්‍රමෝද්‍යලාගේ කුමක් හෝ අභිලාශයක් හේතුවෙන් විය යුතුය.

වැඩි කලක් නොගොස් ඇතැම් අඩු දස්කම් දක්වන ක්‍රීඩකයන් 15 තුළ සිටීමත් එකම ක්‍රීඩකයන් වරින් වර කිසිදු දස්කමක් නොදක්වා ඇතුළට ඒමත් අසිතලා,චාමිකලා වැනි ක්‍රීඩකයන් කැපී යාමත් සිදුවන්නේ කෙසේද යන්න එළියට එනු ඇත.

එය එළියට එන්නේ ඇතැම් විට එන්සීසී පිටිය පැත්තෙන්ද විය හැක.

නියුට්‍රල් අම්පයර්ටද එතෙක් සුළු කලක් ඉවසා සිටීමට සිදු වනු ඇත.

ඇත්ත කිසිවිටෙක සඟවා තැබිය නොහැක.

නියුට්‍රල් අම්පයර්

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආදි වාසී ප්‍රජාව දළඳා සමිඳුන්ට වාර්ෂික මී පැණි පූජාව සිදු කරයි

Next Post

චීන නැවේ ආරංචියත් එක්ක ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මාසයේ මුල ශ්‍රි ලංකාවට

Related Posts

නියුට්‍රල් අම්පයර්

පිච් එක උඩ බූරු ගහන තැනට වැට්ටූ ක්‍රිකට් සූදුව නවත්වන්න රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට මාළිමා ආණ්ඩුවට පුලුවන් ද?

නොවැම්බර් 30, 2024
නියුට්‍රල් අම්පයර්

නම් මාර්කට් කළත් ගමට සෙතක් නැති LPL ක්‍රිකට් කෙරුවාව!

ජූලි 3, 2024
ක්‍රීඩා

තුට්ටු දෙකේ  හිඟන්නන්ට ක්‍රිකට් භාර දී සිටුවරු වැනි ක්‍රීඩකයින් ගැන හීන නොදකින්න…

ඔක්තෝබර් 11, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.