ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2 සහ 3 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු ජනාධිපති රනිල්ස වික්හරමසිංහ මහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.
ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයා ත්‍රිකුණාමලයට ද පැමිණීමට නියමිත අතර එහිදී දෙරට අතර ඉදිකිරීමට නියමිත ඉන්ධන නළ පද්ධතිය පිළිබඳව ද නිරීක්‍ෂණය කිරීමට නියමිත බව එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.
ඉනදීය ආරක්ෂක අමාත්‍යවරයා මෙම සංචාරයට තිරණය කරන්නේ චීනයට අයත් සමුද්‍ර පර්යේෂණ නෞතාවක් වන Shi Yan 6 නෞකාව ශ්‍රි ලංකාවට ඇතුළු වීම සඳහා මේ වනවිට අවසර ඉල්ලා ඇති බව වාරතා වීමෙන් පසුව වීමද විශෙෂත්වයකි. මෙම නෞකාවේ පැමිනීම මේ වනවිට ඉන්දීය ආරක්ෂක අංශවල පූර්ණ අවධානයට යොමුව ඇති අතර එයට ශ්‍රි ලංකාවට පැමිනීමට අවසර දීම සම්බන්ධයෙන් යම් කණස්සල්ක පළවී ඇති බවද වාර්තා විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී දෙරට යා කෙරෙන ඉන්ධන නළ පද්ධතියක් සහ පාලමක් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කෙරිණි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අදාළව දෙරට අතර අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.