ඉන්දීය සාගර දූපත් ක්‍රීඩා උළෙළේ සමාරම්භක උත්සවය සඳහා මැඩගස්කරයේ ජාතික ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සාහ කළ ක්‍රීඩා ලෝලීන්ගේ තෙරපීමකින් අවම වශයෙන් 13 දෙනෙකු මිය ගොස් 80 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව එරට අගමැති පවසයි.
තුවාල ලැබූවන්ගෙන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව අගමැති ක්‍රිස්ටියන් නට්සේ පැවසීය.
41,000ක ධාරිතාවකින් යුත් මහමසිනා ක්‍රීඩාංගණයේ තෙරපීමකට හේතුව කුමක්ද යන්න තවම සොයා ගෙන නැත.
“අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණා. ඇතුල්වෙන තැන තෙරපීමකුත් තිබුණා. තුවාල කරුවන් බොහෝමයක් සිටියා. අපි තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයක් රකිමු, මන්ද ඔවුන්ට ඇතුළු වීමට අවශ්‍ය වූ විට ඔවුන් මිය ගොස් ඇති නිසා” ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා ක්‍රීඩාංගනයේ සිටි පිරිසට පැවසීය.
නිශ්ශබ්දතාවයෙන් පසු ලේසර් සංදර්ශනයක් සහ ගිනිකෙළි සංදර්ශනයකින් උත්සවය දිගටම පැවැත්විණි.