සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දකුණු අප්‍රිකානු පිල තරගය තමන් දෙසට නතු කරගනී…..

by editor
දෙසැම්බර් 28, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (27) තරගය නිමා වනවිට ශ්‍රී ලංකා කණඩායම සියලු දෙනාම දැවී ලබා ගත් ලකුණු 396ට ප්‍රභල පිළිතුරක් ලබා දෙමින් කඩුළු හතරක් දැවී ලකුණු 317ක් ලබා සිටියේය.

ඊයේ තරය ආරම්භ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ කඩුළු හයක් දැවී ලකුණු 340ක් ලෙසිනි. කසුන් රාජිත සමග දසුන් ශානක නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. දෙවන දිනයේ දී කසුන් රාජිත ලකුණු 12කටත්, විශ්ව ප්‍රනාන්දු සහ ලහිරු කුමාර ලකුණු නොලබාමත් දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් දසුන් ශානක නොදැවී ලකුණු 66ක් ලබා ගෙන හුදකලා සටනක ආදර්ශය පෙන්නුම කළේය.

ශ්‍රී ලංකා ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 396කට සීමා විය.

අනතුරුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවෝ මුළුමනින්ම තරගය  සිය ග්‍රහණයට නතු කරගත්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළේ ඩෑන් ඊ්ගල් හා ඒඩින් මාක්‍රම් විසිනි. පළමු කඩුල්ල සඳහා ඔවුහු විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩ නගමින් ලකුණු 141ක් දක්වා ලකුණු පුවරුව නැංවූහ. එය වර්ෂ 2017න් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායමක පළමු කඩුල්ල සඳහා ගොඩනැගුණු හොඳම සම්බන්ධතාවය විය.

ඩෑන් ඊ්ගල් හා ඒඩින් මාක්‍රම් බලාපොරොත්තු ඉපදවූ පළමු කඩුලලේ සබඳතාව අතර.

එම සබඳතාව බිඳ දමමින් ඒඩන් මාක්‍රම් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් එදිරියේ දැවී ගියේ දසුන් ශානකගේ දක්ෂ උඩපන්දු රැකීමක් හමුවේය. අනතුරුව පිටියට පැමිණි    රසෙයි වැන් දුස්සේන් ලකුණු 15 ක් ලබා සිටිද්දී දෙවන කඩුල්ල ලෙස ලහිරු කුමාරට ගොදුරු විය. ඒ වනවිට   මුළු ලකුණු සංඛ්‍යාව 200ක් විය.

තුන්වන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ඩෑන් ඊගල් දැවී යන්නේ ඊට පන්දු 4කට පසුවය. ශතකය පෙනෙන මානයේ,  හතරේ පහර 16ක් සමගින්  ලකුණු 95ක් ලබාගෙන සිටි ඔහු   දසුන් ශානකගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් දී දැවී යන්නේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 200 දීමය. පන්දු පහක් තුළ එකම ලකුණක්වත් නොදී කඩුළු දෙකක් දැවී ගියේය.

ඉන් අනතුරුව පිටියට එක් වූයේ ෆෆ් ඩු ප්ලෙසි සහ ක්වින්ටන් ඩි කොක්ය.  ඩි කොක් සිව් වන කඩුල්ල ලෙස ලකුණු 18කට දැවී යන්නේ වනිඳු හසරංග ගේ මංගල ටෙස්ට් කඩුල්ල ලෙසිනි. ඒ වනවිට දකුණු අප්‍රිකානු ඉනම  ලකුණු 240ට කඩුලු 4ක් විය.

අනතුරුව ඩු ප්ලෙසිට එක් වන ටම්බා බවුමා දකුණු අප්‍රිකානු ඉනිම බලාපොරොත්තු සහගත තැනකට රැගෙන ආවේය. දෙවන දිනයේ තරගය අවසන් වනවට ඩු ප්ලෙසි හතරේ පහර 9ක් සමග ලකුණු 55ක් ද බවුමා හතරේ පහර 4ක් සමග ලකුනු 41 ද ලබා සිටියේය.

දකුනු අප්‍රිකාව ලකුණු 317 ට කඩුලු 4කි.  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පෙන්වූ විශිෂ්ටත්වය ජාත්‍යන්තර විස්තර විචාරකයන්ගේ ද ඇගයීමට ලක් විය. ඔහු තරගය ඔහුගේ තරගයක් බවට පත් කරගෙන තිබිණි.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටි පිතිකරු ධනංජය ද සිල්වාට මෙම තරගාවලිය අහිමි වී ඇත. පිටියේ දී ඇති වූ ඔහුගේ ආබාධ තත්වය හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙම තරගාවලියෙන් ඉවත් වීමට ඔහුට සිදු වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරාධ රැසක සැක කරුවෙක් වේයන්ගොඩ දී පොලිස් වෙඩි පහරින් මරුට

Next Post

ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.