බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ගණිත ක්‍රමයකට පුහුණු වී ඉතිහාසය වෙනස් කරමින් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ගණිතඥ ක්‍රීඩිකාව

by editor
ජූලි 31, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඔලිම්පික් රන් පදක්කම් ලාභිනියක් කියා සැනින් අපේ සිහියට නැගෙන්නේ සිය මුලු දිවියම ක්‍රිඩාවට කැප කළ තැනැත්තියක් පිළිබඳවයි.

ඕනෑම ක්‍රීඩාවකම ලොව පැවැත්වෙන වාඩාත්ම තරඟකාරී ඉසව්ව ඔලිම්පික් උළෙලීදි පැවැත්වෙන බැවින් එහි රන් පදක්කමක් ලබා ගැනීමට බොහෝ ක්‍රිඩක ක්‍රීඩිකාවන් කුඩා කල සිටම අසීමිතිව පුහුණු පුරුදුවීම් සිදු කරයි.

ඒ හේතුවෙන්ම බහුතරයකට තමන්ගේ ජීවිතයේ අනෙක් වැදගත් කඩයිම් බොහොමයක් මඟ හැරීමට සිදුවෙයි. එහිදී ඇතැමුන් ක්‍රීඩාවට ඇති ලැදියාව නිසාම තමන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා මඟ හරවා ගත් අවස්ථාද එමටය.

මන්ද ඒ ඔලිම්පික් තරඟයක් ජය ගැනීම සුලු පටු නොවන බැවින් සහ ඒ සඳහා ලෝකයේම සිටින දක්ෂතම තැනැත්තා වීමට විශාල කැපකිරීමක් කිරීමට සිදුවෙන බැවිනි.

එහෙත් මෙවර ඔලිම්පික් තරඟාවලියේදී එම සියලු කියමන් උඩු යටිකුරු කිරීමේ සිදුවීමක් වාර්තා විය.

ඇය නමින් ක්‍රීඩිකා ඇනා කීසන්හෝෆර් වන අතර මෙවර ඔලිම්පික් උළෙලීදී ඕස්ට්‍රියාව නියෝජනය කරමින් කාන්තා මාර්ග පාපැදි ධාවන ඉසව්වට එක්වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

 

Ana
ඇනා කීසන්හෝෆර්

ඇය 2017 වර්ෂයේදී වෘත්තීය පාපැදි ධාවනියක් බවට පත්වූ තැනැත්තියක් වන අතර ඇය වඩා වසර ගණනාවක පළපුරුද්දක් ඇති අවස්ථා ගණනාවක ජයග්‍රහණ රැසක් දිනා ඇති තරඟකාරිණියන් විශාල සංඛ්‍යාවක් පරදා කිලෝමීටර් 147ක දුරකින් යුත් ධාවන තරඟ ජය ගැනීමට සමත්වීම සුවිශේෂ කාරණයක් විය.

ධාවන තරඟයේදී ඇය ලෝක ශූරතා පදක්ම්ලාභී තරඟකාරියන් ගමන් කළ පොකුරේ රැඳි සිටීමට සමත්වූ අතර අවසන් කිලෝමීටර් 40 දී ඇය එම පොකුරෙන් මිදී කිසිවෙකු නොසිතූ ලෙසින් ඔලිම්පික් රන් පදක්කම තමන්ට අයත් බවට ලොවමට සනාථ කිරීමට සමත් වූවාය.

කීසන්හෝෆර් සිය තරඟය පැය 3යි තත්ත්පර 45කදී නිමා කිරීමට සමත්වූ අතර ඇය රීදි පදක්කම දිනූ හිටපු ලෝක ශූරියට වඩා තත්ත්පර 75කට වඩා අඩු කාලයකින් තරඟ නිමා කළාය.

එහෙත් ඇය අන් ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී වන්නේ ඇගේ පසුබිම් කතාව හේතුවෙනි. තවමත් තිස් හැවරිදි වියේ පසුවය ඇය ගණිතය පිළිබඳ ආචාර උපාධිධාරිණියකි.

ඇය සිය මූලික ගණිතය පිළිබඳ උපාධිය වියානා තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් සම්පූර්ණ කරන ලද අතර ඇගේ පශ්චාත් උපාධිය කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන්ද ආචාර්ය උපාධිය කැටලෝනියා විශ්ව විද්‍යාලයෙන්ද ලබා ගැනීමට සමත්විය.

සිය ජයග්‍රහනය සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර ඇත්තේ මෙවැන්නකි. “ තරඟ ආරම්භ කරන්න පෙර සිටම මට පොඩි බලාපොරොත්තුවක් තිබුණා. ඒත් ඇත්තටම බලනකොට මම මේක ජයගන්න සුදුසු නැහැ කියලා හිතෙනවා.”

“කිසිම කෙනෙක් මම දිනයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම මටත් ජය කණුව පසු කරන මොහොතේ දී අදහාගන්න බැරි වුනා.” යනුවෙනි.

ඇය පවසන පරිදි ඇගේ පවුල් පසුබිමේ කිසිවෙකු පාපැදි ධාවනය පිළිබඳ ලොකු ඇල්මක් තිබූ පිරිසක් නොවේ. එහෙත් තරඟයේදී ඇය පදක්කමක් දිනාගතහොත් සිය පවුලේ සාමාජිකයින්ට දැනෙන සතුට පිළිබඳ නිරන්තරයෙන් සිහිපත් කළ බවද මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

සී.එන්.එන් පුවත් සේවය ඇය ප්‍රකාශ කර ඇත්තේ  අපූරු කතාවකි

“ගණිතඥයෙක් විදිහට ලබාගත් දැණුම යොදාගනිමින් මම මගේ පුහුණුවීම් කළා. මම ඒ දැණුම යොදා ගනිමින් මගේ පෝෂණය ඇතුලු සියලුදෑ සැලසුම් කළා. මම ගොඩක් වෙලාවට තනියම කටයුතු කරන්න කැමති කෙනෙක්.”

“අනෙක් ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ පෝෂණය සහ පුහුණුවීම් සැලසුම් කරන්න සහයවෙන අය සිටිනවා. ඒත් මම ඒ සියල්ලම මගේ ගණිත දැණුම යොදාගෙන සිදු කළේ. ” යනුවෙන්ද ඇය සී.එන්.එන්. පුවත් සේවය ප්‍රකාශ කර තිබේ.

කීසන් හෝෆර් යනු මෙතෙක් පැවති ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළ සුවිශේෂී චරිතයක් නොරහසකි. ඇය ක්‍රිඩාව සහ අධ්‍යාපනය සමබරව පවත්වාගෙන යාමට හැකිබව සනාථ කිරීමට කදිම නිදසුනකි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ කලා ලෝකයේ අම්මාගේ නික්ම යෑම….

Next Post

නුවර එම්.සී.සී ගොඩනැගිල්ලේ ටෙන්ඩර් මගඩි වහන්න මාධ්‍යයට වාරණයක් දාලා  

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.