බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

අපේ කලා ලෝකයේ අම්මාගේ නික්ම යෑම….

by editor
ජූලි 31, 2021
in කලා
Share on FacebookShare on Twitter

මුහුණු පොත පුරාම ඇත්තේ මහා වේදනාත්මක සටහනය. මට හිතුනේ ඇය මුලු කලා ක්ෂේත්‍රයටම අම්මා කෙනෙක් වී සිටි බවය.

ඒ ආදරණීය අම්මා නික්ම ගොසිනි. ඇය ගමන් කරමින් සිටි කළු පාට හයිඑස් රථය අද අලුයම තලවාකැලය පසුකර ලිඳුල ප්‍රදේශයේ දී මාර්ගයෙන් පිටතට පැමිණ අඩි දෙසීයක පමණ කොත්මලේ ඔය පැත්තට වන්නට වූ ප්‍රපාතයට ඇද වැටී තිබිණි. රථය කුඩු පට්ටම් වී ඇයගේ ජීවිතය රැගෙන යද්දී රියදුරු පණ බේරාගෙන තිබේ. තුවාලයක් හො නැත. රියදුරු දැන් පොලිස් අත්අඩංගුවේය. පොලිසිය කීවේ රෝහල වෙත රැගෙන එන විටත් ඇය මියගොස් සිටි බවය.

අනතුරට පත් වාහනය

අද උදේ ඇයගේ සිරුර ළිඳුළ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබිණි. පශ්චාත් මරණ පරීක්ෂණයට සිරුර අනතුරුව නුවරඑළිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරනු ලැබුවේය.

සිරස නාලිකාවේ දිවිතුරා මෙගා ටෙලි නට්‍යයේ රූගත කිරීමකට සහභාගී වී නුවරඑලියේ සිට නැවත කොළඹ එද්දී ඇය මේ නිරපරාද අනතුරට ලක් වූවාය.

ඇය ගැන බොහෝ දේ මතක් කිරීම අසීරු නොවේ. මක් නිසාද යත් එකම මතයක් සේ ඇය නොමැකී ඇති බැවිනි. සුදු පැහැති ඔසරියකින් සැරසී බැල්මෙන් පවා පන්තිමය මහන්තත්වයක් ගෙනෙමින් වැඩවසම් සමාජයේ රදළ කාන්තාවකගේ භූමිකාව ඇය විසින් රූපණය කළ ආකාරය සිංහල සිනමාව හා රූපවාහිනී ටෙලි නාට්‍ය ඇසුරු කළ ප්‍රේක්ෂකයාට අමතක වන්නේ නැත.

එහෙන්ම දයාද්‍ර ගැහැණිකයකගේ වෑහෙන කරුණාව එක් බැල්මකින් මවමින් ඇය දැක්වූ භාව රූපණය ප්‍රේක්ෂකයන්ව එකහෙලා කම්පනය කළේය.

සුගතපාල සෙනෙරත් යාපාගේ හඳුන්වා දීමෙන් “පෙම්බර මධු” චිත්‍රපටයේ මේනකා නම්වූ උප ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට එක්වූ ඇය “කරුමක්කාරයෝ”, “කිරි මදු වැල්”, “ගෙදර බුදුන් අම්මා”, සළඹක් හඬයි”, “වන බඹරා”, “විජය ගීතා”, “ක්‍රිස්තු චරිතය”, “ඉන්දුට මල් මිටක්”, “තුන්වැනි යාමය”, “සුරබිදෙන”, “බිතු සිතුවම්” වැනි චිත්‍රපට රැසක රඟපෑවාය.

ඇය වේදිකාවේ ද කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කළ ශිල්පිනියකි. ඩී.බී නිහාල්සිංහයන්ගේ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයෙන් ඇය රූපවාහිනී රංග කලාවට එක් වූවාය. දයාබර බිරියක්, මවක් සමාජ සේවිකාවක් ලෙස ඇය සමාජය ආදර්ශයක් වූ මේ ගෞරවණීය ගැහැණිය මේ හදිසි අනතුරින් අප අතරින් සමු ගන්නා විට 75 වැනි වියේ පසුවූවාය.

දේහය ලිඳුල රෝහලේ තැන්පත් කර තිබූ අයුරු

මේ සිද්ධියේ දී තරම් මුලු කලා ක්ෂේත්‍රයම එකවර කම්පනය වූ අවස්ථාවක් මෑතකදී අප දැක තිබුණේ නැත. ප්‍ර වීනයන් මෙන්ම ආධුනික රංගන ශිල්පීහු ද ඇය පිලිබඳව උපන් සෙනෙහසින් යුතුව හෘදයාංගම සටහන් සිය සමාජ මාධ්‍ය ජාලා ගිනුම්වල සටහන් කළහ.

සමාජ මාධ්‍ය ජාලයේ ඇස ගැටුණු සටහන්…

ආදරණීය හයසින්ත් ආන්ටි. අද ඔයා නිහඩයි. ඒත් අපි අඩනවා. අපිට ගොඩාක් දුකයි… ඔයා අපි හැමෝටම අම්මා කෙනෙක්… ආදරණීය හයසින්ත් අම්මාට නිවන් සුවය පතමි.
දමිතා අබේරත්න

“නිර්මාණ වල මගේ අම්මාට රඟපෑ, රංගනයේදී ඇත්තම අම්මා කෙනෙක් වී සැබැ ජිවිතේත් ඔබ මට සැබෑම අම්මා කෙනෙක් වුණා… ඔබට නිවන් සුවය ලැබේවා හයිසින්ත් අක්කා – සුරාජ් මාපා

“එක්තරා කාලෙක දවස් හතේම පුංචි තිරේ මගේ අම්මා උනේ ඇයයි. මගේ විතරක් නෙවෙයි අපේ හැම නලුවෙක්ම එක දවසකට හෝ ඇයට අම්මා කියල ඇති. ඇය හමුවන හැම මොහොතම ඇගේ මුහුනේ තිබුනේ උතුරා යන ආදරය පමණි. අව්‍යාජ හිනාව තුල සැගවී තිබුනේද අව්‍යාජ සෙනෙහස පමනි. අවුරුද්දකට සැරයක් කවුරු හරි අසරණයෙක්ට රෝද පුටුවක් දන් දීම ඇගේ පුරුද්දක් . ඒ තව බොහෝ දේ දන්දෙන අතරතුරේ. කැමරාව ඉදිරියේ ග්ලිසරින් නැතිව කඳුලු සලන්නට හැකියාව ඇති ඇය විශිෂ්ඨ රංග පෞරුෂයකි.“

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“අද උදේ ඇය රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බව අසා මගේ හිත මොහොතක් නතර විය. ඇසට කදුලක් ආවේ පෙර භවයක හෝ ඇය මාගෙ අම්ම වෙන්න ඇති කියල හිතුන නිසාය. –ධනංජය සිරිවර්ධන“

ඔයා මගෙත් අම්මා… පුංචි තිරේදි…කාමරංගා සීනිවලට හොඳයි නේද දුව කියල ඒ කාලෙ ශූටිං එනකොට ලොකු කාමරංගා පාර්සලයක් අරන් එනවා. ඇවිත් හැමෝටම දෙනවා. මට ගෙදර අරන් යන්නත් පාර්සලයක් ගේනවා. ක්ෂේත්‍රයේ කාගෙත් ආදරය දිනා ගෙන, හැමෝම එක්ක සුහදව, බොහොම වගකීමෙන් වැඩ කළ රංගන ශිල්පිනියක්.

අනේ මෙච්චර ඉක්මණට යයි කියල කවදාවත් හිතුවෙ නෑ. රියැදුරෙක්ගෙ නොසැලකිලිමත්කම කළ විනාශයක තරම.. සුදු අම්මා….ආදරෙයි ගොඩාක්….ඔබතුමියට සුභ ගමන් – අයෝමි ශානිකා

මේ අතෝරක් නැති සටහන් අතර නෙත ගැටුණු කිහිපයකි. මේ වැගිරෙමින් අත්තේ ඇය ක්ෂේත්‍රයත්ට සිය රසික පර්ෂදයටත් ඉතිරි කර ගිය ආදරය ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මධ්‍යම පළාතේ ප්‍රජා පොලිස් ඇණ හිටී… ප්‍රධාන පුහුණු නිලධාරියාට කොවිඩ්…

Next Post

ගණිත ක්‍රමයකට පුහුණු වී ඉතිහාසය වෙනස් කරමින් ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ගණිතඥ ක්‍රීඩිකාව

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.