අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ක්‍රිකට් කෙල්ලෝ කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලිය අරඹති!

by editor
ජූනි 15, 2024
in ක්‍රීඩා
Sugandika=Kumari

ලකුණු 30කට කඩුළු 03ක් ලැබූ සුගන්දිකා කුමාරි...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 03කින් යුතුව පැවැත්වෙන එක්දින ජ්‍යාතන්තර තරගාවලියේ අද (15) පැවති පළමු තරගයෙන් කඩුළු 06ක විශිෂ්ට ජයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණඩායම සමත් වූයේය.

තරගය පැවැත්වූයේ සූරියවැව අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී ය.

මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 195කට සිමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 95ක් ඉතිරිව තිබිය දි කඩුළු 06ක මනරම් ජයග්‍රහණයක් ලබා ගන්නේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සියලුම ප්‍රාර්ථනා බිඳ දමමින් තරගාවලියේ මුල් වටයෙන්ම විසිවී ගිය පසුබිමකය.

තරගය පෙළ ගැසුනේ මෙසේය.

ලෝක සම්භාවනාවට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුගේ නායකත්වයෙන් තරග වැදුන ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරූහ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මුලින්ම පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 47.1 ක දී ලකුණු 195කට සියල්ලෝ දැවී ගියහ.

බටහිර ඉන්දීය කොදෙව් නායිකා හේලි මැතිව්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළාය. ආරම්භක පිතිකාරිණිය වූ ඇය හතරේ පහර 06ක් සමග ලකුණු 38ක් ලැබුවේය. ස්ටෆානි ටේලර් ලකුණු 33කි. ෂේමේන් කැම්ප්බල් ලකුණු 27කි.

පන්දු යැවීමේ දී වමතින් ඕතඩොක් පන්දු යවන සුගන්දිකා කුමාරි ලකුණු 30කට කඩුළු 03ක්,
දකුණතින් දඟ පන්දු යවන කවීෂා දිල්හාරි ලකුණු 41කට කඩුළු 03ක් ලැබුවේය.

අචිනි කුලසූරිය සහ නායිකා චමරි අතපත්තු කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු ඕවර 34.1ක දී ලකුණු 198ක් ලබාගෙන තරගය නිමා කළහ.

ආරම්භක පිතිකාරිණියන් යුගලවන විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු ආරම්භක කඩුල් වෙනුවෙන් ලකුණු 88ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගූහ. තරගයේ ජයග්‍රහණයට දැමු විශිෂ්ටම පදනම එය ය. විශ්මි ගුණරත්න හතරේ පහර 05ක් සමග පන්දු 51ක දී ලකුණු 40කි. නායිකා චමරී අතපත්තු පන්දු 36ක දී හතරේ පහර 06ක් සමග ලකුණු 38කි.

අංක 03 පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම හතරේ පහර 05ක් සමග පන්දු 53ක දී ලකුණු 44ක් ලැබුවාය. හසිනි පෙරේරා හතරේ පහර 07ක් සමග පන්දු 59ක දී ලකුණු 43කි. පන්දු 95ක් ඉතිරිව තිබිය දී කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට අත් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කතෝලික සභාවෙන් ජනාධිපතිට යෝජනාවක්!

Next Post

රුසියා – යුක්රෙන යුද්ධය නවත්වන සාම කථාවලට එක්වීම රුසියාව සහ චීනය ප්‍රතික්ෂේප කරයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.