අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කලකින් පැමිණි වනිඳු අමතක නොවන පන්දු යැවීමක… ලකුණු 19ට කඩුළු 07යි… ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් දිනුම්…

by editor
ජනවාරි 11, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කලකින් පිටියට පැමිණි වනිඳු හසරංග ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ සිම්බාබ්වේ කණ්ඩායම පරදවා  කඩුළු 08ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් වූයේය.

කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ සිම්බාබ්වේ කණ්ඩායම   සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට උත්සාහ කරනු පෙනුණි.   ආරම්භක පිතිකරුවන් වන ජොයිලොර්ඩ් ගුම්බි ලකුණු 26ක්  සහ ටකුඩ්ස්වනාෂේ කයිටනො ලකුණු 17ක් සහිව ලකුණු   43ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ල වෙනුවෙන්  ගොඩනැගූහ.

එහෙත්  වනිඳු හසරංග ලකුනු 19කට කඩුළු 07ක් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම සුනු විසුණු කළේය.

වනිඳු… ලකුණු 19ට කඩුළු 07 යි….

සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජොයිලොර්ඩ් ගුම්බිය. ඔහු ලකුණු 29ක් ලැබුවේය.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දු ඕවර 22.5ක් තුළ ලකුණු 96කට දැවී ගියේය.  මහීෂ් තික්ෂණ, ජනිත් ලියනගේ සහ ඩිල්ශාන් මධුශංඛ  කඩුල්ල බැගින් ලැබූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට  ෂෙවොන් ඩැනියෙල් කැඳවා තිබිණි. ඔහු ජාත්‍යාන්තර වරම් දිනා ගත්තේ අද තරගයෙනි.  ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට වනිඳු හසරංග කැඳවා තිබුණු අතර  දිගින් දිගටම පිතිකරණයෙන් අසාර්ථක වූ හිටපු නායක දසුන් ශානක කණ්ඩායමෙන් ඉවත් කර තිබිනි.

එහෙත් එක දිගටම අසාර්ථක වූ සිය පිතිකරණ රිද්මය අහිමිකරගත් අවිශ්ක ප්‍රනාන්දුව යළිත් වරක් කණ්ඩායමට තෝරා තිබුණු අතර ඔහු නැවතත් ලකුණු නොලබා දැවී ගියේය. අවිශ්ක ප්‍රනාන්දු තරග තුනේදී එක් හතරේ පහරකින් ලකුණු හතරක් පමණක් ලබා ගත්තේය.

එමෙන්ම සිය මංගල තරගය ක්‍රිඩා කළ ෂෙවොන් ඩැනියල් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට තමන්ට ඇති හැකියාව මේ සිය මුල්ම තරගයේ දී සහතික කළේ නැත. අතිශය අපහසුවෙන් පන්දුවට මුහුණ දෙමින් පන්දු 28ක් තුළ ලකුණු 12ක් ලබා අනවශ්‍ය පහරක් එල්ලකරමින් ඔහු දැවී ගියේය.

තරගයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුල ලකුණු 66ක්  ලබා ගත්තේය. ඊටය හතරේ පහර 09ක් සහ හයේ පහරක් ඇතුළත් වූයේය.

කුසල් මෙන්ඩිස් පන්දු 51ක් තුල ලකුණු 66 යි…

එහෙත් අප දුටුවේ කුසල් මෙන්ඩිස් සිම්බාබ්වේ වේග පන්දු යවන ක්‍රීඩක බ්ලෙසින් මුසරබානි ඉදිරියේ අවස්ථා ගණනක දැඩි අපහසුතාවයකට පත්වන ආකාරය ය. කුසල් මෙන්ඩිස්ගේ පැත්තේ අද වාසනාව තිබුණේය. ඔහු අවස්ථා හතරක දී මුසරබානි හමුවෙ අන්ත අසරණ වූයේය. දෙවැනි එක්දින තරගයේ දී ඔහු  මුසරබානිගේ පළමු පන්දුවෙන්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී ගියත් එය නිපන්දුවක් වූයෙන් ඔහු බේරුනේය. එහෙත් ඒ බේරීම වැදගත් නොවූයේ අනකේ අන්තයෙන් පන්දු යැවූ රිචාඩ් න්ගරාවාට ගොදුරු වූ බැවිනි.

කෙසේ වෙත්ත තරගය නම්බුකාර ලෙස දිනුම්ය. දෙවැනි තරගයෙන් ජය ගත්තත් ඒ නිග්‍රහශීලී ජයග්‍රහණය අවමානය අද වනිඳු නිසා බේරුණේය.

තරගයේ වීරයා වනිඳුය. තරගාවලියේ වීරයා ජනිත්ය. තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාව දිනුම්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්ත පනතට එරෙහිව ජාතික ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්!

Next Post

 2027 ලෝක කුසලානයට දැන්ම සැරසෙමු ලු… දේශපාලන මුහුණුවරක් ගත්තු   ප්‍රචාරක ව්‍යාපෘතියට කෝටි 02යි….  හරීන්ට මඤ්ඤං ද?  

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.