අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්ථානයට පරදියි… ගුල්බඩින් නබී ඇෆ්ගන් ක්‍රීඩකයන්ගේ කර මතින් යයි!

by editor
ජූනි 23, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • 2023 එක්දින ලෝක කුසලානයේ වෙන්න ගිය දේ ඈෆ්ගන් කණ්ඩායම නවත්වා ගනී. මැක්ස්වෙල් සහ ඇෆ්ගන් කණ්ඩායම අතර තරගයෙන් මැක්ස්වෙල් පරාදයි…

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දැවැන්ත පෙරළියක් සිදුවූයේය.  ලෝක කුසලානය දිනා ගනු ඇතැයි අප උපකල්පනය කළ කණ්ඩායම් අතර  සිටින ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල වී තිබිණි.

ඇෆ්ගනිස්ථානය ලබා දුන් ලකුනු 148ක ඉලක්කය ලබා ගැනීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි වූයේ නැත. ඉතිහාසගත පරාජයක් සහිතව ඔවුහු ලකුණු 127කට දැවී ගියහ.  ඇෆ්ගනිස්ථානය ලකුණු 21ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේය.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම ලැබූ ලකුණ සංඛ්‍යාවේ එකතුව ලකුණු 275කි. ඇෆ්ගනිස්ථාන සහ ඔස්ට්‍රේලියා විස්සයි 20   තරග ඉදිහාසයේ කණ්ඩායම් දෙකම එකතු වී  ලබා ගත්  අඩුම ලකුණු ගණන එයය.

ඊයේ   (22)  කිංස්ටවවුන්  සෙන්ට් වින්සන්ට් හි  ආනොස් වෙල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියානුවන්ය. ඔවුහු පන්දු රැකීම තේරූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇෆිගනිස්ථාන ආරම්භය විශිෂ්ට එකක් විය. මුල් කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණ සම්බන්ධතාවය ලකුණු 118කි. ආරම්භක පිතිකරුවන් දෙපළම අර්ධ ශතක ඉක්මවූහ. රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 60කි. පන්දු 49කට මුහුණ දී හතරේ පහර 4ක් හා හයේ පහර 4ක් ඔහු එල්ල කළේය.

ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 51කි. පන්දු 48කට මුහුණ දුන් සද්‍රාන් හතරේ පහර 6ක් එල්ල කළේය. පන්දු ඕවර 15.5 දී මුල් කඩුල්ල දැවී යන්නේ 118කට ය. එහෙත් ඉන් අනතුරුව එන කිසිම පිතිකරුවෙකුට ලකුණු අතරට එන්නට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ඉඩ නුදුන්හ. පන්දු ඕවර 20 අවසන් වනවිට ඔවුන්ට වාඩාත් පහසු ඉලක්කයක් සේ පෙනෙන ලකුණු 148කට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සීමා කරන්නට ඔස්ට්‍රේලියාවට හැකි විය. ජාත්‍යාන්තර විචාරකයින් පවා වැඩි බරක් තිබ්බේ  ඔස්ට්‍රේලියානු ජයග්‍රහණයටය.

පැට් කමින්ස් ලකුණු 28කට කඩුළු 03ක්, ඇඩම් සම්පා ලකුණු 28කට කඩුළු 02ක්,  මාර්කස් ස්ටොනික් ලකුණු 19කට කඩුල්ලක් ලැබුවේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම පැමිණියේය. ඇෆ්ගනිස්ථාන පන්දුකරණය ඔස්ට්‍රෙලියානුවන්ට එල්ල කළේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුන තරම් බිහිසුණු ප්‍රහාරයකි.  ආරම්භක පිතිකරු ට්‍රෙවිස් හෙඩ්ගේ කඩුල්ල ඇෆ්ගන් ආරම්භක පන්දු යවන්නා වූ නවීන් උල් හක් යැවූ    තුන් වැනි පන්දුවේ දී    කුඩු වී ගියේය. ඔහු ලකුණු ලැබුවේ නැත.

ඔස්ට්‍රේලියානු පතාක යෝධයා වූ ඩේවිඩ් වෝනර් ලකුණු 3කට දැවී යන්නේ මොහොමඩ් නබී ගේ පන්දුවක් හමුවේය. නූර් අහමඩ් ෂොර්ට් ෆයින්ලෙග් හි සිට උඩපන්දුවක් රැක ගත්තේය.

ඔස්ට්‍රේලියානු බලවත් පිතිකරණ ලයිස්තුව පෙරහර යනවාක් සේ එකා පිට එකා දැවී ගියේය.  මිචෙල් මාර්ෂ් ලකුණු 12කි.  මිචෙල් මාර්ෂ් ලකුණු 12කි. මාර්කස් ස්ටොනික් ලකුණු 11කි. ටිම් ඩේවිඩ් ලකුණු 02කි. මැතිව් වේඩ් ලකුණු 5කි. පැට් කමින්ස් ලකුණු 03කි. ඇෂ්ටන් අගාර් ලකුනු 2කි. ඇඩම් සම්පා ලකුණු 09කි.

කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් හුදකලා සටනක    ග්ලෙන් මැක්ස්වෙල් යෙදෙමින් සිටියේය.   මැක්ස්වෙල් පන්දු 41ක දී ලකුණු 59ක් ලැබුවේය.  යළි සිහිවෙමින් තිබුණේ 2023 නොවැම්බර් මන 07 වැනිදා ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති ඉතිහාසගත ලෝක කුසලාන තරග ය ය. ලකුණු 291ක ඉලක්කයක් හඹායමින් සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 7ක් ලකුණු  91කට දැවී ගොස් තිබූ අවස්ථාවේ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ විශිෂ්ටම ඉනිම ක්‍රීඩා කරමින් පාදයේ ආබාධයක් ද සහිතව පිටියට පැමිණි මැක්ස්වෙල් නොදැවී ද්විත්ව ශතකයක් සහිතව ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ආකාරය ඔහුගේ පිති කරණය තුළ පෙනෙමින් තිබුණේය.

නමුත් එදා කතාව ඊයේ වෙනස් විය.  15 වැනි පන්දු ඕවරයේ 4 වැනි පන්දුවේ දී    ගුල්බඩින් නබි එවූ පන්දුවකට බැක්වර්ඩ් පොයින්ට් හි පන්දු රැකි නූර් අහමඩ් විශිෂ්ට උඩපන්දුවක් බිම පෙරළී රැක ගත්තේය.

මැක්ස්වෙල් ලකුණු 59කට  දැවී යන්නේ කණ්ඩායම ලකුණු 106ක් ලබා සිටිය දී 6වන කඩුල්ල ලෙසිනි.

එතැන් සිට ලකුණු 21 තුළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම දවා ගන්නට ඇෆ්ගන් පන්දු යවන්නෝ සමත් වූහ.

විශිෂ්ටම පන්දු යැවීම ගුල්බඩින් නබී ගෙනි. නබී කණ්ඩායමට එක් වන්නේ පිතිකරණය ප්‍රමුඛ කරගත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසය. ඔහු දකුණතින් මද වේග පන්දු යවන්නෙකි. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් යනු කවරෙක්දැයි නබී අද ලෝකයට කියා දුන්නේය.

ඔහු පන්දු ඕවර 4ක් යවා ලකුණු 20කට ඔස්ට්‍රේලියානු කඩුළු 04ක් බිඳ හෙලුවේය. තරගයේ වීරයා වූයේ නබී ය. නබී ක්‍රීඩාගාරයට යන්නේ ක්‍රීඩකයින්ගේ කර මතිනි.  ඊවේ  මුළු ක්‍රිකට් ලෝකයම අමන්දානන්දයට පත් කළ ක්‍රීඩකයා ඔහුය.

එවැනිම වික්‍රමයක් ආරම්භක වේග පන්දු යවන නවීන් උල් හක් සිදුකළේය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 20කට කඩුළු 03කි.

අස්මතුල්ලා ඕමාර්සායි, මොහොමඩ් නබී, රෂීඩ් ඛාන් කඩුල්ල බැගින් ලැබූහ. රෂීඩ් සිය පන්දු ඕවර 4 තුළ ලබා දුන්නේ ලකුණු 23ක් පමණි.

මේ ජයග්‍රහණය සමග වුවද පළමු ඛාණ්ඩයේ ඉහළින්ම සිටින්නේ  අපරාජිත ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ය. ඇෆ්ගනිස්ථානය සහ ඔස්ට්‍රේලියාව තරග එක බැගින් පරාජය වී ඇතත් ලකුණු ලබා ගැනීමේ වේගය මත ඔවුන් ඇෆ්ගනිස්ථානයට  ඉදිරියෙනි.  තරග දෙකම පැරදුන බංගලාදේශය ලකුණු සටහනේ සිව්වන තැනය.

දෙවැනි ඛාණ්ඩයේ අපරාජිතව සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම මුල් තැනය. බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු ලබා ගැනිමේ වේගය මත  දෙවැනි තැනය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බංගලියන් ලකුණු 50කින් පරාදයි… ඉන්දියාව අපරාජිතව ඉදිරියට…

Next Post

කෑමවලට වහ දාලා… මන්නාරමේ  කපුටන් බල්ලන් බුරුතු පිටින් මිය යති!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.