ආසියානු කුසලාන තරගාවලියේ උණුසුම්ම හමුව ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ය. මේ තරගාවලියේ මුල් වරට අද ඉන්දියාව සහ පකිස්ථානය හමුවුයේය. මේ වනවිට පකිස්ථාන ඉනිම අවසන්ය.
ඉන්දියාව පකිස්ථානයට එල්ල කළේ බිහිසුණු ප්‍රහාරයකි. කාසියේ වාසිය දිනූ පකිස්ථානය පිතිකරණය තේරුවේය. පන්දු 120 තරගයේ පන්දු 63ක් නිලකුණු පන්දුය. එනම් ඕවර 10කුත් පන්දු තුනකට එක් ලකුණක්වත් ලබා ගැනීමට පකිස්ථානයට හැකි වූයේ නැත.
ඉන්දීය පන්දු යැවීම ඒ තරම් තියුණු විය. පිතිකරුවන් 5 දෙනෙක් ලකුණු 05ට අඩුවෙන් දැවී ගියහ. පකිස්ථානයේ මුල්ම කඩුල්ල දැවී යන්නේ ලකුණු පුවරුව 1 ලකුණක්ව තිබියදී ය. කඩුළු 6ක් ලකුණු 64ක් වනවිට දැවී ගොස්ය. ලකුණු 83 වනවිට පන්දු ඕවර 16.1කි
අප දකින්නේ එතැන් සිට පකිස්ථානු පසුපෙළ පිතිකරු මෙන්ම ආරම්භක පන්දු යවන්නා වූ ෂහීන් ෂා ඇෆ්රිඩිගේ විමතිය දනවන පිතිකරණය ය. අංක 09 පිතිකරු ලෙස පිටියට පැමිණෙන ෂහීන් ෂා ඇෆ්රිඩි පන්දු 16ක් තුළ නොදැවී ලකුණු 33ක් ලබන්නේය. ඊට දැවැන්ත 6 පහර 4කි. ඔහුගේ අසිරිමත් පිතිකරණය අවසානයේ දී පකිස්ථානය ලකුණු 127ක් තෙක් ඔසවා තැබුවේය.

පකිස්ථානය වෙනුවෙන් අංක 09 පිතිකරු ඇෆ්රිඩි හැරුණ විට සාර්ථක වන්නේ සහීබ්සාදා ෆර්හාන් පමනි. ඔහු පන්දු 44ක් දී ලකුණු 40ක් ලැබුවේය.
පන්දු යැවීමේ දී කුල්දීප් යාදේව් ලකුණු 18ට කඩුළු 3ක්, අක්සාර් පටෙල් ලකුණු 18 කඩුළු 2ක් ජස්පිට් බුම්රා ලකුනු 28ට කඩුළු 2ක්, හර්දික් පාණ්ඩ්‍යා පන්දු ඕවර 3ක දී ලකුණු 34කට කඩුල්ලක්, වරුන් චක්‍රවර්තී ලකුණු 24ට කඩුල්ලක්, ලැබුවේය.
විස්සයි 20 තරගයක දී ලකුණු 128 පහසු ඉලක්කයකි. මේ වනවිට ක්‍රීඩා ලෝලීන් බලා සිටින්නේ ඉන්දීය කණ්ඩායම පන්දු ඕවර කීයකින් මේ ඉලක්කය පසුකරනු ඇති ද යන්නය.







