ඉන්දියාව බලාපොරොත්තු රහිත විපතකය. කිං කෝලිලා කුජීත වී ඇත.
නවසීලන්තය සහ ඉන්දියාව අතර බැංගලෝර්හි දී ඊයේ (6) ආරම්භ වූ ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූයේ අදය. ඊයේ බැංගලෝරයට ඇදහැලුන ධාරානිපාත වරුසාව නිසා තරගයේ එක පන්දුවක්වත් යැව්වේ නැත.
දිනයක් අත්හැරුණ තගරය ප්‍රායෝගිකව ආරම්භ වූයේ අදය. මළ කෙළියක්ය. පළමු ඉනිමේ ඉන්දියාව ඉතිහාසගත විලිලජ්ජාවට සිය ප්‍රේක්ෂකයන් ඉදිරියේම ලක්වුනේය.
කාසියේ වාසිය ලැබුවේ ඉන්දියානු කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. එහෙම තේරීමක් ඉන්දියා ඉතිහාසයේ කවුරුත් තෝරා නැති බව නම් සහතිකය. පිතිකරණය ආරම්භ කළේ ශෂස්වි ජයිස්වාල් සහ රෝහිත් ෂර්මාය. ලකුණු 09 දී ෂර්මා ටිම් සවුතිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන්නේය.

ඉන් පසුව කිං කෝලිය. කෝලි ලකුණු නොලබා දැවී යන්නේය. ඒ් විලියම් ඔ්රුක් ගේ පන්දුවකට ග්ලෙන් පිලිප්ස් අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. දෙවැනි කඩුල්ලත් ලකුණු 09 දී බිඳෙන්නේය.
තුන්වැනි කඩුල්ල ලෙස සෆ්රස් ඛාන් ලකුණු නොලබා මැට් හෙන්ඩ්‍රි හමුවේ දැවී යන විට මුලු ලකුණු ගණන 10කි. ඉන් අනතුරුව ලකුණු 21ක තරගයේ ඉනිමේ හොඳම සම්බන්ධතාවය ගොඩනැගෙන්නේය. ඒ් ජයිස්වාල් සහ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අතරය. 4 වැනි කඩුල්ල ලෙස ජයිස්වාල් දැවී යන්නේ ලකුණු 31 දී ය.
ඉන් පසු ලකුනු 15ක් තුළ ඉන්දීය කණ්ඩායම දැවී යන්නේය. කේ.ඒල් රාහුල් ලකුණු නැත. රවීන්ද්‍ර ජඩේජා ලකුණු නැත. රවිචන්ද්‍ර අශ්වින් ලකුණු නැත. කුල්දීප් යාදේව් ලකුණු 2කි. ජස්ප්‍රිට් බුම්රා ලකුණකි. මොහොමඩ් සිරාජ් නොදැවී ලකුනු 4කි. වැඩිම ලකුණු රිෂාබ් පාන්ට්ගෙනි. ලකුනු 20කි.
ඉන්දියාව ලකුනු 46කට තම මවු රටේ තමන්ගේම ප්‍රේක්ෂකයින් ඉදිරියේ දැවී ගොසිනි. මුහුණ දුන්නේ පන්දු ඔ්වර 31.2ක් පමණි.
පන්දු යැවීමේ දී මැට් හෙන්රි සිය ටෙස්ට් ජීවිතයේ හොඳම පන්දු යැවීම කලේය. ඔයු ලකුණු 15කට කඩුළු 05කි. වියිලම් ඔ්රූට් ලකුණු 22කට කඩලු 04කි. ටිම් සවුති ලකුණු 08කට කඩුල්ලකි.

ඉන්දියාව නිරුවත් වන්නේ මේ තණතීරුව තුළ නවසීලන්තය ඉන්දියාවට පහර දුන් ආකාරය දකින විටය. නවසීලන්ත අංක 2 ක්‍රීඩක ඩෙවොන් කොන්වේ ලකුණු 91කි. ඒ් පන්දු 105ක් තුළය. ඊට හතරේ පහර 11කි. හයේ පහර 3කි. ශතකය පෙනි පෙනී ඔහු දැවී ගියේය.
විල් යන්ග් ලකුණු 33කි. නායක ටොම් ලැතම් ලකුණු 15කි.
රචින් රවීන්ද්‍ර නොදැවී ලකුණු 22ක් සහ ඩැරිල් මිෂෙල් නොදැවී ලකුණු 14ක් සමග කඩුල්ලේය. නවසීලන්තය මුල් දිනය නිමා වනවට කඩුලු 03කට ලකුණු 180කි ඔවුන් දැනට ලකුණු 134ක් ඉදිරියෙනි.
අමතක නොකළ යුත්තේ මේ තරගාවලි පරාජයක් සමග ශ්‍රී ලංකාවෙන් ගිය නවසීලන්ත කණ්ඩායම බවය. ඉන්දියාව මේ වනවිට මහපොළොවට බැස සිටිනු දැකීම තරගයක් දිනුවා හා සමාන හැඟීමක් උපදවන්නේ මට පමණක් දැයි මම කල්පනා කරමි.







