අයි පී එල් 2022 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 06 ක ජයක් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.
මුම්බායි හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ළකුණු සංඛ්‍යාව 131 ක් වාර්තා කළේය. නායක මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 50ක් ලැබීය.
ඉලක්කය පහසුවෙන්ම හඹා ගිය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 03 ක් අවසානයේ කඩුලු 04 ක් ජයග්‍රහණය සනිටුහන් කළේය. අජින්ක්‍යො රහානේ 44 ක් ලබා ගත්තේය.
අද දිනයේ දිල්ලි කැපිටල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගයකුත් – පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් අතර තරගයකුත් පැවැත්වීමට පැවැත්වීමට නියමිතය.







