අජන්ත කුමාර අගලකඩ –
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මන්ත්‍රී කණ්ඩායම තුළ යම් බෙදීමක් මීට පෙරද ඇති වී තිබූ නමුත් අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ඇමැති බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත එය සමථයකට පත් වී තිබිණි .
එසේ වුවද ,රට තුළ මතුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එළිපිට මත ප්‍රකාශ නිකුත් කිරීමත් සමඟ මෙම මත ගැටුම යළි හටගෙන ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ .
මේ තත්වය තුළ, පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමක් ඇති වී තිබෙන බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ .







